
( කුෂාන් ජයවර්ධන)
හබරණ ප්‍රදේශයේදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ.
හබරණ දුම්රියපොල ආසන්න ප්‍රෙද්ශයකදි ඊයේ(28) රාත්‍රීයේ මෙම වන අලියා දුම්රියේ ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව මින්නේරිය වනජීවි නිලධාරීහු පවසති.
මියගොස් ඇති වන අලියා මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල සැරිසරමින් සිටි වයස අවුරුදු 05ක් පමණ වන එකෙකු බවට ද, මෙම වන අලියා මින්නේරිය වනෝද්‍යානයේ සිට කවුඩුල්ල වනෝද්‍යාය බලා දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී මෙලෙස දුම්රියේ ගැටී අනතුරට පත්වන්නට ඇතැයිද වනජීවී නිලධාරීහු අනුමාන කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd