IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පැරීසියේ සමාධි කඨින පිංකම

පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ්හි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ  කඨින පිංකම පසුගිය දා පැවැත්විණි.

එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම පිංකමට ඩෙන්මාක් හී කොපන්හේගන් විහාරස්ථානයේ  විහාරාධිපති  මාරතුගොඩ උපරතන, ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති   රඹුක්වැල්ලේ දේවානන්ද , ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය හල්යාලේ විමලරතන, එහි විහාරවාසි අනුරාධපුරයේ සුමණරතන, ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර බෞද්ධ විහාරවාසි  සුදස්සි , පේරාදෙනිය විශ්ව විද්‍යායාලයේ කථීකාචාර්ය වෑතර මහින්ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථීකාචාර්ය උඩුගම සුදස්සි , වැල්ලව පුදනාපිටිය රජමහ විහාරාධිපති කුරුනෑගල චන්ද්‍රවංශ, ජර්මනියේ සෙන්ට්ගාලන් හී ශ්‍රී ලංකා මහා විහාරාධිපති  ලේඩියන්ගල සුදස්සී , ගම්පහ විජයවංශ මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති විලච්චියේ කස්සප, දළුපිටිය සාක්‍යසිංහාරාමාධිපති කිරිමැටියාගාරේ සිරිධම්ම සහ  හුරීකඩුවේ විමල යන හිමිවරු ද පිංකමට සහභාගි වූහ.

දහවල් දන්සැලෙන් හා කඨින පෙරහැරෙන් පසු කඨින චීවර පුජාවද, අනතුරුව සවස පවත්වන ලද අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනා වලින් පසු පිංකමේ කටයුතු අවසන් විය.

 



අදහස් (0)

පැරීසියේ සමාධි කඨින පිංකම

ජයන්ත-මිලානෝ Friday, 22 November 2013 08:19 PM

සාදු.සාදු.සාදු. මේවා අට මහා කුසල් වේ.එමෙන්ම සඟ රත්නය එකමුතු කිරීමද ඇති මහත් පිනකි.සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා.සාදු.සාදු.සාදු.(අ)

:       0       0

මිකනික් කරු Sunday, 24 November 2013 04:40 PM

මමත්. සුසිල්කා ගුණසේකර මහත්මියගේ අදහස කියෙව්වා මගේ වටහා ගැනීම නම් එය එක සික්ෂා පදයක් ලෙස ලියා ඇති බවයි. ප්‍රංසයේ පන්සල් බිහිවීමේ මුලික පදනම් , ඇතුලත ගැටළු පිපිරිමයි. අර්මන් ඔබන් විහාරයේ සිටම එය එසේමයි. මේවා නිසා සංඝයා මෙන්ම මිනිසුන්ද බෙදී ඇත. ප්‍රදර්ශනය නොකළ යුතු දෙය ප්‍රදර්ශනය කිරීමද අලුතෙන් පන්සලක් බිහිවීමට හේතු පාදක වී ඇත.(නදී)

:       0       0

ගයන්ත Saturday, 23 November 2013 05:00 PM

නිමල්, සංඝනායක හිමිවරුන් නැතුව අපිට කඨින පින්කමක් කරන්න බැරිද?. උපසම්පදා හිමිවරුන් හතර නමක් හිටියත් ඇති කියලයි මම නම් අහල තියෙන්නේ. (නදී)

:       0       0

සුසිලා ගුණසේකර Saturday, 23 November 2013 05:50 PM

පැරිස් නගරයේ පන්සලක් තිබෙනම් දන්නා කෙනෙකු ඇතොත් මෙහි ලිපිනය සදහන් කොරන්න මෙතනම් 1 ශික්ෂා පදයක් කඩලානේ (අ)

:       0       0

ධම්මික කැන්ඩ් Sunday, 24 November 2013 10:09 AM

රිච්ක්වින් ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණි..සාදු..සාදු ..(නදී)

:       0       0

උදය Friday, 22 November 2013 10:12 PM

මේ අටමහා පින්කම් වලින් එකක්. (නි)

:       0       0

නුවන් Friday, 22 November 2013 10:46 PM

වෛරී සිත් සහ සිතුවිලි, මෙවන් පින්කම් දැකීමෙන් හෝ අවෛරීව පහන් වේවා! ක්‍රෝධය ඊර්ෂ්‍යාව දුරු වේවා! (නි)

:       0       0

දහම් විල Friday, 22 November 2013 10:52 PM

සියළු පැරිස් බෞද්ධයන්ට තෙරුවන් සරණයි ! (නි)

