
(අංජුල මහික වීරරත්න)
පෝලිම් වල හිටපු මිනිසුන්ට ගෙවල් වලට යන්නට හැකියාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 25 වතාවක් රට ගොස් ජාත්‍යන්තර සහාය ගෙන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදුන් නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රනිල් 25 වතාවක් රට ගියා යැයි ආණ්ඩුවේ උදවිය කරන චෝදනා විහිළු සහගත බව කී අබේවර්ධන මහතා රනිල් එලෙස රට නොගියා නම් අද චෝදනා නගන අය ඇතුළු මුළු රටම තාමත් පෝලිම් වල බව සඳහන් කළේය.
රනිල් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රට ඔසවා තැබීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කළ නමුත් ඒ දේවල් තැන් තැන් වල කීමට කාලය වැය නොකළ බව අබේවර්ධන මහතා සඳහන් කළේය.
ගාල්ල හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහතා යමක් කළා තමයි. නමුත් මොන හේතුවක්ද මන්දා සාමාන්‍ය ජනතාව ඔහුව විශ්වාස කරන්නෙ නෑ. මේවර නම් මාලිමාවේ පච ලොරි වලට ජනතාව යට වුණා විය හැකියි. රටට හොඳක්.වෙනව නම් කවුරු වුණත් කමක් නෑ. පක්ෂ බදාගෙන ඉඳීම තමයි නරකම දේ.
රට බල්ලට ගියා, බල්ල රට ගියා වගේද මාත්තයෝ ...
රනිල් නොහිටියා නම් අද රට සිම්බාබ්වේ වගේ තමයි...
ලංකාවට කෙළවෙන්න එක හේතුවක් තමයි ඔන්න ඔය බකල ජයා වගේ ගැලරි අදහස් දරන මිනිස්සු සිටීම...
මෝඩ කතා...
අර ජනපති කාර්යාලයේ කුස්සියේ තිබුණු දේවල් දිහා බැලුවා නම් කාට කාටත් හිතාගත හැකි වෙයි රට ගියේ ඇයි කියලා?
මොන රටෙන්ද මහත්තයො ආධාර දුන්නේ .. ඉන්දියාව චීනය හැරෙන්න . මෙහෙම රට දුවන්නේ අයිඑම්එෆ් නිසා .. නැතුව රට සවාරි නිසා නෙවෙයි .
පෝලිම්වල හිටපු මිනිස්සු රටගියා ජීවත්වෙන්න විදිහක් හොයාගන්න. රටකාපු කාලකන්ණි ටික ගෙදරම යැව්වා මැතිවරණයෙන්. මේ වගේ හැතිකරේ හින්දා තමයි, රටට මෙච්චරම කෙළ වුණේ...
ඇත්තටම මේ මිනිස්සුන්ට පරාද වෙලාවත් ජනතාවගේ බලාපොරොත්තු හිතන්න මොලයක් ඇත්තේම නැද්ද මන්දා...?
අපි කවුරුත් දන්නවා රනිල් කවුද කියලා... ඔහේ මොනවා කිව්වත් රනිල් ඉවරයි.
රනිල් වික්‍රමසිංහ මහතා 25 වතාවක් රට රටවල ගිහිල්ලා ලන්කාවට ගෙනාව එක ආයෝජනයක් තමයි කුලියාපිටියේ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව... හැමෝටම අමතකවෙලා ඒ බව...!
මහ බැන්කුව හොරාකන්න ඉඩදීලා බලාගෙන හිටපු පින් ජනපතියා කෙරුවේත් දූෂිත පවුල් පාලනේ අයව රැකපු එක. 2048 වෙනකම් බලාගෙන ඉන්ඩනේ කිව්වේ රට ගොඩදානකම්...?
මෙයාලාගේ පක්ෂෙ හිටපු මහලේකම්තුමා වරක් ප්‍රසිද්ධියේ කිව්වා (මහලේකම් වෙන්න කලින්) පරපුරක් නැති කෙනෙක් පරපුරකට කරන්නේ කොහොමද කියලා? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා හිටියා නම් අනිත් ඒවාට කලියෙන්...