කළුතර කටුකුරුන්දේ අබාධිත හා වැඩිහිටි නිවාසයකට මහ රෑ පැන ආබාධිත දැරියකගේ ජංගම දුරකථනය හා ටැබ් පරිගණකය සොරාගෙන යද්දී පොලු පහරක්ද කා පැන ගිය බව කියන හොරා සොයා පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝ මීටර් 2ක් ගියේය.
ඉව ඔස්සේ ගෙදරකට ගිය ග්‍රේරෝගේ ඔත්තුව අනුව දෙමාසයකට පෙර හිරෙන් නිදහස් වී ආ පුද්ගලයකු එම ගෙදර සිටි බව සොයාගෙන ඇත. ඔහු ඒ අවස්ථාවේ නිවසේ සිට නැති බවත් පොලිසිය කියයි.
ඔහු අත් අඩංගුවට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරෙන් නිදහස්වෙලා එන්න හොඳට තමන්ගෙ දක්ෂතා දියුනු කරගෙන (නදී)
ග්‍රේරෝ...නුඹ කරනා මහගු සේවයට පින්...(බ)
පොලිස් නිලධාරීන්ට අපරාධ කරන්නවුන් අල්ලා ගැනීමට ඇප උපකාර කරන පොලිස් සුනඛ පිරිසට "පොලිස් සුනඛ වෙනුවට" " අපරාධ සෙවීමේ පොලිස් සහායක" කියා වෙනස් කිරීම කාලෝචිත බව පෙනේ.(ම)
හිර ගෙදර ගියා කියන්නේ ඉතින් අපරාධ පිළිබඳ උපාධාධාරියෙක් වෙලා නේ එලියට එන්නේ (අ)
හිරෙන් නිදහස් වී ආ පුද්ගලයා හැදිලා නැහැනේ.(ම)
නියම වැඩක් ග්‍රේරෝ හරිම දක්ෂයි වැඩියෙන් මස් දිය යුතුයි .(ම)