රජය මගින් පාලන මිලක් නියම කොට ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි මිලට විකුණන වෙළඳසැල් හා වෙළඳුන් ඇල්ලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වන විට දිවයින පුරා හදිසි වැටලීම් ආරම්භ කොට ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්උද්දීන් පවසයි.
තම අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කොට ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 ක උපරිම සිල්ලර මිල පමණක් බවත්, පාලන මිලට වැඩියෙන් ඒවා විකුණන වෙළඳසැල් හා ස්ථාන වටලා එම වෙළඳුන්ට හා ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් ඇමතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටලීම් සිදු කළාට වැඩක් වෙන්නේ නෑ.(හේ)