කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ගන්නා ලදැයි පොල්පතිගිම සමූපකාර සමිති සභාපති හා ඔහුගේ ගණගාධිකාරී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
ගාමිණී අතපත්තු හා ගණකාධිකාරී කිරි බණ්ඩා ඔවුහුය.
ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් තැන්පත් කළ රුපියල් දෙලක්ෂ හතලිස් දහසක තැන්පතුව මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂයක් ගත්තැයි අල්ලස් හෝ දූෂණ කොමිසම අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේම දෙලක්ෂ හැත්තෑ පන්දාහක් නැවත දෙන්න ලක්ෂයක් පගාව ගත්තම මොනවද ඒ මිනිහට ඉතුරුවෙන්නේ? පගාවක් ගත්තත් ටිකක් මනුස්සකම ඇතුව ගන්නකෝ. අල්ලස් පනතේ 'රජයේ සේවකයා' යන්නට සමුපේ කට්ටියත් ඇතුළත් බව මේ දෙන්නා හිතන්නෙ නැතුව ඇති. (නි)
මෙහෙම යන කොට දවසක අර කට්ටිය හැරුන කොට මුලු ලංකාවේම ජනයාට හිරගෙවල් වල තමයි ඉන්න වෙන්නේ.(නදී)