පරිසරය සම්බන්ධ සියළු විෂයයන් හා රාජ්‍ය ආයතන සියල්ල එකම අමාත්‍යාංශයකට ගන්නැයි රජයට බලකරන බව පරිසර සංවිධාන එකමුතුව පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංවිධාන කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම අමාත්‍යාංශ ලෙස පැවතීමෙන් ගැටළු රැසක් ඇතිවන බවත් ඔවුන් පෙන්වාදෙයි.
දින සියයේ පාලන කාලයේ දී ද මේ වරද ඒ ආකරයෙන් ම පැවති බවත් පාර්ලිමේන්තුව විසුරුවාහරින අවස්ථාව වනවිට පරිසර අමාත්‍යවරයා ජනාධිපතිවරයා වුව ද වනජීවී දෙපාර්තමේන්තුව සංචාරක අමාත්‍යාංශය යටතේ තිබූ බවත් පරිසරවේදීන් පවසයි.
පරිසර සංවිධාන එකමුතුවේ සාමාජිකයන් පෙන්වාදෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, මැණික් හා පතල් කාාර්යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව එකම අමාත්‍යංශයක් යටතේ තිබිය යුතු බවයි. ඒවා බෙදා වෙන්කැර පාලනය කිරිමෙන් මෙරට පරිසරයේ සුරක්ෂිතතාව තහවුරු කළ නොහැකි බව ද ගැටළු රැසක් ඇතිවන බව ද ඔවුහු කියති. ච්ඡාවක් කැඳවමින් එම සංවිධාන කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් සිදුවියයුතු දෙයක් (අ)
එකට එක්ක්වීම හොද විසදුමකි (අ)
කඩා වෙන්කරන්නේ නැතුව අමාත්‍යංශ වැඩි කරන්නේ කොහොමද? (අ)
සමාන දෙය එකතු කිරීම වැදගත් (අ)
දැන් මේ අය කියන දේ අහල එකතු කරලා දෙවි (අ)
හොඳ යෝජනාවක් (නි)
පරිසර අමාත්‍යවරයා ජනාධිපති තුමායි මෑතදී එතුමා පරිසරය වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගත්තා මෙ ගැන අවධානය යොමු කරලා එතුමා වැදගත් තීරණයක් ගනු අැතැයි බලාපොරාත්තුවෙනවා (අ)
ඇත්ත වශයන් ම අමාතයංශ 30ට සීමාචුනා නම් රටට පැහැදිලි ගමනක් යන්නට තිබුනා. ඒත් ඒක 45 කළ නිසා දැන් ආයතන දෙපාර්තමේන්තු කිසිම පදනමක් නැතුව බෙදන්නට වෙනවා. (අ)
බොහොම හොද දෙයක් නමුත් දේශපාලුවන්ට ඕක තේරෙයි ද දන්නේ නැහැ (අ)
ඔන්න යහ පාලනයට හොඳ අවස්තාවක්. මෙය ඉතා කාලෝචිත අදහසක්. බලමු යහ පාලනයද ජහ පාලනයද පත් වුනු කට්ටිය කරන්න හදන්නේ කියල. (අ)
දැන් බොරුවට කැගහන්න එපා , හොඳින් විසඳයි හැම දෙයක්ම වෙන් කළාම හොඳ නෑ වෙන්නේ කොහොමද. (අ)