පොහොර සහනාධාරය, වී සහතික මිල, ගොවි උපකරණ සහන මිලට ලබා ගැනීම, ගොවි විශ්‍රාම වැටුප්, දඹුල්ල කළුන්දෑවේ ගොවි හමුවක දී ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ .ඩී .ලාල්කාන්ත මහතා පිලේ පැදුර ගීතය ගයන්නට ගොස් අතර මග නතර කළේය.එම ගීතය හරියට ගයන්නට තමන්ට නොහැකි බව කීවේය. ගොවියෙක් හම ගීතය ගායනා කළේය.
ලාල්කාන්ත මහතා එහිදී අවධාරණය කළේ ගොවි ප්‍රශ්නයට රජය සාධාරණ විසඳුමක් නොදුනහොත් කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග 6ම අවහිර කරමින් ගොවියන් පාරට ගෙන එන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලේ රාජපක්ෂ ගෙදර යවන්න එජාපෙ එක්ක එකතුවෙලා, මුළු රටම විනාශයකට යවන්න පාරකපලා දැන් වීරයෝ වෙන්න හදනවා. කිසිම කෙනෙක් කිසිමදෙයක් කරනවට අකමැතියි. විවේචනය විතරයි පුළුවන්. (නි)
අයියෝ මහත්තයෝ මොකද වුනේ.(හේ)
ගොවියන් රවට්ටන්නද හදන්නේ? ගොවියනි, එක දේශපාලුවෙකුටවත් රැවටෙන්න එපා. ඔබ දුක් වින්ඳා ඇති. මේ කට්ටියට බලය දෙන්න එපා. ඔබගේ සටන ඉදිරියටම ගෙනියන්න. (නි)
68 අවුරුද්දක් මේ පක්ෂ දෙක රට පාලනය කරනවා. කවදාද පාරට නොගොසින් සටන් නොකර කිසි දෙයක් ලබාගත්තේ. මේ පක්ෂ දෙක වහලකම් කරන එක දැන්වත් නවත්වන්න (බ)
මේ අයගේ වැරදි දේශපාලන භාවිතය ඉතිහාසයේ කොතෙකුත් අත්දැකිම් තිබුනද නැවත නැවත එ් උපාය මාර්ගයන්ම යොදා ගනිමින් සිටිනවා.උනුත් එකයි මුනුත් එකයි කියන්න තරම් අවබෝදයක් නැති එක ගැන කණගාටුයි. (බ)
මෙයාලා එදා ඉඳලම කළේ පාරට බැහැලා උගුර ලේ රහ වෙනතුරු කෑගහපු එක විතරයි. දියව් දියව් කියනවා විතරයි. ආණ්ඩුවට පාඩමක් උගන්වන්නත් එක්ක ධනාත්මකව හිතලා වැඩ ටිකක් පෙන්වන්නකො. (නි)
ඕන පෙළපාලියක් යන්න සහෝදරයා, දෙයියන්ගේ නාමෙන් කොළඹට පාරවල් ටික නම් වහන්න එපා. අපි රස්සාවල්වලට යන්නේ කොහෙන්ද? එහෙම නැත්නම් ඔහේ එදාට අපේ කැපෙන පඩිය දෙනවැයි?(හේ)
බැරි දේ නොකරන් අබරෝ කිවුවලු. (නි)
ජවිපෙ නොසිටින්නට අපේ රට සොර දේශපාලුවන් විසින් ධනය කොල්ලකා රට විකුණා හමාරය. ඹබලාගේ සටනට ජයවේවා! (නි)
ජවිපෙ පස්සෙන් තවමත් යන අය ඉන්නවා නේද? (නි)
බොරු සද්ද විතරක් තිබෙන රතු අලි (නි)
හරියකට බඩට නොකා ඉන්න මිනිසුන්ට ලෙඩක් හැදුනහම ගන්න ඉස්පිරිතාලෙක බෙහෙතක් නැති රටේ, පීඩාවෙන් ඉන්න මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්න ඉන්න මිනිස්සු ටික දෙනාටත් ගරහන්න එපා. උඩට කට ඇරගෙන හිටියට ළඟට ගෙනත් දෙන්නේ නැහැ. සටන් කරලා තමයි ගන්න ඕනෑ (නි)
තියෙන ටිකවත් ඉතුරුවෙලා තියෙන්නේ මේ අය නිසා මිසක් ආණ්ඩු කරපු අය රන් බන්දේසිවල දාලා අපි ළඟට ගෙනවිත් දුන් හින්දා නෙමෙයි. (නි)
සටන් කරලා නිකම්ම කන්නද බලා ඉන්නේ? මේ බෙදන්න කියන්නනේ අනිත් අයගේ සල්ලි! මොකද ණයට කෑවා මදිද ? 2005 කරලා පෙන්නුවේ.. (නි)
බෙන්තර මහේෂ්ගේ කතාව හරියටම හරි. අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ අනුන්ට බැන බැන ඉන්න මිසක්, හොඳ දෙයකට හොඳයි කියන්න නෙමෙයි (නි)
සත්‍යපාල හරියටම හරි (නි)
අහුවෙන්න එපා! මේ හදන්නේ සටන මේ අය අතට අරගෙන උපක්‍රමශීලිව සටන දියාරුකර දමන්නට. මේ උදවිය යහපාලන රජයේ කොටස්කරුවෝ. රජයට එල්ලවන ජනතා විරෝධයන් රජය පෙරළන බලවේග බවට හැරෙන්නට නොදී ඒවායේ නායකත්වය තමන් අතටගෙන සටන අතරමඟ කඩාකප්පල් කිරීමෙන් දිගින් දිගටම පරාජයන් ලබන ජනතාව වෙහෙසට පත්ව සටන් වලින් ඉවත්ව කිසිවක් නොඉල්ලා නිහඬව විඳගන්නට සැළැස්වීම මොවුන්ගේ උපක්‍රමයයි. (නි)
රාජපක්ෂ දේශපාලනය යුද්ධය සහ දේශප්‍රේමය විකුණමින් සිටියි. යහපාලනය වංචාව සහ දුෂණය විකුණමින් ඉදිරියට යමින් සිටියි. ජ. වී. පෙරමුණද පක්ෂයක් හැටියට ජනතාව දිනාගත යුතුව ඇත. නමුත් එය ජනතාවටද හිරිහැරයක් නොවීම කාටත් වැදගත් වෙනවා ඇත. (නි)
පාරවල් වහන එකනම් ලේසී වෙන්නේ නෑ.(හේ)