ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදු කරන පරිසර විනාශය ගැන යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණිලි කළ බවත්, තවදුරටත් පරිසර හානි සිදු වන්නේ නම් ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් පරිසර හා ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.
යුරෝපා පාර්ලිමේන්තුවට හා ජිනීවා නුවරට පැමිණිලි කිරීමට හේතුව ජනපති හෝ අගමැතිට එරෙහිව කටයුතු කිරීම නොව පරිසරය ආරක්ෂා කිරීම බව ද ඔහු කීවේය.
කාරියවසම් මහතා මේ බව පැවසුවේ අද මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
ලංකාවේ පරිසර ඇමැතිවරයා වන්නේ ද ජනාධිපතිවරයා බවත්, සංවර්ධන කටයුතු යැයි කියමින් දිනෙන් දින පරිසර හානි සිදුවීම වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය දක්වන දායකත්වය අවම බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.
COMMENTS
පරිසර වේදීන්ට අනුව ජනතාව කටයුතු කරනවානම් පරිසර උවදුරු අවම කරගත හැකිය... අපේ රට පුරුදු පුහුණු වී තිබෙන්නේ නීතියට පිටුපාමින් කටයුතු කිරීමටනේ ... බරපතල කාරණය මේ නීති සම්පාදනය කරන පුද්ගලයන්ම නීතියට විරුද්ධව කටයුතු කරන එකනේ. (ම)
සියල්ලටම කලින් කුණු වලට විසුදුමක් හොයගන්න (ම)
මේ කරපු දේ නම් හරි නෑ.(හේ)
ටොපියක් කාල ටොපි කොලේ පාරට දාන එකත් පරිසර දුෂණයක්.පොතක් ගත්තත් සිලි සිලි (ශෝපින්ග් බැග් ) එකක දාල තමයි දෙන්නේ.එ්වයි කිසිම පාලනයක් නැහැ .ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න තොර තෝංචියක් නැතිව කෑගහන කිසිම මාධ්‍යකට හො රජයකට වුමනාවක් නැහැ. හරිම කනගාටුයි (හේ)
පිළියන්දල පොලීසියී පරිසර ලොක්ක වහාම ජිනීවා නුවරට රැගෙන යන්න පරිසර අපරාධ සහ ඩෙංගු මරණවලට වගකීම වෙනුවෙන් (බ)