
(ගයාන් සූරියආරච්චි)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
චැනල් 4 නාළිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනකට පිල්ලයාන්ගේ හිටපු ලේකම්වරයකු බව කියන පුද්ගලයකු ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක සදහන්කළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍යවරයා කැදවා තිබුණි.
හිටපු අමාත්‍යවරයාට ඉකුත් 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd