ඉන්දීය රජයේ ආධාර යටතේ නවීකරණයට යෝජිත ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති පලාලි ගුවන්තොටුපළේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට උතුරු පළාත් මහ ඇමතිවරයා විරෝධය පළ කර ඇත.
යාපනය පලාලි ගුවන් තොටුපළ ඉන්දීය රජයේ ආධාර යටතේ නවීකරණයට ලක් කිරීමෙන් පලාලි ගුවන්තොටුපළ අවට ප්‍රදේශවල ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් හා ප්‍රදේශවාසීන්ගේ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකි බව පෙන්වා දෙමින් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා මෙලෙස විරුද්ධත්වය පළ කර ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග පවසයි.
එම ගුවන්තොටුපළ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පවතින භූමි ප්‍රමාණය පුළුල් කිරීමකට හෝ ඒ මඟින් ප්‍රදේශය අවට සිටින ජනතාවට අසාධාරණයක් හෝ අලාභයක් සිදු වෙනවා නම් තමන් ඊට විරුද්ධවන බව දන්වමින් විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට පෙන්වා දී ඇත.
මෙම ගැටලූකාරී තත්ත්වය ගැන උතුරු පළාත් මහඇමතිවරයා උගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනය සමඟද සාකච්ඡා කොට ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් මෙයාලම නේද ඉල්ලුවේ පලාලි ගුවන්තොටුපල ජාතියන්තර ගුවන්තොටුපලක් කරන්න ඕන කියලා. (ර)
උතුරු පළාතේ තිබෙන පලාලි ගුවන් තොටුපල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යන ගොඩ බැස්සවීමට හා පාලනය කිරීමට පමණක් පහසුකම් තිබේ නම් එය හොදටම ප්‍රමාණවත් දියුණු කල යුත්තේ රේඩාර් හා තාක්ෂණික ක්‍රියා කාරීත්වයන් පමණයි අනවසර ඇතුල් වීම හා නීති විරෝදී ක්‍රියාවන් පාලනය හා හදුනා ගැනීම දියුණු කර නිසි පාලනයකට යොමු කිරීම ප්‍රමාණවත් මෙය පුළුල් කිරීම හා නවීකරණය කිරීම මගින් අනවශ්‍ය ප්‍රශ්න අනාගතයේදී ඇති වීමට පුළුවන. (ර)
රෙජිට, හිටපු ජනපතිනිය නැතුවම බැහ වගේ. (ර)
ශාන සෞදි - නවීකරණය කිරීම මගින් ඇතිවන ප්‍රශ්න මොනවද ? (ර)
මටනම් හිතෙන්නේ පලාලි ගුවන් තොට ජාත්‍යන්තර මට්ටමට දියුණු කළ යුතුය කියාය .අදටත් කේරලය සහ මුළු දකුණු ඉන්දියවේම අය අපේ කටුනායක හරහා ගමන් කරනු දැකිය හැකිය . මන්ද ඔහුනට ඇති පහසුම මග එය බැවිනි . වේගයෙන් දියුණු වන ඉන්දියාව වැනි රටක ඉතාම පහසුවෙන් මේ සේවය පලාලි හරහා ලබාදිය හැක . රටක් දියුණු කිරීමට දුර දැක්මක් අවශ්‍ය වේ ! කතරක් වූ ඞුබායි අද පවතින තැනට දියුණු වීමට මෙවැනි ට්‍රාන්සිට් (TRANSIT ) සේවාව ඉවහල් විය (අ)
ශාන් සෞදි නොදන්නා උලාවක් කතා නොකර හිටියනම් නේද හරි සෞදියට වෙලා කියක් හරි වැඩිපුර හොයාගන්න බලන්න, පලාලි ගුවන් තොට පමණක් නෙවේ අපේ රටේ ගොඩක් දේවල් නවීකරණය කරන්න ඕනේ. (බ)
දැන් එයාලා කියන විදියටද ආණ්ඩුවට වැඩ කරන්න වෙන්නේ? (ර)
ටිකින් ටික බලලා මල්ලෙන් එලියට එනවා. (ර)
දැන් රටේ තීරණ ගන්නේ උතුරු පළාත් මහා ඇමතිද? (අ)
දැන් හරි තේරුම් ගන්න, මේ පළාත් සභා ක්‍රමය තේරුමක් නැහැ කියලා. මේ පළාත් සභා නිසා සංවර්ධන කටයුතු වලටත් අනවශ්‍ය බාධා සහ පරිපාලන ගැටලුත් ඇතිවෙනවා.(ම)
පලාලි ගුවන්තොට පාලනය කරන්නේ ශ්‍රී ලංකා මධ්‍යම රජය මිසක් උතුරු පළාත් සභාව නොවන බව උතුරු මහ ඇමැතිට අමතක වෙලා වගෙයි !!! රටට හිතකර දෙයක් කිරීමට හැමදෙනාගේම අදහස්, යෝජනා හෝ විරුද්ධත්වයන් බාර ගන්න ගියොත් රට යන්නේ ආපස්සට මිස ඉදිරියට නොවේ....මේ ටික උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි. (බ)
දැන් හැමෝම කිවුවේ සමහරු රට විකුණනවා කියලා. දැන් මොකද කියන්නේ? (නි)
අමල් අපේ රටේ ගුවන් තොටුපළවල් කීයක් තියනවද? එවන් කීයක් ගුවන් ගමන් සදහා පාවිචි කරනවද? ඔය ගුවන් තොටුපළවල් ගුවන් හමුදා යානා කටයුතු වලට පමණක් සීම වෙලා තියෙන්නේ වෙන කටයුත්තකට අපි ගන්නේ නැ අනෙක තමා විනගේශ්වරන් ඇතුළු කොටි හිතවාදීන් පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරන්න කියල කෑගහනවා ඒ මොකටද? මේවා තේරුම් අරන් කතා කරන්න අපේ රණවිරුවෝ ලේ දහදිය පුජා කරලා මවුබිම බේරා ගත්තේ අායෙත් උන්ට ඕනේ පදේට නටන්න නෙවේ දැන් උන්ට පමණක් සීමා උන පළාත් සභාවක් හදා දුන්න උන්ගේ මිනිස්සු විතරයි ඒ පළාතේ නැවත පදිංචි කරන්නේ කෝ 1980 කලින් හා 1983 කලබල වෙන්න කලින් උතුරේ උන්න සිංහල ජනතාවට කොහෙද?(බ)
ජය ලලිතාට මාළු අල්ලන්න අපේ උතුරු මුහුදට එන්න එපා කියන්න බැරිද? (බ)