
(ඉන්දිකා රාමනායක සහ පියදාස සමරවීර)
පදවිය මහසෙන්පුර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් සුළු ව්‍යාපාරිකයකු වූ 38 හැවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි පදවිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි සම්පත් නමැති (38) පුද්ගලයෙකි.
පොල්තෙල් ව්‍යාපාරයක් කරගෙන ජිවත්වන ඔහු රාත්‍රියේ නිවසේ සිටියදී යතුරු පැදි දෙකකින් ආ තිදෙනකු ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් 119 ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පදවිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd