ලෝක කුසලාන රග්බි තරගාවලියේදී අද (1 වැනිදා) පැවැති තරගයකදී ප‍්‍රංශ පිල ලකුණු 19 -14 කින් පරාජය කිරීමට ටොංගා පිල සමත් වූ නමුත් එය ගගට ඉනි කැපුවාක් මෙන් වූයේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට නොහැකි වූ බැවිනි. මෙම තරගය ටොංගා පිලට තීරණාත්මක තරගයක් වූ අතර එය අමතර ප‍්‍රසාද ලකුණක් සමගින් ජය ගත්තේ නම් තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 අතරට පිවිසීමට ඔවුන්ට අවස්ථාව තිබිණ. ටොංගා පිල වෙනුවෙන් කුර්ත් මොරාත් දඬුවම් පහර හතරක් සාර්ථක කර ගත් අතර සුකනයිවලූ හුෆන්ගා විසින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගන්නා ලදී. අමතර ප‍්‍රසාද ලකුණක් සඳහා ඔවුන් මෙම තරගය උත්සාහක දිනුම් හතරක් හෝ ඊට වැඩියෙන් ලබාගනිමින් ජයගත යුතුව තිබිණ.ආබාධයක් හේතුවෙන් තරගයේ දෙවන අර්ධයේදී පිටියෙන් ඉවත් වූ දිමිත‍්‍රි යැක්විල් ප‍්‍රංශය වෙනුවෙන් දඬුවම් පහරවලින් හතරක් ම සාර්ථක කර ගත්තේය.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙරළිකාර ටොංගා පිලට සුපිරි අටදෙනා මග හැරෙයි