ශ්රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා අසත්‍ය කරුණු අන්තර්ගත වන වන වාර්තාවක් යැයි ශී්‍රලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ඊයේ (05) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට සහභාගී වී සිටි රාජ්‍ය නායකයින් අමතමින් කළ දේශනයේදී පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ නවී පිල්ලේ තම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද වන ප්‍රඥප්තිය උල්ලංඝණය වන අයුරින් නිර්මානය කර ඇති බවයි.රටක අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිඹද ප්‍රඥප්තියේ කිසිදු සදහනක් නැති වුවත් නවී පිල්ලේ මහත්මිය ප්‍රඥප්තියටත් එහා ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා කීය.
ඇයගේ වාර්තාවට සහය දෙන්නවුන්ට අවශ්‍යව ඇත්තේ ප්‍රතිසංස්කරණයන් හා සමාජය ප්‍රතිව්‍යුහ ගත කිරීම ඔස්සේ හිස ඔසවන ශ්‍රී ලංකාවේ ගමන ප්‍රමාද කිරීම බව ඔහු සෘජුවම චෝදනා කළේය.
නොනවත්වාම ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වීමට තැත් කරන මානව හිමිකම් කවුන්සිලය 30 වසරක යුද්ධයකින් පසු ශ්‍රී ලංකා රජය වසර 5 ක් වැනි කෙටි කාලයකදී රට නගා සිටුවීමට ගෙන ඇති පියවර නොසළකා හැර ඇතැයි අමාත්‍යවරයා තම දේශනයේදී පැවසීය.ජාතීන් රැසක් වාසය කරන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කි්‍රයාදාමය ඉතා සංවේදී කටයුත්තක් බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය කාලය ලබා නොදී කවුන්සිලය අසාධාරණ, අයුක්තිසහගත ඉල්ලීම් හා යෝජනා ගෙන එමින් ශ්‍රී ලංකාවේ ගමනට බාධා කරන්නේයැයි කීය.
ශී්‍රලංකාව හා සමාන තත්ත්වයන් ඇති වෙනත් රටවලට එක් විදියකටත් ශ්‍රී ලංකාවට තවත් විදියකටත් කවුන්සිලය සළකන්නේ මන්දැයි අමාත්‍යවරයා විමසීය.
කවුන්සිලයේ ආරම්භය සනිටුහන් කළ සදුදා (3) දිනයේදීම එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් මංගල සැසිවාරයේදීම කරුණු සදහන් කිරීමද අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා යනු ස්වාධීන, අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ යුතුවන පුද්ගලයෙකු වුවත් මහලේකම් වරයා සමුලූව ආරම්භ වන විටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත යුතු වන පියවර ගැන සදහන් කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කවුන්සිලය ගන්නා තීන්දු තීරණයන්ගේ සාධාරණත්වය සම්බන්ධයෙන් ගැටලූ ඇති කරන්නක් බව හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාවේ අත්කර ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිවිල් ජනයා සම්බන්ධයෙන් වන පාලන කටයුතු වලට හවුල්කරගෙන නැතැයි ඔහු පැවසීය. ආණ්ඩුකාරවරුන්, ආයතනයක පාලන මණ්ඩලය, ආදී තනතුරුවලට පුද්ගලයින් පත් කිරීමේ අයිතිය ඇත්තේ රටක රජයට බවත් නමුත් ශ්‍රී ලංකාවේ මේ කටයුතු සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව අනවශ්‍ය ලෙස මැදිහත් වන බවත් එය පැහැදිලිවම අන්තර්ජාතික සබදතා වල පරමාර්ථය උල්ලංඝණය කරන්නක් බවත් ඔහු චෝදනා කළේය.
