පැරිස් නුවර ප්‍රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍රා තැබීමේ පිංකම ගල්කිස්ස වටරප්පල බෞද්ධ මධ්‍යස්තානයේදී පැවැත්විණි.
1989 දී ආරම්භ කළ ප්‍රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යුරෝපයේ ථෙරවාද බුදු දහම ප්‍රචලිත කරවීම මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආගමික සංස්කෘතික සහ සාමාජිය අවශ්‍යතාවයන් සපුරාලයි.
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මාධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ කැපවීම මත ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මහල් තුනකින් සමන්විත නව විහාර මන්දිරයක් ගොඩනැගීමේ වැඩ කටයුතු දැනට අවසන් කර ඇත.
පසුගියදා ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මෙම පිළිම වහන්සේලාගේ නේත්‍රා තැබීමේ පිංකම සඳහා මහා සංඝ රත්නය මෙන්ම සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගිවුහ.
පිංකමේ වැඩකටයුතු සංවිධානය කරනු ලැබුවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති දිවියාගහ යසස්සී හිමියන් විසිනි.
එදින උදෑසන 9 ට මහාසංඝ රත්නය පිළිම වහන්සේලා තැන්පත්කර තිබු ශාලාවට වැඩම කළහ.
මාපලගම බුද්ධසිරි හිමියෝ පිරිස පංච ශීලයෙහි පිහිටවුහ.
මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ දර්ශනීය පිළිම වහන්සේලා තුන් නමට නේත්‍රා තැබීණි.
බුදුරජාණන් වහන්සීටත් මහා සංඝ රත්නයටත් නමස්කාර කිරීමෙන් අනතුරුව මුර්ති ශිල්පියා නේත්‍රා තැබීය.
නේත්‍රා තැබීම අවසන් වූ පසු පරවාහැර චන්දරතන නාහිමියෝ මෙම පිංකමෙහි අරමුණත් ඒ සඳහා පැමිණි ගමන් මගත් පැහැදිලිකරමින් අනුශාසනා කළහ.
විහාර මන්දිරය ගොඩනැගීම සහ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඇඹිමට ධනපරිත්‍යාගයෙන් සහ ශ්‍රමදානයෙන් සම්මාදම් වූ සහ නන් අයුරින් උදව් උපකාර කල සියලුම දෙනාටත් ප්‍රධාන ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කළ හෙවවාලඳනගේ යුවළටත් පුණ්‍යානුමෝදනා කළහ.
තමන්වහන්සේ ප්‍රංශයට වැඩමකළ මුල් අවධියේ සිට ඇසුරු කළ හබරකඩ ඉන්දරතන හිමියන් මෙන්ම ආචාර්ය ආනන්ද ගුරුගේද ඒ හිමියන්ගේ ද කෘතඥතා පුර්වකව සිහිපත් කළහ.
නේත්‍රා තැබීමේ පිංකම සංවිධානය කිරීම සඳහා විශේෂ කැපවීමකින් කටයුතු කළ ජේෂ්ඨ අමාත්‍ය ලේකම්, පරවාහැර පුණ්‍යභාරයේ ලේකම් මහින්ද මඩිහේහේවා සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල විශාල පිරිසක් සහභාගී වූහ. ඔවුහු බුද්ධ ප්‍රතිමා වහන්සේලාට ප්‍රථම බුද්ධ පුජාව ද පවත්වනු ලැබුහ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර රටක බෞද්ධ විහාරයක් ආරමිභ කරන්න ලැබීමත් මොන තරමි වාසනාවක්ද? අපේ නා හිමියන් අපිට මහත් ගෞරවයක්. නා හිමියන්ට දීඝායු සමිපත් හිමි වේවා! (නදී)
මහනුභාව සම්පන්න පින්කමකට සහාභාගිවිමට අපිට ඉඩ සලසා දුන් අතිගරු චන්දරතන නායක ස්වාමින්වහන්සේට අපගේ ගෞරව පුර්ව භක්ති ප්‍රණාමය පුදන්නෙමු.(නදී)
නේත්‍රා තැබීම කරන්නේ කණ්නාඩියක අදාරයෙන් මේ මොකද්ද මේ කරන විදිහ? (නදී)
මෙවැනි දේ කිරීමට ඔබවහන්සේට තවත් දිරිය ලැබේවා (අ)
සාදු.. සාදු...සාදු.. බුදුසසුන බැබලේවා (අ)
සකල සත්වයන්ට හිත සුව පිණිස වේවා!!! සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. (දිල්)
මෙවන් මහා පුන්‍ය කර්මයකට සම්බන්දවිමට අවස්තාව සලසාදුන් අපගේ ගෞරවනීය චන්ද්‍රරතන නායක ස්වාමින්වහන්සේට පින් අනුමෝදන් වේවා! (නදී)
බටහිර රටවල උදවිය, විශේෂයෙන්ම ඉතාලි ජාතිකයෝ හරිම හොදයි. බෝට්ටුවෙන් ආපු අයටත් පුරවැසිභාවය දීලා , ඊට අමතරව ආගමික නිදහසත් දීලා තියෙනවා. හැබැයි අපි හිතා ගෙන ඉන්නේ සුද්දෝ කියන්නේ හරිම නපුරු ජාතියක් කියලා.(නදී)