දැනට විවිධ අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක වන පරිසරයට අදාළ ආයතන සියල්ල නව ඇමැති මණ්ඩලයේ පරිසර අමාත්‍යංශය යටතට පත් කරන්නැයි පරිසර සංවිධාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යංශය යටතේ ඇතත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනත් අමාත්‍යංශයක් යටතේ ඇති බවත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවත් අමාත්‍යංශයක් යටතේ ඇති බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.
එබැවින් පරිසර විෂය ඒකාබද්ධ කිරීමට කටයුතු කිරීමෙන් සංරක්ෂණ කටයුතු පහසු වන බව ද පරිදර වේදී සජීව චාමිකර මහතා කියයි.
එක අමාත්‍යංශයක් යටතට ගැනීමෙන් ප්‍රතිපත්ති සැකසීමේ දී ද පහසුවක් වන බව ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකවරම හරවන්නත් පුළුවන් ඕන අතකට,එක අතකට නරකයි,එත් හොඳ අතට ඉබේ යන්නේ නැහැ,තල්ලු අවශ්‍යමයි, නමුත් නරක අතට ලිස්සලම යනවා, (අ)
කාලෝචිත යෝජනාවක්...ක්‍රියාත්මක කළහොත් පරිසරයට ආදරේ කරන සැමගේ ජයග්‍රහණයක්...(ම)
මොනවා කරලා හරි ඇමති මණ්ඩලය 20 ට අඩුවෙන් තියාගන්න . ඇමති මණ්ඩලය කියන්නේ නියෝජ්‍ය ,කැබිනට් නොවන රාජ්‍ය අයත් එක්ක . ඒක යහපාලන පොරොන්දුවක් . ඒක මේ රජයට විශාල ගෞරවයක් වේවි. (අ)
මෙම යෝජනාව ඉතා කාලෝචිත බව පෙනෙන්නට තිබේ. ගස් සංරක්ෂණය එක අමාත්‍යංශයකට සහ එම ගසේ ඉන්න කුරුල්ලා ආරක්ෂා කීරීම වෙන අමාත්‍යංශයකට තිබීම සුදුසු නැත. (අ)
පහුගිය කාලේ රොතුපිටින් පාර්ලිමේන්තුවට අරන් දෙන්න දෙයක් නැතිකොට කරපු වින්නැහි තමයි ඔය. බලධරයෝ මේ කියන්නේ මොකක්ද කියලා ඇහුම්කන් දුන්නොත් අගෙයි නේද. (අ)
එක්කෙනෙකුට දෙන එක හොදි.එය හොද කෙනෙක් වෙන්නත් ඕන.නැත්නම් හැම එකක්ම දුර්වල වෙයි. (අ)
හරියට බෙදුවොත් ඇමතිවරුන් විස්සකට බෙදන්න තරම්වත් විෂයයන් නැහැ. වවාගෙන කෑම තමයි තියෙන්නේ.(බ)
හොඳ දෙයක්. (බ)
මේක හොඳ අදහසක්! (අ)