ජාතික ගැටලූවට දේශපාලනික විසදුමක් ගෙන ඒමේ අරමුණින් පත් කෙරුණු පාර්ලිමෙන්තු තේරීම් කමිටුවට සහභාගී වීම දෙමළ ජාතික සන්ධානය පැහැර හැරීමද ඇමතිවරයාගේ විවේචනයට ලක්විය.දෙමළ ජාතික සන්ධාන සිතාමතාම රටේ ඉදිරි කටයුතු වලට බාධා කරන්නේයැයි පෙනී යන බවත් එසේ වුවත් ඔවුන් නොමැතිව හෝ පාර්ලිමෙන්තු තේරීම් කමිටුව තම වැඩකටයුතු සිදුකරගෙන යන බවත් ඔහු පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහකොමසාරිනී නවී පිල්ලේ ශී්‍රලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද වන කවුන්සිලයට ඉදිරිපත් කර තිඛෙන වාර්තාවේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණය කිරීමට රජය ගෙන ඇති පියවර විවේචනය කර තිබේ.ඇයගේ යෝජනාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමට හා අවශ්‍ය උපදෙස් ලබා දීමට අන්තර්ජාතික කමිටුවක් පත් කළ යුතු වේය යන්නයි.ඇමරිකාව ඇතුලූ බහුතර බටහිර රටවල් ඇයගේ වාර්තාවට දැනටමත් සහය පළ කර ඇත.කවුන්සිලයේ ඉතිරි සාමාජිකයින් වාර්තාවට කෙසේ පක්ෂපාතීත්වය දක්වන්නේදැයි දැනගත හැකි වන්නේ ඉදිරියටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියාවේ වෙසෙන සංක්‍රමිකයන්ගේ මානව හිමිකම් කඩ වෙන වාර අනන්තයි. ලංකාවේ වගේ කම්කරු සංගමයක් වක් ඒ අයට හදන්න අවසර නැහැ නීතියෙන්. වැඩ වාරණ වගේ දේවල් කිරීම හරහා රැකියාව උල්ලංභනය කරන්නත් පුළුවන්. එහෙව් රටේ ඉන්න බෑන් කීන් මුන් නේද මේ අනික් රටවල මානව හිමිකම් ගැන කතා කරන්නේ කියලා හිතෙනවා. ලෝකයේ 14 වන ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටේ එහෙම නම් අපි වගේ දියුණු වෙමින් පවතින රටක මානව හිමිකම් ගැන සැළකිය යුතු කොයි තරම් දේවල් පවතිනවාද.(නදී)
කෙවින් හා ඒ හා සමාන පිළිතුරු දෙන සැමට අපි මහම මහා තිරිසන් යුද්දෙකින් බැට කාල ඒක ඉවර කර ගත්ත විස්තරයි, ඒ දවස් වලත් මේ වෙන දේවල් තිබුනා. මීටත් වඩා තියෙන්න ඇති. ඒත් ඒවා යුද්දෙත් එක්ක බොහොම පොඩි සිදු වීම්. ඒත් මතක තියා ගන්න මේ රටේ අදටත් අපි කොළඹ බය නැතුව ඇවිදින්නේ "පිල්ලේ හරි තැන හෝ යු.එන්.පී එක හරි හින්දා නෙමෙයි. පක්ෂය මොකක් උනත් කොන්ද කෙලින් තියන් වැඩ කරපු හරි තීරණේ හරි වෙලාවට ගනිපු මහින්ද මහත්තයත් ගොටාභය මත්තයත් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිද හමුදවමත් නිසා. ගරහන්න එපා කාගෙවත් කියන දේ අහලා. නිකම්ම නිකන් දකින දේ හිතල විග්‍රහ කරන්න එපා. හැදු අම්මට වගේම මේ අහිංසක රටට ආදරය කරන්න. මොකද මේ රටේ වැඩුන අපි විතරක් නෙමෙයි බාල පරපුරත් ඉන්නවා රට හොදින් බාර ගන්න. ස්තුතියි. (නදී)
කියන්න ඕන දේ කට කෑවත් කියන්න ඕනේ. කතාව මසුරන් වටිනවා. නියම සිංහයෙක්. ඔහොමතමා එන්න ඕනේ.(නධී)
ලක්මාල් මහතණනි ඔබ තුමා ඉතාම නිවැරදියි මේවා හරියට නොතේරෙන්නේ මොලේ නැතිකමටයි.(නදී)
ස්තුතියි ලක්මල්.(නදී)
