( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - මහනුවර උසස් බාලිකා විදුහල පාසල් දරුවන් මුල් කර ගෙන ඔවුන් අතර පලතුරු ප්‍රචලිත කරවීමේ ජාතික වැඩ සටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද අනුග‍්‍රහය ඇති ව නැවුම් පලතුරු අලෙවි කිරීමේ කුටියක්  විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මිය විසින් විවෘත කෙරිණි.

පලතුරු වර්ග හතරක්වත් ඇතුළත් වන සේ ග‍්‍රෑම් 150ක පලතුරු භාජනයක් රුපියල් 25කට ද මිලි ලීටර් 200ක බීම වීදුරුවක් රුපියල් 20කට ද අලෙවි කෙරේ.