කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන්කරමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය රාගමදී අතරමග නතරවීමෙන් මගීහු රැසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.
පැයක පමණ කාලයක් දුම්රිය නතරවී තිබූ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ගමනාන්තය කරා ළඟාවීමට නොහැකි බව දුම්රිය පාලනාධිකාරිය පවසයි.
රැකියා නිමවීමෙන් පසු නිවෙස් කරා යමින් සිටි මගීන් විශාල ප්‍රමාණයක් මෙහි සිටි බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ දුම්රිය ගමන මහම මහා එපාවෙලා. මේ වෙලාවට යන දුම්රියේ ගමන් කරන මගීන් ප්‍රමාණයට සාපේක්ෂව දුම්රියේ ඉඩ පහසුකම් හොඳටෝම මදි(ම)
ගොඩක් වෙලාවට වන දයක් මේක. හලාවත මාර්ගයත් හැමදාම ලෙඩ. එ්ත් තවමත් විසදුම් නැහැ. (ස)
අනේ දෙවියනේ, දැන් මේ මිනිස්සු ගෙවල් වලට යන්නේ කොහොමද? (නි)
මෙහෙම දුම්රිය නතරවුණාම දහදිය දාලම එපාවෙනවා. (නි)
ඇත්තටම සමුද්‍ර දේවි, සාගරිකා, රුහුණු කුමාරි, වෙලාවටම යනවා . දකුණු දිග දුම්රිය මාර්ගය හොඳයි. (ස)
මේකේ වැඩකරන මිනිස්සු දක්ෂ ලෙස ඒ කාර්යයන් කරන්න ඕනෑ. මේවා හොයලා බලලා හරියට කළයුතුයි නේද? (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. ඕක ඉතින් ලංකාවේ සාමාන්‍ය දෙයක්නේ. (නි)
දැන්වත් පම්පෝරි කියවීම නවතා අපේ පරණ කෝච්චි පාරවල් ටිකවත් සම්පුර්ණයෙන් හදා පිළිවෙලක් කළොත් නේද වැදගත්? (නි)
එන්ජින් නඩත්තුව නිසිපරිදි කරන්නේ නම්, හා ඒවා මිලට ගැනීමේදී පුද්ගලික පරමාර්ථ පසෙකලා රටට හා රටේ පරිසරයට ගැළපෙන ඒවා මිලට ගැනීමට කටයුතු කළා නම් මෙවැනි කරදර වලට මඟීන් පත්නොවන්නට ඉඩ තිබුණි. (නි)
ඉවසලා ඉන්න. ඉන්දියාවෙන් ණයට කෝච්චි ගෙන්වන්නත් , කෝච්චි පාරවල් හදන්න ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වන්නත් සිරිපාල ඇමති තුමා තීරණේ කොරලා තියනවලු. කවුරු විරුද්ධ වුනත් වැඩේ කරනවාමලු කියලයි කියන්නේ..වැඩි ගානක් හරි ගෙවලා බාල බඩු හරි නයට ගෙනල්ලා මගීන්ගේ පුරශ්ණ විසඳනවා නම් එච්චරයිනෙ!ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්නපුවාම අපේ කම්කරුවන්ට පුළුවනි උන් වැඩ කරන හැටි බල බලා විනෝද වෙන්න.(රේ)
මිනිස්සු පුදුම විදිහට රස්තියාදු වෙන්න ඇති (නි)