ඉතාලියේ වියාරේජ්ජෝ නගරයේ ශාන්ත අන්ද්‍රයා දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය සඳහා සභාභාගී වූ බැතිමතුන් ඉදිරියේ සියතින් තම ඇස් දෙක උදුරා දැමූ පුද්ගලයකු පිළිබඳව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. 46 වැනි වියෙහි පසුවන ඔහු තොස්කානා විශ්ව විද්‍යාලයයෙන් විශේෂ උපාධි තුනක් දිනා සිටින්නෙකි. සිය මව සමග දේව මෙහෙයට සහාභාගී වි සිටි අවස්ථාවේ ඇසුණු අද්භූත කටහඩකට අවනතව මෙසේ තම දෑස උදුුරා දැමූ බව ඔහු රෝහල් පොලිසියට පවසා ඇත. ඔක්තෝබර දෙවැනි දා මෙම සිදුවීම දැක දේව මෙහෙයට පැමිණි ඉතාලි ජාතික කාන්තාවෝ විශාල පිරිසක් සිහිසුන් වූහ. දේවස්ථානයේ පූජකවරයන් ඇතුළු තවත් පිරිසක් ඔහුගේ ක‍්‍රියාව වැලක්වීමට උත්සාහ දැරුව ද එයින් පලක් වී නොමැත. බිම තුබූ ඇස් දෙක පොලිස් නිලධාරීන් අයිස් උරයක බහා විගසින් රෝහල ට රැගෙන ගිය ද ස්නායවලට සිදු වී ඇති හානිය නිසා බද්ධ කළ නොහැකි බව වෛද්‍යවවරු කීහ. ඔහුට ඉදිරියේ අන්ධයකු ලෙස ජිවත් වීමට සිදු වෙතියි රෝහල් වෛද්‍යවරුන් පැවැසූ බව ඉතාලි මාධ්‍ය සඳහන් කරයි.
තම පුතා මානසික රෝගියකු නෙවන බව ද එම තැනැත්තාගේ මව පොලිසියට කියා ඇත.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප්පලවන්නා භික්ෂුණීන් වහන්සේත් ඇගේ රූපයට වශී වුණු තරුණයකුට ඇස් දෙක ගලවපා දුන්නා. ඒ තරුණයාත් සසරින් එතෙර වුණා. නමුත් මේ පුද්ගලයාට කුමන හඩක් කුමන අරමුණකින් ඇසුණේදැයි මම දන්නේ නෑ...
පිස්සු පුසෙක්