IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොල් ගෙඩිය යට ගැහිලි ගැන කෝප් කමිටුවෙන් අනාවරණයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට කොටසක්  එක් කිරීමේදී  රුපියල් දෙකෝටි දස ලක්ෂයක පාඩුවක් සිදුවී ඇතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා ( කෝප් )  රැස්වීමේදී තොරතුරු අනාවරණයවිය.

මෙම එක් කිරීම කරනු ලැබ  ඇතැයි පැවසෙන්නේ පූර්ව අනුමැතියකින් තොරවය.

මේ අතර මීගමුව බීජ පොල් ඒකකය  වෙනුවෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා උපදේශන  සමාගමකට  රුපියල් විසි ලක්ෂයකට ආසන්න මුදලක්  ගෙවීම සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව එහි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ තොරතුරු අනාවරණය වූයේ පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ මණ්ඩලය යන ආයතන වල කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන්  කෝප් කමිටුව හමුවට පසුගිය 21 වැනි දා කැඳවූ අවස්ථාවේදීය.

පොල් සංවර්ධන අධිකාරියේ, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහ පොල් පර්යේෂණ මණ්ඩලයේ පරිපාලන ගැටලු සහ අක්‍රමිකතා රැසක්  සම්බන්ධයෙන් එහිදී තොරතුරු අනාවරණයවිය.

මේ අතර පොල් වෙන්දේසියේ ඒකාධිකාරී මාෆියාව නතර කර  විනිවිදභාවය ඇති කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දුන්නද එය අක්‍රීයව පැවතීම සම්බන්ධයෙන්  කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළ විය.

පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් ඉඩම්වල වගාවන්ට අවසන්වරට පොහොර යෙදීම කර ඇත්තේ 2016 වසරේ බවද  එහිදී තොරතුරු අනාවරණයවිය.

මෙරට පොල්තෙල් පරිභෝජනයෙන් සියයට 78 ක් ආනයනික තෙල් මත සපුරා ගෙන තිබීම විශාල ගැටලුවක් බව පවසන කෝප් කමිටුවඩිජිටල් දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට පෞද්ගලික ආයතනයකට ගිවිසුමක් තොරව රුපියල් දස ලක්ෂයක අන්තිකාරම් මුදලක් ගෙවීමද  ගැටලු සහගත  බව සඳහන් කරයි.

මේ අතර සම්මුඛ පරීක්ෂණ සදහා ක්‍රමවත් පරිදි  පෙනී නොසිටි  6 දෙනෙකු හිටපු සභාපතිවරයා  හිතුමතේ සේවයට බදවා ගැනීම පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම පොල් වගාවට නිසි කලට පොහොර නොයෙදීම නිසා  රෝග ඇතිවීමේ අවදානමක් බවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ. රජයට අයත් පොල්වගාවන්ට කලට වෙලාවට පොහොර නොයෙදීම පිළිබදව කමිටුවේ අප්‍රසාදය පළවිය.

මෙරට පරිභෝජනය සඳහා
2020-2022 කාලය තුළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 187,623ක්ද  ෆාම් ඔයිල් මෙ.ටොන් 225,510 ක්ද ආනයනය කර ඇති බව  එහිදී තොරතුරු අනාවරණයවිය.  මේ අනුව මෙරට පොල්තෙල් පරිභෝජනයෙන් සියයට  22ක් දේශීය නිෂ්පාදනයෙන්ද සියයට  78ක් ආනයනික තෙල් මත සපුරා ගෙන තිබීම විශාල ගැටලුවක් බව කමිටුව පවසයි.  එසේම  ආනයනික පොල්තෙල්වල ප්‍රමිතියේ පවතින ගැටලු පිළිබදවද  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය, පාරිභෝගික අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කැඳවා මේ පිළිබදව පුළුල් විමර්ශනයක්  කිරීමට  තීරණය විය.

පොල් පර්යේෂණ මණ්ඩලයේ පර්යේෂණ නිලධාරින් රුපියල් මිලියන ගණනක් වියදම් කර පර්යේෂණ ආරම්භ කර ඉවත් වීම හේතුවෙන් නෛතික බැදීම වැඩිකර  එම අලාභය අයකර ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන  ජගත් පුෂ්පකුමාර සහ ශාන්ත බණ්ඩාර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  අනුර ප්‍රියදර්ශන යාපා,  මහින්දානන්ද අළුත්ගමගේ,  දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න,  නිමල් ලාන්සා,  එස්.එම්.එම් මුෂාරෆ්,  සංජීව එදිරිමාන්න,  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ,  මධුර විතානගේ සහ  මහාචාර්ය චරිත හේරත් යන මහත්ම මහත්මීහුද සහභාගිවූහ.



අදහස් (0)

පොල් ගෙඩිය යට ගැහිලි ගැන කෝප් කමිටුවෙන් අනාවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site