IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුල්ලි පැටියා කන්න නැතිව මැරේ

වව්නියාව කුරුමන්කාඩුවේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් මාස තුනක පමණ වයසැති කොටි පැටවකු සොයාගත් බවත්  දින ගණනාවක් නිරාහාරව සිටි එම කොටි පැටවා අද (29) උදේ මිය ගිය බවත් වව්නියාව වනජීවී අඩවි ආරක්ෂක එන්.ඩී.ලයනල් මහතා කියයි.

මෙම කොටි පැටියා විකිණිමට ගෙන එන්නට ඇතැයි පොලීසිය සැක කරයි. දම්වැල්වලින් ගැටගසා සිටි කොටි පැටවා වද හිංසා වලට ලක් වී ඇතැයිද ඔහු පැවසීය.

කෑම නැතිකමින් කොටි පැටවා මිය ගිය බව පශු වෛද්‍ය නිලධාරී  බී ගිරිධරන් මහතා කියයි. ලෝකයේ කොටි උප විශේෂ නමයක් හඳුනාගෙන ඇත. ඉන් ශ්‍රී ලංකාවේ වනාන්තරවල දක්නට ලැබෙන කොටියා පැන්තරා පාඩුස් කොටියා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වයි. එම සත්ත්ව විශේෂය වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇතැ ලෝක සංරක්ෂණ සංගමය කියයි. මියගොස් ඇත්තේ එවැනි සතෙකි.

fff2

 

 

 

 

 



අදහස් (0)

පුල්ලි පැටියා කන්න නැතිව මැරේ

කෙනඩි Saturday, 30 August 2014 03:53 PM

ශ්‍රි ලංකාවේ කොටියන් ඉන්නවාද? (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Saturday, 30 August 2014 02:56 AM

මේ වගේ අපරාධ වලට මොන වගේ දඬුවම් දුන්නත් මදි. (අ)

:       0       0

ඩයස් Friday, 29 August 2014 07:15 AM

මොහුට දැඩි දඬුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

රූපවතී Friday, 29 August 2014 07:23 AM

ලොකු අපරාධ මේවා. ඒ සතා කැලේ ඉන්න එකෙක් මිස ගෙදර තියාගන්නා ජාතියේ බල්ලෙක් නොවෙයිනේ? (නි)

:       0       0

වංචාවල පැතුම් Friday, 29 August 2014 07:28 AM

මොන ආගමක වුණත් කියන්නේ මේවා සහගහන අපරාධ කියලා. (නි)

:       0       0

නිහාල් Friday, 29 August 2014 07:33 AM

සතෙකුගේ ජීවිතයකටත් මෙහෙම වදහිංසා කරන අපරාධකරුවන්ට දඩුවම් පැමිණිය යුතුයි. (නි)

:       0       0

උදාර Friday, 29 August 2014 07:40 AM

මේක නම් අපරාධයක් (නි)

:       0       0

ලක්මාල් Friday, 29 August 2014 07:55 AM

මෙවන් ක්‍රියා සදහා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න. (නදී)

:       0       0

උපාලි Friday, 29 August 2014 08:03 AM

නඩුවෙන් බේරෙන්න කරන්න තියෙන දේ දන්නවනේ, නේද? (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 29 August 2014 08:48 AM

මෙවන් නරුමයන් ගෙන ගොස් බොහෝ කාලයක් වැලිකඩ බත් කන්න යොදවන්න. කැලේ සතෙක්ට වත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති පිසාචයෝ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 August 2014 09:10 AM

දැන් ඉතින් මේ මිනිහවත් දම්වැල් වලින් ගැටගහල කැලේට ගිහින් අත අරින්න ඕනා කොටි අම්මට කන්න (නදී)

:       0       0

කේට් Friday, 29 August 2014 09:32 AM

මොවුන්ට දැඩි දඩුවම් දෙන්න. මේ වගේ රටටම අයිති සත්ව සම්පත් විනාස කරනවට. (නදී)

:       0       0

අමන් ජයතුංග Friday, 29 August 2014 09:53 AM

මිනිසුන්ට මොනවා වෙලාද (නදී)

:       0       0

වීරා Friday, 29 August 2014 10:03 AM

මේවා කරන ලොකු පවු කාරයන්ටයි සල්ලි වලට වැඩ කරන ගෝලයන්ටයි දඬුවම් නැද්ද? ඒ ගැන දැන ගන්නයි අපිට ඕනේ? (නදී)

:       0       0

ජයත් Friday, 29 August 2014 10:19 AM

මූ මරුනේ කන්න නැතුව මුගේ ලොකු අප්පොච්චි මැරුනේ වෙඩි කාලා (නදී)

:       0       0

චාමර Friday, 29 August 2014 12:42 PM

හෙන ගහන අපරාධයක්නේ. සතෙක් ගැටගහගෙන කන්නෙ නොදී තියාගන්නෙ උන් මිනිස්සුද ? (නදී)

:       0       0

චමිල Saturday, 30 August 2014 11:08 AM

හෙන ගහනවා මේ වගේ අපරාද වලට, කිසිම හිතක් පපුවක්, නැති, රටේ සම්පත් රක ගන්න ඕනේ කමක් නැති ජාතියක් බවට අපි පත්වෙමින් ඉන්නේ...එක ලොකු කණගාටුවට කාරණයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site