ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකිකයන්ගේ උත්සව සඳහා දේවස්ථාන වෙන් කැර ගැනීමේදී සිදු වන ප්‍රශ්න මගහරවා ගැනීම සඳහා වෙරෝනා කතතෝලික සභාව භාර ඇන්ටන් රංජිත් පියතුමන් අනුගමනය කරන්නට යන ක්‍රියා මාර්ගය අනුමත කරන බව වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥාණානන්ද හිමියෝ කියති.
වෙන් කැර ගත් ශාලා කලට වේලාවට භාර නොදීම,නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරීම බීමතින් රංඩු සරුවල් කිරීම නිසා ශ්‍රී ලාංකිකයෝ ද අපහසුවට පත්ව සිටිති.
ඇන්ටන් රංජිත් පියතුමාගේ යෝජනාව වී ඇත්තේ ශාලාවක් වෙන් කැර ගැනීමේදී තම කාර්යාලයට මුදලක් තැන්පත් කිරීමයි.ශාලාව ආපසු භාර දීමේදී නිසි පරිදි කොන්දේසි කඩ කැර ඇත්නම් එම තැන්පත් මුදලින් ශාලාව යථා තත්ත්වයට පත් කළ හැකි බවත් එමගින් ප්‍රශ්න රැසක් මගහරවා ගත හැකි බවත් පියතුමා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් දන්නේ නැහැ පල්ලියේ වැඩ වලට පන්සලේ අනුමැතිය මොකටද කියල. මේ කියන උත්සව සියලුම ආගම් වලට පොදු සිංහල අලුත් අව්රුද්ද වැනි උත්සව සැමරීමේදී පල්ලිය සුදානම් කළ උත්සවයකට පන්සල සහභාගී උනාට කමක් නැහැ. ආගමික සමගිය වැරදි විදීහට අර්ථ කථනය වෙලා වගේ තියෙන්නේ.(දී)
මමත් පිට රටක ජීවත්වන කෙනෙක්. අපේ රටේ මිනිස්සු මේ රටවල් වල සංගීත සංදර්ශන වගේ දේවල් පවත්වනවා. හැම උත්සවයකම ඉස්සර වෙන්නේ බෝතලේ තමයි. අනිවාර්යයෙන්ම රන්ඩුවකින් අවසන් වෙන්නේ. කිසිම උත්සවයකට සහභාගි නොවන විදියට තීන්දු කරලා තිබෙන්නේ. අශීලාචාරීකම අතින් අන්තිමයි. මේවා වෙනස් විය යුතුයි.(නදී)
ඕවා අපේ අය විහින් ඇතිකරගත්ත දේවල්. වරදක් නොපෙනේ.(නදී)
මෙවන් තත්වයක් උද යුතු ප්‍රයෝජන ගන්න උත්සහ කරන මිනිස්සුත් නැතුව නොවේ (දී)
ආගමික සහජීවනය නම් ඉතා වදගත් ලෝකෙටම ආදර්ශයක් (දී)