දෙහිඕවිට හිඟුරලකන්ද දීගලවත්තේ තමා පදිංචි ඉඩම දෙහිඕවිට ප්‍රාදේශීය සභාවෙන් කොම්පොස්ට් ව්‍යාපෘතියකට ගැනීමට යන බවත්, ණය වී හදාගත් තම නිවස අහිමිවීමෙන් යන එනමං නැතීවන බවත් තුන් දරු මවක වන එදිරිසිංහ ආරච්චිගේ පත්මා (37) මහත්මිය කියන්නීය.
ඇයට හෝ අන්කිසිවකුටත් නිවාසයක් හදා නොදී මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව දෙහිඕවිට ප්‍රාදේශීය සභාපති අමිල රුවන් කන්දේආරච්චි මහතා කියයි.
තම සැමියා පිත්තල බඩු ඔබ දැමීම කරන බවත්, එයින් ලැබෙන මුදල් දරුදෙදෙනා නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, ඒ නිසා පලා වර්ග කඩා පොළට ගොස් විකුණා ජීවත් වන බවත් ඇය පවසන්නීය.
පත්මාගේ ලොකු පුතා 11 ශ්‍රේණියේ ද, වැඩිමල් දියණිය හය වැනි ශ්‍රේණියේ ද ඉගෙන ගනිති. අවුරුදු හතරක් වූ අනෙක් දියණිය පෙරපාසල් යන්නීය.
ඔවුන් දීගලවත්තේ පදිංචියට පැමිණ ඇත්තේ 2002 වසරේය. ණයක් ගෙන කාමරයක් සහ කුස්සියක් පමණක් සහිත කුඩා නිවසක් සාදාගෙන ඔවුහු ජීවත් වෙති. ගෙදරට යෑමට නිසි මාර්ගයක් නැති අතර ගෙය සෑදීමට ගල් ගෙනැවිත් ඇත්තේ කර මත තබාගෙනය.
උඳුපියලියා, ගොටුකොළ,බරු ආදී පළා වාර්ග සොයාගෙන ඇහැලියගොඩ පොළට ගොස් විකුණා නැවත නිවසට යෑමට ගමන් වියදම පමණක් රුපියල් 80කි.
මාතර කිරින්ද පුහුල්වැල්ලේ උපන් ඇය අපොස උසස්පෙළ දක්වා උගෙන ගත්තේය.
‘අපි ඉන්න හැටි කන හැටි දන්නේ අපි විතරයි. අපි හරි දුප්පත්. පලා කොළයි කුළී වැඩයි නැත්නම් අපට පණ ගැට ගසා ගන්න ක්‍රමයක් නැහැ.‘ යැයි පදිංචි ඉඩම වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ සිට ජනපති දක්වා ලියූ ලියුම් කිලෝ බාගයක තරම් ලිපි ගොනුවක් පෙන්වමින් ඇය කීවාය.
‘මට සබන් හදන්න පුළුවන්. ඒත් අච්චු ආදිය මිලට ගන්න වත්කමන් තැහැ‘යි ඇය කියන්නීය.
මුල්‍ය ආයතනයක ණයක් ගැනීමට 2012 ජනවාරි 16 වැනිදා ඇය යොමු කර ඇති අයදුම්පත්‍රයක දේහිඕවිට ප්‍රාදේශීය ලේකම් නාලිකා පියසේන මහතා විසින් ඇගේ ස්ථිර පදිංචිය තහවුරු කර ඇත.
කොම්පෝස්ට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් උන් හිටි තැන අහිමි වී තමනට සිදුවන අවැඩ ගැන පත්මා මහත්මිය ජනපති, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති, ප්‍රාදේශීය ලේකම් ඇතුළු වගකිවයුත්තන්ට දැනුම් දී ඇත.
දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙආරච්චි මහතා පැවසුවේ කොම්පොස්ට් ව්‍යාපෘතියට ආරම්භ කරනුයේ එම ඉඩමේ පදිංචිකරුවනට වෙනත් ස්ථානයට නිවාස ඉදිකර දීමෙන් පසුව බවයි.
