ශ්රී ලංකාවේ සියලුම පූජනීය ස්ථාන පිරිසිදු කිරීමේ පළමු පියවර අද ශ්‍රීපාද කන්දෙන් ආරම්භ විය. පරිසර නියමුවන්, පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල සිසුන් දහසකගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදුකරනු ලබයි. මධ්‍යම පරිසර අධිකාරිය මෙය ක්‍රියාවට නංවයි. මීට අමතරව රුක් රෝපණ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ස්තූතියි! (නි)
ඉතා යහපත් වටිනා කාර්යයක් (නි)
ඔබට මගේ ආචාරය!අපේ රටේ මිනිස්සු මකලා ගන්න ඕනෑ මේ වගේ කැත පුරුදු අත්හරින්න නම්. (නි)
ඉතා යහපත් කාර්යයක්.සියලුදෙනාටම පින් ලැබේවා. (ස)
මම දකින විදිහට වර්තමාන තරුණ ළමයි වැඩිහිටියන්ට වඩා පරිසරයට සහ වන ජීවීන්ට හුගක් සංවේදී වෙලා කියලයි හිතෙන්නේ. වැදගත් විදිහට හැදුනු හැම ළමයෙක්ම ගහ-කොළ වලට සතා සීපාවන්ට ආදරෙයි. මේ හැම කෙනෙක්වම සියලු ස්වභාවික විපත් වලින් ආරක්ෂා වෙනවා සිකුරුයි. දුක හිතෙන්නේ ළමා සහ තරුණ අය හිටවන ගස්-කොළන් කපලා දාන්න බලාගෙන ඉන්න බලවතුන් ඉන්න එකටයි. (නි)
ඉතාම අගය කල යුතු කාර්යක් , මීට අමතරව මහජන දැනුවත් කිරීම් කරන්නත් පුළුවන් නම් හොදයි , අපේ රටේ මිනිස්සුන්ට තමයි පුරුද්දක් නැත්තේ, බලන්න විදේශිකයෙක් කිසිම දෙයක් යන තැන දාල එනවද කියල, (දී)
ඇත්තටම මේවා , මේ තරුණ ළමයි කරන දේවල් අගය කරන්න ඕනේ (දී)
සමස්ත ලාංකිකයින්ම මේ සත් ක්‍රියාවට සභාගි වෙන්න ඕනේ (දී)
අගය කලයුතු වැඩක් (දී)
පසුගිය දිනවල ඇතිවූ කටයුත්තෙන් පසු ශ්‍රී පාද මළුව අපිරිසිඳු උනා කියල මම කියන්නේ නැහැ. ඒත් මේසා විශාල පිරිසක් ඒ ස්ථානය ශුද්ධ කරන්න ගියා කියල ඇහුවහම මට හිතාගන්න පුළුවන් ශුද්ධවන්තයින් එතන ගිහින් මොනවාද කරන්න ඇත්තේ කියල. (දී)
රටේ විනය හදාගත්තොත් ඕව පිරිසිදු කරන්න දරුවෝ අවශ්‍ය නැහැ. (දී)
රෝයි සහ වීරසේකරගේ හරි.මම ලෝකයේ දුටු පිරිසිදුම නගර වලින් එකක් තමයි සිංගප්පුරුව.ඒ තත්ත්වයෙන් අපේ ලංකාවත් තියාගන්න පුළුවන් නම් කොච්චර ලස්සනද?මේවා නීති දාලම කරන්න අමාරුයි.තමන්ගේ ඇඟෙන්ම ඒ හැඟීම එන්න ඕනෑ. (නි)