:       0       0

අසෝකා Saturday, 23 November 2013 09:28 PM

සත්‍ය බුදු දහම ප්‍රචාරයට ,මහනායක හෝ සඟ නායක කියා තනතුරක් අවශ්‍යද? නිර්මල බුදු දහම සියලු සත්වයින්ටම අවබෝධ වේවා! (නදී)

:       0       0

අශෝකා Saturday, 23 November 2013 09:31 PM

මෙන්න මේ සුසිලා කියන කෙනාට පන්සිල් පද 5 හරියට කියල දෙන්නකෝ! (නදී)

:       0       0

වෙද මහත්තයා Saturday, 23 November 2013 12:11 AM

සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා දුකින් මිදේවා සැපතට පත් වේවා . අවසානයේ අමා මහ බුදුන් දැක නිවන් දකිත්වායි පතමි. (නදී)

:       0       0

නිහාල් ජේ ජයසිංහ Saturday, 23 November 2013 12:07 PM

පෑරීස් වල සියලුම බෞද්ධයන්ට තෙරුවන් සරණයි .(නදී)

:       0       0

නිමල් Saturday, 23 November 2013 02:20 AM

පැරිස් නුවර සංඝනායක හිමිවරුන් මෙහි දකින්නට නැහැනේ (නි)

:       0       0

අශෝක Sunday, 24 November 2013 08:11 PM

පැරිස් ගැන ඔය තරම් දන්නා ඔයා දන්නේ නැද්ද පැරිස් වල බෞද්ධ පන්සලක් තියෙනවා කියලා. ඉරිදා උදේට ෆ්‍රාන්ස් 2 යන බෞද්ධ වැඩ සටහන් බලන්න.(නදී)

:       0       0

දොඩන්ගොඩ Sunday, 24 November 2013 01:21 AM

සුසිලා ගුණසේකර පැරිස් නගරය තුල පන්සල් නැහැ . එහෙත් පැරිස් නගරයේ සිට විනාඩි 20 ක් තුල ඕනෙම කෙනෙකුට යාහෙකි පන්සල් 3 ක් තිබෙනවා ලංකාවේ භික්ෂුන් සිටිනා . එය හේර තවත් පන්සල් තියෙනවා කාම්බෝජ වියට්නාම් තායිලන්තයේ අයගේ . ඔවුනුත් ලංකාවේ පන්සල් වලට එනවා යනවා . එමෙම්ම ලාංකිකයන් ඔවුන්ගේ පන්සල්වලටද සහබාගි වනවා . දැනුවත් කිරීමක් කරේ (අ)

:       0       0

වාසනා කරුණාරත්න ටොරොන්ටෝ Sunday, 24 November 2013 01:24 AM

සුසිලා ගුණසේකර නමින් ඉන්නේ බෞධයකු නොවෙන්නට පුළුවන . පලවෙනි පන්සිල් පදය ( පානාතිපාතා වේරමණී සික්කා පාදන් සමාදියාමි ) එයත් සමග මොකක්ද තිබෙන සම්බන්දය පැරිස් නුවර පන්සල් තිබීම ? සුසිලා පළමුව පන්සිල් පද ඉගෙන ගන්න පසුව ප්‍රතිචාර දමන්න . තරහ ගන්න එපා (අ)

:       0       0

කරූ Saturday, 23 November 2013 02:37 PM

සුමංගල නායක හාමුදුරුවෝ හරියට පේන්නේ නැහැනේ.(නදී)

:       0       0

සමන් Saturday, 23 November 2013 08:12 AM

සාධු සාධු සාධූ!!! (නි)

:       0       0

මලිත් Saturday, 23 November 2013 08:16 AM

මෙවැනි දෙයක් දැකීමමත් සතුටක් (නි)

:       0       0

වෙදමහත්තයා Saturday, 23 November 2013 03:47 PM

මේ ලියන මහත්තයා පැරිසියේ සහ එංගලන්තෙයේ දෙකේම එකවර ඉන්නා කෙනෙක්ද ? වරක ලන්ඩන් වල කියා එකක් දමනවා . වරක පැරිසියේ කියා දමනවා . ඔහු ළඟ පියාඹන පිරිසියක් වත් තියෙනවද ? (නදී)

:       0       0

කමල් Saturday, 23 November 2013 03:48 PM

නිමල්, ඒකට ලොකු හේතුවක් තියේනවා. මේවගේ ඇත්ත පත්තරවල අය දන්නේ නැහැ. ඒක නිසා මිනිස්සු පැරිස් නුවර සංඝනායක හිමිවරුන් ගැන වැරදී විදියට හිතනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site