පොළොන්නරුව පිළිබඳ පුරාවිද්‍යාත්මක හා මානව විද්‍යාත්මක පර්යේක්ෂණ ව්‍යාපෘතිය පොළොන්නරු නගරය කේන්ද්‍ර කර ගනිමින් හෙට (28) ආරම්භ වීමට නියමිතය.
පොළොන්නරු නගරය බිහිවීම, ඓතිහාසික රාජධානියේ වර්ධනය , එහි ව්‍යාප්තිය පිළිබඳව මෙම පර්යේක්ෂණයේදී අවධානය යොමු කරන බව පුරා විද්‍යා පශ්වාත් උපාධි ආයතනයේ මාධ්‍ය හමුවකදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපති මහාචාර්ය ප්‍රියන්ත ගුණවර්ධන පැවසුවේය.
මධ්‍යම සංස්කෘතික අරමුදල, එංගලන්තයේ ඩැරම් විශ්ව විද්‍යාලය සමග එක්ව ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව , පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, නේපාලය, ඉන්දියාව හා බංගලාදේශයේ විශ්ව විද්‍යාල කිහිපයකදී සහය ලැබේ.
ඒ ඒ කාලයන්හි ප්‍රදේශයේ පැවැති තත්ත්වයන් පිළිබඳව විද්‍යාත්මක කාල නිරිණයන් සිදුකීරිමටත් එමගින් පොළොන්නරුව ලෝක උරුම නගරයේ ඓතිහාසිකත්වය මතු කරමින් සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම අරමුණු කරන බව ගුණවර්ධන කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පස්සේ හොඳ වැඩක් (අ)