පරිසරය විනාශ කරන්නන්ට ඉඩ දී පරිසරය රකින්නට කැප වී සිටින රාජ්‍ය ආයතන නිහඬව සිටින බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එම ආයතන ප‍්‍රධානීන්ට චෝදනා කළේය.
පස් කඳු කපා හෙළන්නට වැලි ගොඩදමන්නට මෙන්ම කැලෑ කපන්නට ද බලපත‍්‍ර ලබා දී ඇත්තේ පරිසරය රකින්නට කැපවී සිටින ආයතන විසින්ම බවත් බලපත‍්‍ර ලබා දුන් පසු සිදුවන්නේ කුමක් දැයි නිකමටවත් ඔවුන් සොයා බලා නැතැයි පෙනෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මහනුවර කොළඹ මාර්ගයේ ඉදිකිරීම් සඳහා පස් කපා ගැනීමට යැයි කියමින් පස් කපා ගැනීමට ඉකුත් ජනවාරියේ බලපත‍්‍ර නිකුත් කොට ඇති බවත් තවමත් අරඹා නැති මාර්ගයකට මාස දහයක් තිස්සේ කැපූ පස් දැමුවේ කොතැනක දැයි ජනාධිපතිවරයා ප‍්‍රශ්න කළේය.
අඹේපුස්ස ඔරලෝසු කණුව අසල කන්ද සම්පූර්ණයෙන් කපා අවසන් කොට ඇති බවත්, අලව්ව ප‍්‍රදේශයේ ගමකට පානීය ජලය සපයන දිය උල්පත ඇති කන්දක් ජනතා විරෝධය නොතකා කපා ඇති බවත් කී සිරිසේන මහතා එය කපන්නට ඉඩ නොදුන්නොත් පොලිසි ගෙන යන බව පවසා ජනතාව බිය ගන්වා ඇති බවත් සඳහන් කලේය.
මේ ප‍්‍රදේශයේ ජනතාව අතර තමන්ට දැඩි අප‍්‍රසාදය පළවන අතර ඊට හේතුව මෙම පස් කැපිම බව ඔත්තු සේවා දන්වා සිටීම නිසා සොයා බලා වහාම එහි පස් කැපීම් නැවැත්වූ බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
එහි පස් කැපීම් බලපත‍්‍රලාභියා පස් කපා ඇත්තේ “මේක ජනාධිපති ගේ ඕඩර් එකක්“ යැයි කියමින් බව ජනපති කීවේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය රකින්නන් කියලා කියන්නේ රස්සාවක් කරන කට්ටිය. ඒගොල්ලෝත් හදන්නේ කාලා බිලා ජීවත්වෙන ක්‍රමයක් හොයාගන්න. සුපිරි පාරවල් වල සුපිරි වාහන වලින් යන්න. අපේ කටියත් හිතා ඉන්නේ කල්පනා කරන දේවල කටින් කිව්ව පළියට මැජික් වගේ පහළකරන්න පුළුවන් කියලා. (නි)
හරියට හරි ජනාධිපතිතුමා. මහවැලියේ වැලි හාරපු එවුන් ගැනත් ඔහොම හොයලා කියන්න.(අ)
ආරංචියේ හැටියට පවුලේ අයම පරිසරය කනවා කියාලයි පොළොන්නරුවේ මිනිස්සු කියන්නේ. (අ)
බලයේ ඉන්න අයම පරිසරය විනාශ කරනවා.(හේ)
ඔබතුමා හරියට හරි.(හේ)
මේ ගැන සොයා බලන්න.(හේ)
දූර දර්ශී නායකයෝ නැති වුනාම වෙන දේවල් තමයි මේ ..(හේ)
පරිසරය රකින්න තියෙන නීති හොඳටම ඇති. ක්‍රියාත්මක වෙන්න නැති එක තමයි ප්‍රශ්නේ. (හේ)
ඒක නම් ඇත්ත.(හේ)
විල්පත්තුව ගැන මොකද කියන්නේ.(හේ)
කැලා කපන, පස් කඳු කපන, වැලි ගොඩ දමන, හොරුන් තමයි අපේ ජාතික වීරයෝ. එතුමා මේ කිසිවක් නොදැන ඇයි අපේ වීරයින්ට දෝෂාරෝපණය කරන්නේ? අනික රජයෙන් ඔය බලපත් දෙන අය ඕවා කලාම පරිසරයට හානි සිදුවෙන්නෙත් නැහැනේ. අනික පරිසරය වුණත් දන්නවා. පරිසරය තිබෙන්නේ, දේශපාලක හෙන්චයියන්ගේ පරිභානය සඳහා කියල.(අ)
