කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී ඇතිවූ සිද්ධියේදී ප්‍රචණ්ඩ ලෙස හැසිරුණේ සිසුන් නොව පොලිසිය යැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි.
ප්‍රහාරයේ වගකීම මුළුමනින්ම භාරගත යුත්තේ පොලිසිය බාර ඇමැතිවරයා යැයිද එම පෙරමුණ කියයි.
ප්‍රහාරයෙන් පසු අවම බලය යෙදූ බව කියන පොලිසිය මීට පෙර හලාවතදී කටුනායකදී මෙන්ම රතුපස්වලදීත් අවම බලය යොදා ජීවිත විනාශ කළ බව ජවිපෙ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොලිසියේ අවම බලය ඝාතනය දක්වා විහිද යන බවද හෙතෙම කීවේය.
පොලිස් කැරලි මර්දන පාඨමාලාවේදී බැටන් ප්‍රහාර එල් කිරීමට දැනුවත් කර ඇත්තේ ඉනෙන් පහළ ඉදිරිපසින් හා වම් පසින් නමුත් පොලිසිය ඔළුවට පහර දෙන අවස්ථා මෙහිදී දක්නට ලැබූ බවද ජවිපෙ නායකයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාගෙන හිටියේ මොකද තාම සද්ධයක් නැත්තේ කියලා.? (ර)
ඔබ තුමා කිව්වම භාරගනියිද.? (ර)
අනේ මම දන්නේ නැහැ. (ර)
අනේ මන්දා මොනා කියන්නද. (ර)
මොකද මේ එකපාරටම කිබුල් කදුළු හලන්න අරගෙන තියෙන්නේ. (ර)
කොහොම උනත් මේ රටේ යමක් ඉගන ගත්තු ළමයි. (ර)
දවල් හීන දැක දැක ඉඳලා දැන්ද සහෝදරයට ඇහැරුනේ? දැන්වත් ශිෂ්‍ය ප්‍රජාව කඩේ යවන එක නවත්තලා එයාලට ඉගෙනගන්න දෙනවා. අපේ රට ආපස්සට යන්න ඔය මහා ලොකු විප්ලවවාදී පක්ෂයත් ලොකු හේතුවක්.(රේ)
ඔයාලද ඒ ළමයින්ව උසි ගන්වලා පාරට දැම්මෙ? එහෙම නම් වගකීම බාර ගන්න ඕනෙ ඔයාලයි.(රේ)
මෙයා මේ දේශපාලන ස්ථාවරයට එන්නත් එදා මෙදා තුළ මෙවන් මෝඩ තරුණ ජීවිත කොපමණ බිලිදෙන්න ඇතිද (බ)
අනුර මහත්තයාා මේ සිද්ධිය වෙන වෙලාවේ ළඟපාතක හිටියද? මම නම් කියන්නේ අන්තරේ අයටයි අසාධාරණයට ලක්වෙන ශිෂ්‍යයන්ටයි පහසුවෙන් විරෝධතාවල නිරතවීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැනි ආයතන ජනශූන්‍ය ප්‍රදේශවල ස්ථානගත කරන්න කියලා පාර්ලිමේන්තුවෙදි ඉල්ලීමක් කරන්න කියලයි. (නි)
කතාවට නම් දක්ෂයි. (ර)
ඔබලාගේ පාලනයක් ඉක්මනට එයි. (ර)
මෙතන තියෙන්නේ පණ්ඩිත අදහස් දාන්න නෙමෙයි. (ර)
ඔබතුමා කලබල වෙන්න එපා. අපි මේක බලාගන්නම්. (නි)
මම නම් මෙතුමාගේ පැත්තේ (නි)
රිචි බාලසුරිය ,ෆර්සාන් ,ලියොන් ගුණවර්ධන යන අයගේ අදහස් අනුමත කරමි. නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැතුව ළමයින් මේ විදියට උසිගන්වන අය ගැන නම් මගේ අනුකම්පාවක් නැත. නමුත් පොලිසියෙන් පහරදුන් එක නම් වැරදියි. (නි)