කෙවින් වගේ අය හිටියොත් රටට මොනවා වෙයිද. අපි ඉස්සෙල්ලා රටට ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයවත් ජනතා විමුක්ති පෙරමුණවත් නෙමෙයි රට ගොඩ ගත්තේ මහින්ද මහත්තයා.(නදී)
ලක්මල්ගේ කතාව අගය කරනවා. මහාචාර්ය තුමා රට වෙනුවෙන් යමක් කරවී යන්න විශ්වාසී. ඔබ තුමාට ජය!! (අ)
නියම කතාවක් (දිල්)
බොහොම හොද කතාවක් . (දිල්)
අපේ මහාචාර්ය තුමා විශිෂ්ඨයි! මගේ ප්‍රණාමය එතුමාට!(දිල්)
ඔය කොයි මහාචාර්ය තුමත් අපිට කියන්නේ එක දෙයක්. ඉංග්‍රීසි පත්තරයට තවදෙයක්. පිල්ලේට තවදෙයක් ඔක නොදන්න මෝඩයෝ කඩේ ගිහින් තවකාලික වින්දනයක් ලබනවා.(නදී)
ඔබ වැනි බුද්දිමත් පාලකයන් තමයි රටට ඕනා. නැතුව මීහරක් නෙවෙයි. ඔබට ජය.(නදී)
මහාචාර්ය තුමනි, ඔබ තුමාගේ දේශනය විශිෂ්ඨයි. (නදී)
අපේ රටේ මහා දවල් මිනිස්සු පැහැරගැන යනවා. දුෂණයට විරුද්දව කටක් අරින්ඩ බෑ.(නදී)
මෙතනම එක්කෙනෙක් ලංකාවට විරුද්ධව සාක්කි දෙන්න ඉන්නවා.(නදී)
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහාතා (05) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට සහභාගී වී සිටි රාජ්‍ය නායකයින් අමතමින් කළ දේශනය ඉතා අගේ කොට සලකමි.(නදී)
ලෝක බලවතුන් ඉදිරියේ දන නොගසා, ලංකාව නිදහස් ස්වාධීන රටක් බව ලෝකයට ප්‍රකාශ කල මෑත ඉතිහාසයේ අසන්නට ලැබුන රට වෙනුවෙන් කරන ලද විශිෂ්ට දේශනයක්. (අ)
කෙවින් සහ කිංස්ලි ලොස්ට, මිනිස්සු අතුරුදහන් උනා ඒ බටලන්ද වදකාගාරය සමයේදී. එතකොට මේ අප්පුහමිලා කවුරුවත් කටක් ඇරියේ නැහැ. අපේ ජි එල් අපේම රටට ආදරයෙන් කරපු ඒ වේගවත් කතාවෙන් අපි දැක්කා ඔහු තුළින් මතු වන දේශප්‍රේමය. පිල්ලෙයිගේ යෝජනා වලට නොබියව චෝදනා එල්ල කළා. අපි තේරුම් ගත යුතු එකම දෙය මෙයයි. අපේ ජි එල් තම හඩින් කතාකළේ අපි සැමගේ උවමනාවයි. අපිට පිල්ලෙයිවත් කැමරන්වත් ඔබාමවත් ඕන නැහැ. උන් අපිට කවදත් කිසි දෙයක් කරලා නැහැ. අපි පසුගිය වසර පහ තුළ නැගී සිටියේ තනිවමයි. මින් ඉදිරියටත් අපි තනිවම ගොඩ නැගිය යුතුයි.(නදී)
අවසානයට මොනවා වෙයි බලමු. (අ)
මොනවා උනත් කතාව නම් විශිෂ්ටයි.(දිල්)
බොරු ඔප්පු කල යුතුයි. කැ ගහලා වැඩක් නැත.(නදී)
හෙට වෙනදේ මොනවා උනත් අද දවසේ ඇත්ත වෙනුවෙන් පෙනී හිටීම අගය කරනවා ස්තුතියි.(නදී)
පොඩි එකාගේ ඇහේ කුණු රොඩ්ඩ බලන්න එනවා ,ලොකු එකා ගේ ඇහේ පොල් පරාල තියා ගෙන. තවමත් අපේ ලස්සන රට පාගාගෙන ඉන්නයි බටහිර ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ.(නදී)
නායකයෝ ඔහොම තමයි එන්න ඕනා.(නදී)
කෙවින්ගේ කතාව ඇත්ත. එම කතාව රටට විරුද්ධවීමක් නොව එවැනි මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරන අයට විරුද්දව කොන්ද කෙලින් තියාගෙන කියන කතාවක්. අපි ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට එවැනි දේට විරුද්දව කතාකරල ඒවා නිවැරදි නොකරන නිසා තමයි ජාත්‍යන්තරය අපිට ඇගිල්ල ඔසවන්නේ.(නදී)
කෙවින්, ඔයාට තාම සනීප මදි, තව ටික දවසක් ඉසකුඩිච්චි දාන්න එතකොට තරමක්වත් සනීප වෙයි.(නදී)