ප්‍රංශය හා ජර්මනිය අතර පැවැති පාපන්දු තරගයක් නැරඹීමට ප්‍රංශ ජනපති ෆ්‍රැ්කොයි ඔලන්දේ ගොස් සිටියදී මරාගෙන මැරෙන බෝම්බ පටි පැළඳගත් ත්‍රස්තවාදීන් එම බෝම්බ පටි පුපුරවාගත් බව පැරිස් නුවර අලුත්ම වාර්තා කියයි.
එම ප්‍රහාරයේ ඉලක්කය ප්‍රංශ ජනපතිද යන්න නොපැහැදිලිය.
80,000ක් ක්‍රීඩා ලෝලියෝ තරගය නැරඹීමට පැමිණ සිටියහ.
ප්‍රංශ ජනපති වහාම පිටියෙන් ඉවත් කළ අතර මහජනයාද ඉවත් කරනු ලැබූහ.
ඉනේ බැඳගත් බෝම්බ පටි පුපුරවාගත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් පසු තවත් ත්‍රස්ත පිරිස් බෝම්බ ගැසූ බවත් එම පිරිසේ සිටි 100 දෙනකු මැරෙන්නට ඇති බවත් කියති.
සෙසු අය මැරෙන්නට ඇත්තේ අනෙක් ප්‍රහාරවලින් බවද තුවාල ලැබූ 60ක් රෝහල්ගත කළ බවද ඔවුන්ගේ පිරිසකගේ තත්ත්වය බරපතල බවද ප්‍රංශ රෝහල් ආරංචි කියයි.
ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිර්දය ලෙස ගෙනයන බව ප්‍රංශ ජනපති අවධාරණය කරයි.
අමෙරිකාවේ ජනපති බැරක් ඔබාමා කියනුයේ එම ප්‍රහාරය මිනිස් වර්ගයාට එරෙහි ප්‍රහාරයක් බවයි. ඉන්දීය අගමැති මෝදි පැවසූවේ එය නිහීන, අධම හා කුරිරු ප්‍රහාරයක් බවයි.
මෙම ප්‍රහාරයත් සමග අමෙරිකාවේ නිව්යෝක් නුවර ආරක්ෂාවද තර කර ඇත.
ප්‍රහාරයට ආ ත්‍රස්තවාදීන් මැරුම් කන්නට හා කිහිප දෙනකු බේරී සැඟව සිටින්නට ඇතැයි කියති. ප්‍රංශ පොලිසිය හා යුද හමුදාව ඔවුන් සොයා පරීක්ෂණ අරඹා ඇත.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
30 අවුරුද්දක් ඔය වේදනාව අපිත් වින්ඳා. ඒ වේදනාව අන් ජාතියකට නොමවේවා! (නි)
ප්‍රංශ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි (නි)
මිට අවුරුදු 30 කට පෙර ලෝක බලවතුන් ත්‍රස්තවාදයට එරෙහිව එකමුතුවෙලා ක්‍රියා කලානම් අද ලෝකය මෙට වඩා සුන්දර තැනක් වෙන්න තිබුණා. එදා තස්ත්‍ර විරෝදී අරගලයේදී ශ්‍රී ලංකාව තනි කරපු එකේ විපාක තමා අද මුළු ලෝකයම විදවන්නේ(ම)
අන්තිමේදී අසරණ ජීවිතයි බිලි වුණේ. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් යටම අද ඒවායේ පලවිපාක භුක්ති විදින්නට සිදුවෙලා.(ම)
ත්‍රස්තවාදයෙන් බැටකන රටවල් මෙයින් ගන්න තියෙන ආදර්ශය නම් අපි වගේ පුංචි රටවල් වගේ ලෝක ජනමතයට අහුම්කන් දෙමින් හා තරහ කරගන්නෙත් නැතුව නැසූ කන් ඇතිව 2009 දී ලංකාව කළා වගේ තමන්ගේම විශිෂ්ඨ ක්‍රමයකට ත්‍රස්තවාදය වනසා දැමීමයි...! (ම)
අපි කොටියට අපි ගහනකොටනේ අමාරුවුණේ. දැන් තේරෙනවා නොවේද ත්‍රස්තවාදයේ රඟ? (නි)
ප්‍රනාන්දු කියනදේමයි මටත් කියන්න තියෙන්නේ (නි)