සිංහල අවුරුදු සමයේ පැල්මඩුල්ල කෙටේතැන්න නීලගම පැල්මඩුල්ල අංක එක දෙමළ විද්‍යාලයේ ප‍්‍රධාන ගොඩනැගිල්ල අසලින් මැණික් පතලක් කපා දෝනාවක් බැස ඇතැයි මව්පියෝ පවසති.
ප‍්‍රධාන ගොඩනැගිල්ලේ අත්තිවාරම අසලින් අඩි හතක පමණ වළක් බැස ඉන්පසු ගොනැගිල්ල දෙසට අඩි දහයක් දොළහක් දෝනා ගොස් ඇතැයි ද කියති.
මෙම දෝනා කඩා වැටීම වැළැක්වීමට එහි බිත්ති ලැලි ගසා ශක්තිමක් කර තිබු බව ද ඔවුහු කියති. මේ සම්බන්‍ධයෙන් විදුහල්පති කහවත්ත පොලිසියට ද, අධ්‍යාපන බලධාරීන්ට ද පැමිණිකර ඇත.
දෝනාව ගිය ගොඩනැගිල්ලේ දරුවන් ඉගෙන ගන්නා නිසා දෙවැනි පාසල් වාරයෙන් පසු පාසල ආරම්භ කිරීමේදී දරුවන් ඊට ඇතුළු කිරිමෙන් ගොඩනැගිල්ලේ ශක්තියට ගැටලූ ඇතිවේ යැයි මව්පියෝ බිය පළකරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd