ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පාලිත පැල්පොළ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
හිස්වූ එම තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු වන ඒ.එන්.ආර් අමරතුංග මහතා පත් කරනු ලැබ ඇතැයිද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති සමයේ පෞද්ගලික ලේකම් වූයේ ද අමරතුංග මහතා ය.
ඉකුත් ජනවාරි මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ සැණින්ම ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්වීම් ලැබුවේ පාලිත පැල්පොළ මහතාය. ඔහු 1994 වසරේදී එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ගාමිණී දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද හැම තැනම වගේ අවුල්. (බ)
ඒ කියන්නේ ඒ.ජා.ප.හිතවාදීන් එක්ක වැඩ කරන්න අමාරුයි කියලනේ.....? (බ)
අනේ මන්දා! අපිත් ඉතින් වෙන දේ බලාගෙන ඉන්නවා (නි)
සුබ පැතුම්! (නි)
ඒක ඉතින් එතුමාගේ කැමැත්තනේ (නි)
අමරතුංග කෙළින් වැඩකළ / කරන දක්ෂ නිලධාරියෙක්. ජනාධිපතිතුමා හොඳ කෙනෙක් පත්කරගෙන තියෙන්නේ. (නි)
අමරතුංග මහතා හොඳ කෙනෙක් (නි)
අමරතුංග මහත්මයාණෙනි, ඔබතුමාවත් අපේ ජනාධිපතිතුමාට අවංකව වැඩකරන්න. එතුමාගේ ගෞරවය ආරක්ෂා කරන්න. ඔබතුමාට සුභ පැතුම්! (නි)