ඉතාලියේ පලේර්මෝ නුවර තානාපති ජංගම සේවය අති සාර්ථක බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ මහතා එහි සිට එසැණට පැවසිය.
අද 500කට අධික පිරිසක් තානාපති කාර්යාල ගැටළු වලට විසදුම් ලබා ගත් බවත් එයින් සියයට අනු පහක්ම දෙමළ ජාතිකයින් බවත්, රාත්‍රී 12 වන තෙක් සේවය කරමින් පැමිණි සියලු දෙනාගේ ගැටළු වලට විසදුම් ලබා දෙන බවත් තානාපති කීවේය.
‘අදත් මේ වන විට වැඩ පටන් ගත්තා විතරයි 300ක් විතර පෝලිමේ ඉන්නවා. මගේ නිලධාරින් ගොඩාක් මහන්සි වෙනවා. අපිට තිබූ එකම ප්‍රශ්නය තමයි භාෂා ප්‍රශ්නය. හැබැයි එකටත් පලේර්මෝ නගරයේ ඉන්න සිංහල හා දෙමළ දන්නා අය උදව් කළා. ඒ වගේම ලංකාදීප පත්‍රයටත් මම ස්තුතිවන්ත වෙනවා මිනිසුන් දැනුම්වත් කිරීම ගැන.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේවය නම් අගය කලයුතුයි,හැබැයි ප්‍රශ්නයකට තිබෙන්නේ මේ සේවය දිගුකාලීනව පවත්වා ගෙන යාමයි, තානාපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සුබ පතමු. (දී)