පිලිපීනයට අයත් මින්දනාවෝ දූපත හරහා හමාගිය වැසි සහිත කුණාටුවෙන් හටගත් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 133 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
අධික වැසි ඇදවැටීම නිසා හදිසි ගංවතුර තත්ත්වයක් ද නායයෑම් ද පස්කඳු කඩා වැටීම් ද සිදුවී ඇත. ටුපොයිඩ් හා පියාගැපෝ නගරවලට බොහෝ හානි සිදුවී ඇති අතර ගල්පර්වත කඩා වැටී නිවාස බොහොමයක් බිමට සමතලා වී ඇතැයි පැවසේ.
ටෙම්බියන් ලෙස හඳුන්වා ඇති මෙම සුළි කුණාවෙන් පැයට කිලෝමීටර් 80ක පමණ වේගයෙන් සුළං හැමූ බවත් ඉන්පසු කුණාටුව පලවාන් දූපත දෙසට ගමන් කරමින් පවතින බවත් කාළගුණික අංශ පවසයි.
විදුලිය විසන්ධි විම හා සන්නිවේදන සබඳතා ඇණහිටීම හේතුවෙන් හා දිගින් දිගටම පවතිනe අයහපත් කාළගුණික තත්ත්වය නිසා මුදවාගැනීමේ කටයුතු වලට බාධා පැමිණ ඇතැයි සහන සේවකයෝ පවසති.


(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පිලිපීනයේ කුණාටුවකින් 133ක් මරුට