ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පාලිත පැල්පොළ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
හිස්වූ එම තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු වන ඒ.එන්.ආර් අමරතුංග මහතා පත් කරනු ලැබ ඇතැයිද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති සමයේ පෞද්ගලික ලේකම් වූයේ ද අමරතුංග මහතා ය.
ඉකුත් ජනවාරි මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ සැණින්ම ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්වීම් ලැබුවේ පාලිත පැල්පොළ මහතාය. ඔහු 1994 වසරේදී එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ගාමිණී දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැල්පොල යවයි - අමරතුංග එයි
දහම් Sunday, 08 November 2015 03:59 PM
අනේ මන්ද හැම තැනම වගේ අවුල්. (බ)
අමිත් Sunday, 08 November 2015 04:13 PM
ඒ කියන්නේ ඒ.ජා.ප.හිතවාදීන් එක්ක වැඩ කරන්න අමාරුයි කියලනේ.....? (බ)
විමුක්ති Sunday, 08 November 2015 07:12 PM
අනේ මන්දා! අපිත් ඉතින් වෙන දේ බලාගෙන ඉන්නවා (නි)
තිළිණ Sunday, 08 November 2015 09:14 PM
සුබ පැතුම්! (නි)
කුමාර Monday, 09 November 2015 12:17 AM
ඒක ඉතින් එතුමාගේ කැමැත්තනේ (නි)
උපාලි ගුණසේකර Monday, 09 November 2015 01:54 AM
අමරතුංග කෙළින් වැඩකළ / කරන දක්ෂ නිලධාරියෙක්. ජනාධිපතිතුමා හොඳ කෙනෙක් පත්කරගෙන තියෙන්නේ. (නි)
විජේපාල Monday, 09 November 2015 02:55 AM
අමරතුංග මහතා හොඳ කෙනෙක් (නි)
නාමල් සාගර Monday, 09 November 2015 04:32 AM
අමරතුංග මහත්මයාණෙනි, ඔබතුමාවත් අපේ ජනාධිපතිතුමාට අවංකව වැඩකරන්න. එතුමාගේ ගෞරවය ආරක්ෂා කරන්න. ඔබතුමාට සුභ පැතුම්! (නි)