හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ල කාර්යයාලය අසල හේතුවක් නැතිව ගැවසෙමින් සිටි බව කියන හෝකන්දර පොලිතීන් එකතු කරන්නකු බව කියන පුද්ගලයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව ඔහුගේ ආරක්ෂක අංශ කියයි.මහින්ද රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේ එහි නොසිටි බව ද දැනගන්නට ඇත. එම පුද්ගලයා තලංගම පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුරි ..ඔයා ඇමෙරිකාවේ දැකල තියනවද ඔබාමා හරි බුෂ් ඉන්න තැන මිනිහෙක්ට තියා උඩින් කුරුල්ලෙකුට වත් පියාඹන්න පුලුවන්ද ? මමත් ඉන්නේ ඇමෙරිකාවේ තමා.රට බේරගත්ත නායකයා මරන්න කොටි වලි කනවා.ඔයාට ඕන ඒ මනුස්සය මරාගන්නද ? (බ)
කොටි රට පුරා බෝම්බ පුපුරවන කාලේ කොළඹ කුරුම්බා විකුණන අහිංසකයෙකු ලෙස කරත්තයක සඟවාගෙන ගොස් අධි බලැති බෝම්බයක් පුපුරවා හැරීය හැටි අපට තවම මතකයි. (ර)
පොලිතින් එකතු කරන මනුස්සයටත් මේ තරම් බයනම් රෑට කොහොම නිදාගන්නවා ඇද්ද ? (ර)
ඔය අල්ලාගත් මිනිහා ළඟ අවිආයුධ තිබුනද? මේවා තමයි නියම ආටක නාටක. ඔයාලා කියන්නේ රටේම ඉන්න හමුදාව හිටපු ජනාධිපතිගේ ආරක්ෂාවට ලබා දියයුතුයි කියලද? (නි)
පොලිතින් එකතු කරනකොට මහින්ද ඉන්න පළාතේ යන්න තහනම් කළා නම් හරි (නි)
චතුරි ඇමෙරිකාවට වෙලා කාගේ කුනුද දන් නැහැ හෝදන්නේ ? (ර)
කවුදෝ කෙනෙක් ලියා තියෙනවා , මහින්ද අපේ සිහින ජනාදිපති කියා , මම එය අනුමත කරමි , මොකද සිහින සිහින ලෙසම අපි නැගිටින නැතිවී යන සැබෑ නොවන දෙයක් නිසා. (ර)
බෝම්බ ජැකට් එකට කිව්වේ මාලු අල්ලන්න කියලනේ. ඒ වගේ වෙන්න ඇති මෙයත් පොලිතින් එකතු කරන්නේ. (නි)
මහින්ද මහත්තයාගේ ආරක්ෂාව තරකරන්න . අපගේ සිහින ජනපති ඔබයි.(හේ)
මහින්ද මහතාගේ ආරක්ෂාව ගැන සිංහලයෝ වශයෙන් අපි මීටවැඩිය හිතන්න ඕනෑ (නි)
සමහරු නැවත රජවීමට සිතා සිතීම, සිහිනයක්ම වේවා! (නි)
පෙර කවරදාටත් වඩා අද ඔහුට ආරක්ෂාව වඩාත්ම අවශ්‍යයි.(හේ)
චතුරි කියන බොරු! නිව්යෝර්ක් වල කොහෙද ඉන්නේ? කොලේ වහලා කතා කරන්නේ නැතුව ඇත්ත කියන්න (නි)
එතුමා රැකගැනීම අපගේ යුතුකමක් (නි)
ජය වේවා!! කවදාවත් නින්දෙන් නැගිටින්න බැරිවේවි. එය සැමදාම සිහිනයක්ම විතරක් වේවි (ම)
අද එතුමාගේ ආරක්ෂාව ගැන වදවෙන තරම් එතුමාගේ කාලේ අනිත් අයගේ ආරක්ෂාව ගැන වදවුණේ නැහැ. එතුමාගේ කාලේ විරුද්ධ පක්ෂයේ අයගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වුණාද? (නි)
රටට ආදරය කරන ජන නායකයා රැකගමු. ආරක්ෂාව තර කරන්න.(හේ)
පෙර කවරදාටත් වඩා අද ඔහුට ආරක්ෂාව වඩාත්ම අවශ්‍යයි.. මමත් එකගයි... (ර)
එතුමාව රැක ගැනීම අපගේ යුතුකමක්. (ර)
ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බැරි වේවි. (ර)
විපුලගේ කතාව හරි අපගේ සිහින ජනපති ඔබයි මේක ඉතින් සිහිනයක්ම පමනයිනේ... (ර)
නිම්මි, ඔයා මගේ කුණු හේදුවට මම නම් අනුන්ගේ කුණු හෝදන්නේ නැහැ. ඔයා කඩේ යනකොට ලොකු බෑග් එකක් අරන් යන්න මලික්. මට කොලේ වහන්න උවමනා නැහැ. මම ඉන්නේ නිව්යෝක් කුයින්ස් කියන පළාතේ (නි)
මහින්දට මෙච්චරම බය වෙන එකෙන් පෙනෙන්නේ ජනතා බලය ඔහුට බවයි. (ර)
අසරණ මනුස්සයින්ට කුණුගොඩක් ලග ඉන්න බැරි තත්වයක් අද මේ දේ ඇමරිකාවේ වුනානම් වන්දි මුදල් දෙන්න වෙනවා. (ර)
චතුරි කොහොමද නෙව්යෝක් සිට මොහු අසරනයි කියලා කියන්නේ. එක සිදුවෙන්න ඕන නිවැරදි පරීක්ෂනයකින් පසුවයි. (ර)
එතුමාට ආරක්ෂාව අවශ්යි. (ර)