හමුදාවෙන් පලා ගිය පිරිසක් ගැන හිටපු යුද හමුදාපතිට දැනුම් දුන් බවත්, එහෙත් තමා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකළ බවත් විශ්‍රාමික බ්‍රිගේඩියර් අශෝක වීරසිංහ කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසීය.
හමුදාවෙන් පලා ගිය අයට රැකවරණය දුන්නැයි සරත් ෆොන්සේකාට සහ ඔහුගේ පෞද්ගලික සහකාර සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහිව මේ නඩුව පවරා ඇත.
හමුදාවෙන් පලා ගියැයි කියන යතුරුපැදි සෙබළුන් සමග ෆොන්සේකා ජනපතිවරණ සමයේ රට පුරා ගිය බව දන්නේ යැයි හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කිවේය.
වැඩිදුර විභාගය ලබන 14 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත ෆොන්සේකා මහත්තයට නිදහසේ ඉන්න ඉඩ අරින්න. (නි)
හමුදාවෙන් පලා ගිය පිරිස ගැන දැනුම් දෙන්න තිබුණේ එවකට හිටි පොලිස්පතිටනේ. හමුදාවෙන් නෙමෙයිනේ අත් අඩංගුවට ගන්නේ, පොලිසියෙන්නේ. (නි)
අපේ වීරයා සරත් ෆොන්සේකා පමණි. යුද්දෙට බයෙන් රට පැනපු මිනිස්සු නෙවෙයි ඒ. අද ලංකාවේ ලොකුම හොරු කවුද කියලා ලංකාවම දන්නවා. මේ විදියට ලංකාව විනාශ කරනවට ලගදීම ''දිට්ට දම්ම වේදනීය කර්මය'' පලදෙනවා. මොකද මේක පිරිසුදු බොදු රටක්. (නි)
අපේ රටට හෙන ගහලා තියෙන්නේ විදේශීය බලවේග නැත්නම් දෙමල ඩයස්පෝරාවම නිසා නෙමෙයි. හරි දේට වැරදියි කියන එකත් වැරදි දේට හරි යැයි කියන එකත් තමයි අපේ රටේ ආශ්චර්යය. (නි)
මගේ අම්මේ මේ අය සරත් ෆොන්සේකාට තියෙන බය. නම කියපු ගමන් චු යනවා. නැත්නම් මොකටද මේ වගේ ලෝකෙත් නැති නඩු වලට පටලවන්න හදන්නේ?(නදී)
ෆොන්සේකා මහතාගේ හොද වැඩ ගැන අගය කිරීමක් නැත්තේ ඇයි? (නි)
කෙවින් ඒක පලදීල හුගක් කල් එත් හිතට දුක ඒක බුදු දහමටත් පලදිච්ච එක.(නදී)
මේ රටේ අනිත් හොරුන්ගේ දේවල් හැමදේම යට ගහනවා ෆොන්සේකා මහතාගේ හොද වැඩ ගැන අගය කිරීමක් නැහැ පලිගැනීම් පමණි , හොරු මකොල්ල කාරයෝ මිනීමරුවෝ නිදැලේ (ස)
ඉතින් ෆොන්සේකා මහත්තය අත් අඩංගුවට ගත්තා වගේ ඒ කට්ටියත් ගන්න තිබුනනේ. (නි)
බලය නැතිව මෙවැනි දේවල් කලානම් බලය ලැබුනොත් හිට්ලෙර් කෙනෙක් වෙයි.(නදී)
පක්ෂග්‍රාහී වෙන්න ඕනෑ නැහැ. හරි දේ ඉදිරි කාලයේදී බලාගන්න පුලුවන් වේවි. (නි)
අපි කරන්නෙම නොකළ යුතු දේවල් නොකළ යුතු වෙලාවට. (නි)
ඉතින් එහෙම වුණා නම් නීතිය අනුව වැඩ කළේ නැත්තේ මොකද? එයාලා හිර කරන්න තිබුනනේ. හැංගිලා හිටියේ නැහැනේ. (නි)
ඔය සාක්කි දෙන්න ආපු මේජර්වරයා ගජබා රෙජිමේන්තුවේ හිටිය කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් කෝමද ඔහොම ලස්සනට සාක්කි දෙන්නේ. ෆොන්සේකා මහතා ගැන මුලු රටේ ලොකු පොඩි සියලු දෙනාම දන්නවා අද මෙතුමන් ජනතාවගේ හදවත් තුල කිදා බැහැලා ඉවරයි. සමහර අය බයයි මෙතුමා රටේ නායකත්වයට එයි කියලා.(නදී)
මුකුත් නොලියා ඉන්න හිතුවේ. එතකොට ප්‍රබාගේ හමුදාවේ ඉඳලා හාමුදුරුවරු සියගණනක් මරපු , පොලෝසියේ හමුදාවේ දහස් ගානක් මරපු සාමාන්‍යය ජිවිත ලක්ෂ ගානක් නැති කළ කොටින්ට ලොකු තනතුරු දීපු අයට මොකද කරන්නේ ? (නි)
