තබ්බෝව අභය භූමියේ වටිනා ගස් කපා රැගෙන යමින් සිටි දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව වන අඩවි කාර්යාලය කියයි.
තේවනුවර ප්‍රදේශයේ අභය භුමියේ තම්මැන්නා, බුරුත, පලු වැනි ගස් කපා ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත පුත්තලම අනුරාධපුර මාර්ගයේදි වැටලීම සිදුකර තිබේ.
දර කෑලි 1625ක් සහ කුඩා ලොරිය ඉදිරි පරික්ෂණ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව විශේෂ කාර්ය බලකායේ පුත්තලම සෙල්ලන්කන්දල් කදවුරේ ආරංචි පවසයි.
ජායාරූප - එච් චන්දන
ජායාරූප - රොවන් පෙරේරා

![03[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/032.jpg)
![04[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/042.jpg)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0611.jpg)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/611.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/711.jpg)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/811.jpg)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/1011.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට දිය හැකි හොඳම දඬුවම නම් මොවුන්ට කියලා පැල 500 බැගින් සිටුවන එකයි (බ)
සිත්පිත් නැත්තවුන් සේ මෙසේ පරිසරය විනාශ කරන්නේ කෙලෙසකද? (නි)
අනේ මෙහෙමත් අපරාධ! (නි)
මිනිස්සු ජිවත් වෙන්න කරන දේවල් පරිසරය ගහකොළ සතා සිව්පාවට හානියක් නොවෙන සේ විය යුතුයි. (බ)
ජයට අයත් වනාන්තර වගා බිමක ගස් 1000ක් මෙම වන පාලුවන් ලවා රෝපණය කරවීමට කටයුතු යොදමුද? (බ)
පරිසරය විනාශ කරන්නන් හට කිසිම සමාවක් නොදිය යුතුය (නි)
මොවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
අනේ මෙහෙමත් මිනිස්සු (නි)
අනේ හැබෑට, පරිසරය පාළු කරලා සල්ලි හොයලා මොකටද? (ර)
දර කපලා වගේ මට නම් පෙන්නේ. (ර)
මට පෙන විදිහට නම් මේ ලි වලට කපපු ඒවා නෙවෙයි. මේ දරට කපපු ගස් වගයක්. (ර)