විල්පත්තුවෙන්ම පටන්ගමු නේද? (නි)
මෙය දන්නේ නෑ එයා කව්ද කියල. ඔය කැලා විනාශ කොරන ඔවුන්ට ලොකු ලොකු ඇමතිකම් දීල තියෙන්නේ අපිද ? කටේ කයිවාරු විතරයි. මෙයා පත් කරපු අපිට ගහන්ට ඕනේ .කාලෙන් කාලෙට ජෝක් කරන මෙයට වැඩිය හොදය බන්දු සමරසිංඝ ජනාදිපති කරනම්. (අ)
බලාගෙන ගියාම අපිට තියෙන ප්‍රශ්නෙමනේ ජනාධිපති තුමාටත් තියෙන්නේ? ඒ නිසා අපි දෙගොල්ලොම එකතු වෙලා උඩ ඉන්න දෙයියන්ටවත් කියමු මේ ප්‍රශ්න ටික අපිට විසඳලා දෙන්න කියලා? (අ)
අතුරුගිරියේ අරංගල කුඹුරු ටික රැකදෙන්න. ගොවිජන සේවා එකේ ඉන්න අය කුඹුරු ගොඩකරන්න බලපත්‍ර දෙන බව දන්නේද? (ම)
අනේ මොකටද අපි මේවට උත්තර දීලා ලේ පුච්චාගන්නේ? (නි)
මේ රටේ අක්කර දහස් ගණනක් කැලේ කපනවා කියලා මෙතුමා දන්නේ අදද..? (නි)
දැන් අපිට මොකද කරන්න කියන්නේ? ඕකට තමා රටේ ජනාධිපති කෙනෙක් ඉන්නේ (නි)
රටම නැතිවෙලා තියෙද්දී පරිසරය ගැන මොන කතාද? (නි)
සහතික ඇත්ත ජනාධිපතිතුමනි. පරිසරය භාර ඔබතුමාට තමයි. අර රටට හානිකර විනාශකාරී පෝර්ට් සිටියට නැවතත් අවසර දුන්නේ ඇයි? (නි)
පුලුවන්නම් කතාව පැත්තකින් තියලා විධායක බලය පාවිච්චි කරලා වැරදිකාරයින්ට දඬුවම් කරලා පෙන්වන්නකෝ (නි)
එතකොට අර පරිසරය විනාශකරන, චිනාට බයේ ආයෙත් හදන පෝර්ට්සිටිය හදන්න මිගමු පැත්තේ මුහුද හාරලා වැලිගන්න එක පරිසරය කෑමක් නොවෙයිද. (නි)
ඕවා මොනවද, රට රකින්න කියලා ආ උදවිය රටම කන්නේ. රටේ නායකයෝ ජාත්‍යන්තරය ගහන ගහන හැම පදේටම උඩ පැන පැන නටන්නේ. එහෙවු එකේ ඕක අහන්නත් දෙයක්ද. (නි)
එහෙනම් ඉන්නකෝ, අපිවත් ඕකට මොනවාහරි කරන්න. ඔබතුමාට බොහොම ස්තුතියි අපේ අවධානය යොමුකළාට (නි)
හැබෑට කවදද ඔය කොළඹ නුවර අධිවේගේ වැඩ පටන්ගන්නේ? දැන් අවුරුදු 2ක් වෙන්න ආවා. තාම කාණුවක්වත් කපලා නැහැ නේද පාරේ? අනේ අර කලින් ආණ්ඩුව තිබුණා නම් දැන් පාරේ වැඩ බාගයක් ඉවරයි. මිනිස්සු ඔය පාරේ යනවා කොළඹ ඉඳන් අඩුගානේ අඹේපුස්ස හරියටවත්! වෙනසක්නේ ඕනෑ කළේ. ඔය ලැබිලා තියෙන්නේ මදි නොකියන්න. අවුරුදු 5 ඉවර වෙන්න කලින් කිලෝමිටරයක්වත් හදාගන්න පුළුවන් වුණොත් තමා ලෝක පුදුමේ! (නි)
සහතික ඇත්ත සර්. (නි)
ඇයි සමහර රට රකින්නෝත් රට කන අවස්ථා තියෙන්නේ (නි)
අභය භුමි පිටින් ගිලින අයව දැන දැනම ළඟට අරන් ඇමතිකම් දීපු ආණ්ඩුවටත් ඒකේ වගකිවයුත්තන්ටත් බැන්නා නම් නරකද? (නි)
හැමදාම කරන්නේ කාටහරි බනින එක විතරයිනේ. වැරැද්ද හදන්න පියවර ගන්න. කටින් වැඩ විතරක් වැඩක් නැහැ. (නි)