විල්පත්තුවේ නැගෙනහිර හා උතුරු මායිම දෙස මහා කැළේ මැද පලූගස් 500ක් පමණ කපා සන්නද්ධ මුරකරුවන් යොදා ආරක්ෂාව ද තරකැර යාන්ත‍්‍රික ඉරුම්පට්ල බැඳ පවත්වාගෙන ගිය දැවැන්ත දැව ජාවාරමක් වැටැලීමට සෙට්ටිකුලම පොලිසිය සමත්විය.ගෝනුන් මුවන් වැනි සතුන් ද දඩයම්කරමින් ගෙනගිය මේ කොල්ලයේ ඔත්තුකරුවන් කිලෝමීටර 40ක් පමණ කැලයට මුලින්ම ඇතුළුවෙද්දී ජාවාරමුත් ඔවුන් දෙසට වෙඩි තබා ඇතැයි කියති. එහෙත් පොලිසිය එහි යන විට ඔවුහු ට‍්‍රැක්ටර හා යාන්ත‍්‍රික කියත් ද දමා පැන ගත්හ. සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පී.ජී. එස්.ආර්. සංජීව මහතා ප‍්‍රමුඛ තිස් දෙනෙකුගෙන් යුත් පිරිසක් සැකකරුවන් හඹා ගියත් වල් අලින් නිසා ඔවුන් ලූහු බැඳ යන්නට බැරිවිය.මෙම දැව කැලයෙන් එළියට ගැනීමට අඩු ගණනක් ලොරි පනහක් හැටක් අවශ්‍ය වෙතියි කියති.










1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික අපරාධයක්
මේවගේ අයට හොද දඩුවම් දෙන්න ඕන...
ගස් කැපූ අයගේ පරපුර ඔක්කොම අත්අඩංගුවට ගන්න. ජීවිතාන්තය දක්වා හිර දඩුවම දෙන්න
ලංකාවෙ දැන් ගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ. මහා පරිමාණයෙන් මේවා කරන්න ආණ්ඩුවේ රැකවරණය තියනවද දන්නෙ නෑ.
ඇයි මේ මිනිස්සු මෙච්චර තන්හාව? ඇයි මේ අහිංසක සත්තු මරන්නේ? ඇයි මේ ගහ කොළ විනාශ කරන්නේ? මේක බුදු දහම පවතින රටක් නේද?
පලු ගස් 500 ක් කපනකම් පොලිසිය, වනජීවි එකයි නිදාගෙනද හිටියේ. මෙහෙම ගියොත් ලංකාව ඉක්මණින්ම කාන්තාරයක් වෙනවා.
හොදක් නම් වෙන්න එපා මේ කරලා තියෙන අපරාධයට
හෙණ ගහන අපරාද
මේවට ලොක්කන්ගෙන් උදවු නැතුව කොරන්න බැ
හෙන ගහන අපරාධ මේවා
දයාසිරි මන්ත්‍රීතුමනි මේ ගැනත් පාර්ලිමේන්තුවේ විවාදයක් කරලා මේවා නතර කරන්න ඕනෑ
වගකිවයුත්තන් මේ අතර සිටීද?
ගස් කපන අයට වතුර බොන්න නොදී ඉන්න ඕනෑ
අනේ අපේ රටේ විනාශය කාට කියන්නද?
වනය සහ වන සතුන් අපේ සම්පතයි සධාරණය ඉටුවේවා
Meheyuma horu allannada,gass allanada? මෙහෙයුම හොරු අල්ලන්නද ගස් අල්ලන්නද?
මෙවැනි අපරාධ කරන අයට සොභාධර්මය විසින් නියම දඩුවම් ලැබේවි.
ගස් හොරු ටික අලි ඉන්න පෙත්තට දීව්ව ඒත් පොලීසියට බෑ,,,,
මේකෙ පිටුපස්සෙ ඉන්න කෙනා කවුද?
ගස් කැපුවට පස්සෙ අල්ලල වැඩක් නැහැ.. කපන්න කලින් නවත්වන්න ඕන...
ඕව පල දෙන්න ඕන...