පරිසර නියමු ජාතික වැඩසටහනේ 2013 වාර්ෂික කඳවුර පොළොන්නරුව පුළතිසිපුර ජාතික අධ්‍යාපන පීඨයේදි පසුගිය 16 වෙනි දින සිට දින හතරක් විශේෂාංග රැසකින් යුතුව පැවැත්විණි
මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් 24 ක සිංහල දෙමළ, මුස්ලිම් , පරිසර නියමු සිසු සිසුවියෝ 315 දෙනෙක් සහභාගී වූහ.
මෙම පරිසර නියමුවන් පරිසර නියමු පදක්කම් ක්‍රියාවලියේ ස්වර්ණ වර්ණ පදක්කම් ලාභීන්ය
මෙහිදි කඳවුරු විශේෂාංග වශයෙන් විද්වත් පරිසර දේශන සෞන්දර්යාත්මක විඩියෝ වැඩසටහන් සහ සිසු සිසුවියන්ගේ නිර්මාණ විශේෂාංග ඇතුළත් සංස්කෘතිකාංග සැඳෑවක්ද පැවැත්විණි
තෙවන දිනයේදි මාදුරු ඔය රක්ෂිතයේ ක්ෂ්‍රේත්‍ර පරිසර චාරිකාවක්ද හයිලන්ඩ් කිරි නිෂ්පාදනාගාරයද මාදුරු ඔය වේල්ල අවට නිරීක්ෂණයකද නිරතවීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි
පරිසර නියමු කණ්ඩාම් භාර ගුරුවරුන් කොමසාරිස්වරුන් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්වන පරිසර අමාත්‍යාංශයේ පුනර් ජනන බලශක්ති ඒකකයේ අතිරේක ලේකම් ඒ ආර් රූපසිංහ, සභාපති විමල් රූබසිංහ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම නියොජ්‍ය අධ්‍යක්ෂ ජෙනාරල් ජයවිලාල් ප්‍රනාන්දු මධ්‍යම පරිසර අධිකාරියේ පාලාත් සහ දිස්ත්‍රික් කාර්යාල නිලධාරින් රැසක් ද මේ සඳහා එක්වූහ
පරිසර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ සුනිල් උඩුකල මහතා ගේ උපදෙස් පරිදි මාධ්‍ය සම්බන්ධිකරණය සිදු කෙරීණි
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලග කදවුර ඉක්මනටම, අර කැලා පාලුවෝ ටික හොයල අරගෙන උන්ට පැවැත් විය යුතුයි . (අ)
හොඳ වැඩක්,කල ,දේශ පාලුවන්ටත් එකක් පැවැත්විය යුතු,හැබැයි වියදම එයාලගෙන්ම අයකර ගතයුතු. (අ)
පරිසර කදවුරක් ගස් ටික හොරෙන්කපන දේශපාලුවන්ට තියන්න කවුරුත් නැද්ද ? (අ)