කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය ඉදිරිපිට මහපාර හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලොමා සිසුන් පළවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ගැසීය.
කළහකාරී ලෙස හැසිරුණු සිසුන්ට බැටන් පොලු ප්‍රහාරද එල්ල කර ඇති අතර සිසු පිරිසක් පොලිස් අත්අඩංගුවටද ගෙන ඇත.
ජායාරුප හා විඩියෝ - ළහිරු හර්ෂණ














































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්න බැහැ වෙන්න බැහැ. දැන් පසුගිය කාලය නෙමෙයිනේ තිබෙන්නේ. මේක තමයි ඇත්ත මහත්වරුනේ. මොන ආණ්ඩුව ආවත් මෙයාලගේ ඉල්ලීම් දීලා ඉවරයක් කරන්න ලැබෙන්නේ නැහැ. (නි)
රටේ නිතිය කරවන අයගේ මොලේ ගොමද ? මේ අයට ළමයි නැද්ද ?. 8 පාස් නැති අයට කොහොමත් මේ දුක දැනෙන්නේ නැනේ. (අ)
වෙන්න බැහැ වෙන්න බැහැ..දැන් මහින්ද ,මහත්තය නෙමෙයිනේ ඉන්නේ..යහපාලන කට්ටිය ඒ දවස්වල් කිව්වේ උද්ගෝෂණය කරන මේ මදාවි සිසුන්ට පාරවල් වහල ඒවායේ උයාගෙන කන්නත් පහසුකම් සපයන විධියටනේ..මේක තමයි ඇත්ත මහත්තුරුනේ..කොයි ආණ්ඩුව ආවත් මුන්ගේ ඉල්ලීම් දීල ඉවරයක් කරන්න ලැබෙන්නේ නැහැ..ඒක මහින්ද මහත්තයාගේ මෛත්‍රී මහත්තයාගේ රනිල්ගේ කියල වෙනසක් නැහැ..හැමදේම දුන්නත් අන්තිමට කාසදේ කරලා දුන්නේ නැහැ කියල හරි පාරට බහීවි..(බ)
යහ පාලනය දැන් කාට කාටත් තේරෙනවා ඇති නේද ? (ම)
ප්‍රජාතන්ත්‍රවාදයේ මල් වැස්ස (බ)
ආණ්ඩුවෙන් ආණ්ඩුවට පුවත් සිරස්තල වෙනස් වන අරුමය (බ)
කවුරු ආණ්ඩු කලත් ඔය දේවල් සිදු වෙනවා. (ර)
ඔක්කොමලා ඩෙනිම් ගහලා නිසා ලේසියෙන් දුවන්නත් පුළුවන්.... (ර)
ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. දියුණු රටවල වගේ අර්ධ කාලින රැකියා කරමින් සරසවි ගාස්තු හරි හම්බ කර ගන්න සැලැස්සුවා නම් තමන්ටයි රටටයි දෙකටම වැඩක් වේවි. (ර)
මේක පාරවල් හරස් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑමක් විදිහටයි මම දකින්නේ. කොහොම වුණත් මේ අය තාම තරුණ වයසේ පසුවෙන දරුවෝ. ඉතින් මේ වෙලාවේ පොලිසිය වගකීමෙන් ක්‍රියා කළයුතුයි. වතුර පාරක් දීලා එළවා දැමුවාට කමක් නැහැ. වැදගත්ම දේ මේවට දරුවන් පොළඹවන අය අත්අඩංගුවට ගෙන තාවකාලිකව හෝ පන්ති තහනමක් හෝ දඬුවමක් දෙන එක. විශ්ව විද්‍යාලය තුළ දේශපාලනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කරන්න. (නි)
තරුණ ජවය. (ර)
දැන් පාරවල් ඔක්කොම හිරවෙලා ඇති. (ර)
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල.... ඉගෙනගෙන ඉන්න ඕනේ රටහදන්න ඉස්සෙල්ලා. එලියට අවට පස්සේ හොයන්නේ වෙන දේවල්. නිකන් ඉගෙන ගන්න නිසා, දෙමවුපියෝ ණයවෙලා උගන්නන නිසා, ටිකක් තෙල වැඩිවෙලා. (ර)
ඔය අන්තරේ හැමදාම කරන්නේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික මොකක් හරි කියලා පාරට දක්කලා උන්ට ඉගෙන ගන්න නොදී ගුටි කන්න සලස්සලා පිස්සු කෙළවන එකයි. සමහර අන්තරේ අය දැන් ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා (බ)
පොලිසියට කරන්න තියෙන්නේ මේ අවබෝධයක් නැතුව එන අය අතහැරලා මේකේ සංවිධායක අයියලා ටික හොයාගෙන ඔය ගහන වෙලාවට අන්න එයාලා හිමින්සැරේ කොටු කරගෙන මතක හිටින්න පාඩමක් උගන්වන්න. ආයෙත් හීනෙන්වත් උද්ඝෝෂණයකට නොයන්න. මෙයාලා පාරවල් අවහිර කරද්දී පාරවල් වල යන එන වාහන මිනිස්සු මේ විකාර අවසන් වෙනතුරු බලාඉන්න ඕනෑ කියලා මෙයාලා හිතන්නේ. (නි)
මේ ගෑනු දරුවන්ගේ අම්මලා කොහොම පාරේ බැහැලා යනවාද දන්නේ නැහැ. හදිසි අවස්තාවක වුනත් මෙහෙම ඉලන්දාරියෙකුගේ අතේ එල්ලිලා ඉන්න පින්තුර ප්‍රසිද්ධ වුනාම අපේ රටේ සමහර ආකල්ප අනුව මොකද වෙන්නේ කියලා හිතන්නේ නැති හැටි.(බ)