මෙයාලගෙන් රටට වැඩකුත් නැහැ ගමට වැඩකුත් නැහැ.ලබන පර තියෙන චන්ද ටිකත් නැති කර ගන්නවා ...(රේ)
ලංකාදීප පුවත්පතේ පළවූ එම ඡයාරූපවල සිටින පොලිස් නිළධාරියාට එරෙහිව වහා නිතීමය ක්‍රියාමාර්ග ගෙන පෙන්වනතුරු අනෙක් පොලිස් අයවලුන් කිසිදා පාඩමක් ඉගෙන ගන්නේ නැත. (අ)
මට නම් ඔය කිසිකෙනෙක් අතර දැන් වෙනසක් පෙනෙන්නේ නැහැ (නි)
දේශපාලකයෝ උසස් අධ්‍යාපනයට ඇඟිලි ගහන්න ගහන්න නිරපරාදේ අහිංසක දෙමාපියන්ගේ දුවාදරුවෝ අතරමං වෙනවා.අද විශ්ව විද්‍යාල දේශපාලනීකරණය වෙලා තියෙන්නේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් හේතුවෙන්. (නි)
මේ රටට අවශ්‍ය මේ වගේ පුදගලයින්. අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන මිනිස්සු.. නුගත් මිනිස්සුන්ට වඩා.....(රේ)
කැරලි මර්ධන හමුදාවේ සෙබලකු සේ සැලකිය හැකි මෙම පොලිස් භටය කැරැල්ල මැඩලීම සඳහා තම රාජකාරිය කළා.එබැවින් දඩුවන් දිය යුත්තේ මෙම අසරණ සිසුන් නොමග යවා නීති විරෝධීව පාරට බැසීමට යොමුකළ අයටයි (රේ)
බොරුවට කිඹුල් කදුළු හලනවා....(රේ)
මේ සිද්ධියේ දෙපැත්තක් තියෙනවා.පොලිසිය ළමයින්ට ගහපු එකත් වැරදි ළමයි උද්ඝෝෂණය කරපු එකත් වැරදි.(හේ)
ඇත්තටම ජේ.වී.පී එකෙන් රටට යහපතට වඩා සිදුවුණේ අයහපතක්. මේක තමා රටේ ජනතාවට වැටහී තිබෙන තිත්ත ඇත්ත. (නි)
පොලිස් නිලදාරීන් ක්‍රියා කරන්නේ උසස් ඉහළ නිලධාරීන් දෙන අණ හෝ විධාන වලටය. එනිසා මේ පොලිස් නිලධාරීන් අහිංසක බව මගේ අදහසයි. (නි)
හා.. හා.. අමාරුවෙන් ගොඩ දා ගත් ආණ්ඩුවට රිදෙයි. කෑ ගහන්න එපා මහත්තයෝ. (හේ)
අැයි එයා විතරක් ? ඔබලාත් කඩේ ගියානේ වෙනසකට. (බ)
මෙච්චර දවස් කොහෙද හිටියේ මහත්තයෝ. කලින් ආණ්ඩුවෙන් ඕක කළානම් එදා හවසම ඔය ගිරිය පුප්පන් කෑ ගහල....(බ)
මේ රටේ ඉන්නේ කටු ලෙවකන්න කැමති අය මිසක් සටන් කෙරීමට කොන්දක් ඇති අය නොවන බව කොමෙන්ට් දැක්කම පේනවා. (රේ)
එකී නෙකා මෙම සිද්ධිය දෙස බලන්නේ එක එක ආකාරයට , අදහස් දෙන්නේ ඔවුන්ගේ බුද්ධිය අනුව , සහ ඔවුන්ගේ දේශපාලන වටපිටාව අනුව , කෙසේ වෙතත් සැමදා සිදුවන්නේ බංකොලොත්වූ විප්ලවවාදීන් හෝ විමුක්තිවාදීන් කියා ගන්න කොටසක් , අහිංසක සිසුන්ගේ කර මතින් තම අදහස් ක්‍රියාවට ගෙනයන්ට තැත් කිරීමේ ප්‍රතිපලයකි , මේවා සිදුවන්නේ නොදියුණු ලෝකයේ සිසුන් මුලා කිරීමට සිටිනා කොටසක් නිසාය (බ)
සහෝදරයා ලංකාවේ පොලිසියේ කොහෙද මොලේ තියෙන අය ?????.....(රේ)