මම මොකුත් කියන්නේ නැහැ
ෆොන්සේකාත් හොද වැඩ වගේම නරක වැඩත් කලානේ එය ජනාධිපති උනානම් ?(නදී)
මිනීමරු නඩු අවුරුදු 10 කට වඩා කල්යමින් තියෙනවා. ඒවා අහලා නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට රටටත් එහි ජනතාවටත් පලක් නැති නඩු තමයි ඉක්මනට අහන්නේ (නි)
මොකද්ද දැන් කියන්නේ
රජය කළ යුත්තේ ජනතාවගේ සුබ සිද්ධිය සදහා පිඩිත ජනතාවට සේවය කිරීමයි (නි)
අයියෝ! මොකද සරත් මහතාට මෙච්චර බය. නැති වැරදි හදලා නඩු දමන්නේ ඇයි. පාර්ලිමේන්තුවේ කොච්චර වීරයෝ ඉන්නවද? (නදී)
දැය බේරා ගත් ජෙනරාල්තුමාට කෙනෙහිලි කරන්න එපා (නි)
සදිගේ කතාවේ ඇත්ත.(නදී)
මේව මේ පරණ ප්‍රශ්නනේ. මෙන්න මේවා ඉක්මණට සමතයකට පත්කරලා දාන්න (නි)
මේ බ්‍රිගේඩියර් බලාගෙන ඉන්න ඇති ෆොන්සේකා දිනනකම්. එතකොට නීතිය ක්‍රියාත්මක නොකලට සැලකුම් ලැබෙයි කියල. දැන් අනිත් පැත්තට සාක්කි දෙනවා. මෙයාව කෝට් මාෂල් කරන්න ඕනා.(නදී)
ජනරාල්ට මේ ගොල්ලෝ හරි බයයි. එකනේ මෙහෙම කරන්නේ. ලගදීම මේ ගොල්ලන්ට දිට්ටදම්මවේදය පලදෙනවා. මේ ගොල්ලෝ තමන්ගේ ගෙදර අයව මරලත් ඒ අයව අත් අඩංගුවට ගන්නේ නැති අයනේ.(නදී)
මේ වගේ නඩු අහනකොටම දන්නවා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මේවා දැක්කම රට දවසින් දවස එපා වෙනවා (නි)
දේශපාලනය යොදා ගන්නේ දේශපාලන වාසි තකා මිස රටේ දියුණුවට නොවේ. මිනිසුනි, නිතිය අන්ධ නොවේද? (නි)
දැන් ඔය බහුබූත අමතක කරලා දාන්න. ෆොන්සේකා මිණිමරන්න, මංකොල්ල කන්න මේ සෙබළු යොදා ගත්තේ නැහැනේ. අද සමහර ඇමතිලා ලග හමුදාවෙන් පැනල ආපු සෙබළු දුසිම් ගණන ඉන්නේ. ඔවුන්ගෙන් සමහරෙකුට උසාවි වරෙන්තු පවා තිබෙනවා. මෙම බොරු නඩු නිසා වෙන්නේ ලංකාවේ අධිකරණය හෑල්ලුවට ලක්වෙන එක විතරයි.(නදී)
බලය නැතුවත් මෙහෙම වැඩ කළා නම් බලය ලැබුනාම දැන ඉන්න දේශපාලුවන්ට වඩා නීති ගරුක අයෙක් වෙයි කියලා හිතන්න පුලුවන්ද? (නි)
හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා හුස්ම ගතතත් වැරදියි කියන අය එළකිරි වගේ සුද්දවන්තයෝ. නමුත් සියලු දෙනාම දන්නා දෙයක්! පළ ඇති රුකටයි වවුලොත් වහන්නෙ. (නි)
ද සිල්වා පලකරන අදහස් හැමවිටම හරි. පැනගිය සෙබළුන් විතරක් නෙමෙයි පාතාලයෝ ඔය සුදු පිරුවට කාරයින් වටේටම ඉන්නවා. ලොක්කෝ පන්සල්වලට යනකොට මගක් යනතුරු මල් වට්ටි උස්සගෙන යන්නෙත් මිනීමරුවෝ. කැත විදිහට නීතිය පෙන්න පෙන්න ෆොන්සේකාව නොමරා මරනවා. පළි ගැනීමේ ඉවරයක් නැති හැටි. මොනවටද ඔය සුදු පිරුවට? (නදී)
මේ කතාව ඇත්ත බව ගොඩ දෙනෙක් දන්නවා. ඒක ඒ දවස්වල ප්‍රසිද්ධ රහසක්. ඒ වුනාට පොන්සේකා මහතා රටට සිදුකල සේවය වෙනුවෙන් කුණු අවුස්සනේ නැතුව සමාව දිය යුතුයි.(නදී)
කෝ අර යුධ කාලේදී එල් ටී ටී එකෙන් පඩි අරන් යුධ රහස් එලියට දුන්නා කියපු අයටයි නිදන් හාරපු අයටයි නීතිය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද?කොටින්ට ආයුධ මුදල් රැස් කරලා සපයලා දහස් ගණන් ජීවිත නැති කරලා කපලා කොටලා මිනි මරලා ආණ්ඩුවට මුක්කු ගහලා ඉන්න කොටින්ට මේ නීති බලපාන්නේ නැද්ද? (නි)
ප්‍රශ්න ඇති කරගන්න එපා