‘මේ ඉඩමේ පවුල් තුනක් ඉන්නවා. ඉන් පවුල් දෙකක් අනවසර පදිංචිකරුවෝ. මේ ඉඩම අක්කර තිස් ගානක ඉඩමක්. ඒකේ මැනුම් කටයුතු දැන් ඉවරයි. අපි මේ පවුල්වලට නිවාස හදලා දෙන්න පිඹුරුපත් සකසලයි තිබෙන්නේ. මේ ඉඩමෙම වෙනත් ස්ථානයක ඔවුනට නීත්‍යනුකූලව වර්ග අඩි 700ක විතර නිවාසයක් හදා දෙනවා. ඉන් පස්සේ තමයි ඔවුන් ඉවත් කරන්නේ. එක් නිවාසයකට රුපියල් හත් ලක්ෂයක් විතර වියදම් වේවි. එම වියදම අපි දරනවා. කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්නේ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියුම් ලිව්වට අද කාලේ ඇමතිලා මන්ත්‍රීලා උත්තර එවන්නේ නැහැ. ඒ ඉස්සර. මම දන්නා කෙනෙකුත් ඔය වගේ වග කිවයුතු අයට ලියුම් ගණනාවක් ලිව්වා. අඩු වශයෙන් ලැබුන කියල වත් දැන්නුවේ නැහැ. වේදිකා උඩ නම් 'ජනතාව ජනතාව' කියල කෑ මොර දෙනවා. නුමුත් ලියුමකට උත්තර එවන්න තරම් වත් ශිලාචාර නැති අය තමයි අද ඉන්නේ. (දී)
කියන විදිහටම කළොත් නම් ඉතින් හොඳයි. (නි)
අපි සමාජයට ගිහින් බලන්න ඕනෑ සමහර ජනතාව ජීවත් වෙන්න විදින දුක. ඕනෑ තරම් පුද්ගලයෝ ඉන්නවා සත්‍ය වශයෙන්ම දුකක් විදින අයට උදවු කරන. සමාජය බොරුවෙන්, වංචාවෙන් පිරිලා නිසා කව්රුවත් උඩට එන්නේ නැහැ (නි)
කනගාටු දායක පුවතක්
මෙවන් අසරණ මිනිස්සුන්ටම තමයි ලංකාවේ තැනක් නැත්තේ (දී)
අක්කේ , ඕවා අමතක කරලා දාලා ඉන්න (නි)
අමිල, රුවන් කියා තිබෙන්නේ අනවසරයෙන් පදිංචි වෙලා කියලා.එහෙනම් කියන්නකෝ කොහොමද එදා පාපැදියක්වත් ගන්න වත්කමක් නොතිබූ අය, මැති ඇමතිවරුන් වූ පසු කොළඹ වටිනා ඉඩම් කුණු කොල්ලයට අරගෙන නිවාස ඉදිකරගෙන රජ පැටව් වගේ ඉන්න එක ඔබ දකින්නේ කොහොමද කියලා? (නි)
මේකෙන් මේ පවුලට ඇත්තටම සිදුවෙන්නේ හොඳක් කියලයි මට නම් පෙනෙන්නේ. දැන් ඉන්න ඉඩමේම වඩා හොඳ ගෙයක් ලැබෙනවා. දැනට ඇය හෝ අගේ සැමියා කරන රැකියාවලට කිසිම බලපෑමක් වෙන්නෙත් නැහැ. සමහරවිට මේ කාන්තාවට ඔය ස්ථානයේ කරන්න යන ව්‍යාපෘතියේම රැකියාවක් ලබා ගන්නත් ඉඩ ලැබෙයි. (නි)
වෙන තැනක් ඇත්තෙම නැද්ද ඔය කරන්න යන දේ කරන්න. ඒ අහිංසක මිනිස්සු ඉන්න තැනම ඕක පටන්ගන්න යන්නේ. වගකිවයුතු තැන්වලට දැන්නුවට වැඩක් වුණේ නැති එක ගැන කණගාටුවෙනවා. (නි)
අක්කේ ,මේ අපේ රට පෙරට අරගෙන යන කාලේ,ඕවා එතරම් ගණන් ගන්නේ නැතුව ඒ වැඩ වලට උදව් වෙමු. (නි)
,මෙහෙම අසරණ මිනිස්සු ලංකාවේ ඉන්නේ , වෙඩි තියක්ලා දාන්න (දී)
අනේ ඒ අම්මටයි දරුවන්ටයි සාදාරණයක් ඉටුකරන්න. මේ වගේ අසරණ ජනතාව වෙනුවෙන් යමක් කරන්න රජයට ශක්තිය ලැබේවා. අපි කව්රුත් මැරෙනවා. අරගෙන යන්නේ කරපු හොද දේවල් විතරයි. ඉන්න ටික කාලේ හොදින් ජීවත් වෙන්න. සාධාරන යමක් කරන්න. ලොකු පිනක් හැමෝටම (නි)