"පසුගිය වසර කීපය තුළ මෙරට පරිසරය විනාශ කිරිම සිදු කළේ දේශපාලනඥයින්ගේ ආශිර්වාද උඩයි. තමන්ගේ පුද්ගලික ආර්ථිත වාසි බලාගෙන නොයෙකුත් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කටයුතු කළේ හිත් පිත් නැති මිනිසුන් ලෙස‘‘ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ දී වරලත් පරිසර වෘත්තියවේදීන්ගේ ආයතනයේ සැසිවාරයට සහභාගි වෙමින් පැවසුවේය.
පරිසරය විනාශ කිරිමට දායක වන ඕනෑම පුරවැසියකුට තරාතිරම නොබලා නීතියට අනුව දැඩි දඩුවම් දීමට අවශ්‍ය අංශ වලට උපදෙස් දී ඇති බව සිරිසේන මහතා කීවේය.
එහි සභාපති රමණි ඇල්ලෙහෙළ , හිටපු සභාපති වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු එම ආයතනයේ සාමාජික සමාජිකාවෝ රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක ද සිල්වා









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාසේන හෙට්ටිඅරච්චිගේ මල්ලි ගොවීන්ට වතුර දෙන ඇල උඩ කොන්ක්‍රීට් දාල වහගෙන කඩයක් ගෙන ඉන්නවා.එකට කරන්ට් එකත් දීල තියෙනවා.අය්යා පරිසරය සුරකිනවා. කොය් ආණ්ඩුව ආවත් එයාල දිනුම්. ගිය ආණ්ඩුව කාලේ සහෝදරයින්ගේ දරුවන්ට ජල සම්පාදන මණ්ඩලයේ රස්සා දුන්නා (ම)
පසුගිය කාලේ දේශපාලකයෝ කියද්දී ඔබ තුමත් ඒ ඝණයට අයිති වෙනවා .ඔබත් ඒ වගකීම බාර ගත යුතුයි . අනික ඔබගේ හැම කතාවකම කියන්නේ "පහුගිය " කියන වචනය .කතාව නවත්තල වැඩ කරලා පෙන්නන්න (රේ).
වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙනඒමයි අපේ බලාපොරොත්තුව (නි)
දැන් ඒ වැරදි නිවැරදි කරගන්න කාලයයි (නි)
සුසන්ත,පොඩ්ඩක් ගරුසරු ඇතුව කතාකළොත් නේද හොඳ? (නි)
පරිසරය විනාශ කරන්නා තමන්වද විනාශ කරගනියි (නි)
ඉසුරු පුදන්න ඕනෑ පිදිය යුත්තන්ටය (නි)
කලේ විනාශ වෙලා යනවා දන්නේ නැතුව ඇති (රේ්)
මේවා නවත්වන්න පුලුවන් නම් ලොකු දෙයක් (නි)
පවු බබා! අවාසනාවට රූකඩයෝ දන්නේ කලින් ඒවා ගැන පච හලන්න විතරයි. කරන දෙයක් නෑ, කටින් විතරයි වැඩ. ඉස්සර කැලෑ පාලුවෝ කිව්ව අය අදත් ලොකු ඇමතිල, කැලෑ විනාසේ දිගටම.වෙනවා මිනිස්සු දෙපාරක් රැවටුනා වගේ හැමදාම රැවටිලා ඉඳියි කියලයි මෙයාල හිතන් ඉන්නේ. (රේ)
අතීතයට දොස් පරොස් කීමෙන් පමණක් අනාගතය යා හැකිද (ම)
මෙය බබා. මෙයාගේ අශිර්වාදෙන් අරහේ කෙනෙක් වනාන්තර පිටින් එලි කරනවා. ලංකාදිපෙත් කිව්වා. එ්ත් මොකුත් කරන්නේ නැ. මෙයාගේ බොරු බයිලා විතරයි (බ)
කට විතරයි වැඩ නෑ (බ)
කිවුවට මේ රටේ කිසිම දේශපාලකයෙක්ට දඬුවම් ලැබී නෑ. අපිට නම් අහල ඇතිවේගන එනවා. තව පොඩ්ඩක් ඉවසන්නම්. හොඳේ. කාට මේවා කියන්ඩද? (බ)
එදා කරපු වෑරදි පේන්නෙ අද. අද කරන වෑරදි පේන්නෙ හෙට. (බ)
අර රිෂාඩ් ගොය්යා අරහේ දාගෙන කැලේ කපනවා මෙයා දන්නේ නැහැ! (රේ)
එක්කෙනුකුටනම් දෙවියෝ දඩුවම් දුන්න .සදාකාලික අබ්බගතයෙක් වෙලා ඉන්නවා දකුණේ කෙනෙක්. (බ)
හොඳ කතාවක් (නි)
මේවා ක්‍රියාත්මක කරන්න හැකි ඉක්මන් එවිටයි අගනේ (ම)
සම්පුර්ණ ඇත්ත. (නි)
එතකොට විල්පත්තුව මොන රටේද ? (රේ)
මේයා දන්නේ එක දෙයයි .මම මේ මුකුත් දන්නේ නෑ කියන්න විතරයි.නැගනහිර පළාතේ පොතුවිල් හා ලාහුගල ලේකම් කොට්ඨාශ වලට අයත් කුබුක්කන සංරක්ෂත් වනාන්තරයෙන් රදැල්ල ප්‍රදේශයෙන් අක්කර 62 ක් මේ වෙනකොත් වනසලා ඒවා මේයා දන්නෙත් නැතුව ඇති.අනේ අපේ රටට යන කල.මෙහම ගියයොත් සිංහලයට රටක් නැතිවෙන එක වැඩි ඇතක නොවේ .(රේ)
කියනවා විතරයි කොරනවායැ... (රේ)
ගසක් රෝපණය කරන්න සුදුසුම කාලය අදින් වසර 30 කට පෙරදීය.සියටෙල් පරම්පරාවේ අන්තිම මිනිසා මියගියේ ද අදින් වසර 30කත පමණ පෙරය, බඩගෝස්තරවාදය පෙරට ගත් දේශපාලන අලුගෝසුවෝ පරිසරය විනාශ කලේ කිසිදු අනුකම්පාවක් නැතුවය. සෑම ගසකටම අරක්ගත් රුක් දෙවියෙක් සිටි යන සංකල්පය විනාශ කලේ ඔවුන්ගේ හෙන්චයින්ය.(රේ)
ගසක් රෝපණය කරන්න සුදුසුම කාලය අදින් වසර 30 කට පෙරදීය.සියටෙල් පරම්පරාවේ අන්තිම මිනිසා මියගියේ ද අදින් වසර 30කත පමණ පෙරය, බඩගෝස්තරවාදය පෙරට ගත් දේශපාලන අලුගෝසුවෝ පරිසරය විනාශ කලේ කිසිදු අනුකම්පාවක් නැතුවය. සෑම ගසකටම අරක්ගත් රුක් දෙවියෙක් සිටි යන සංකල්පය විනාශ කළේ ඔවුන්ගේ හෙන්චයින්ය. (බ)