පැරීසියේ එක්සත් ජාතික පක්ෂය වසරකට වරක් පවත්වන මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් ශූරතා තරගාවලිය පැරීසියට නුදුරු බගතලේ ක්‍රීඩාංගනයේදි පැවැත්විණි. මෙම තරගාවලියට විශේෂ අමුත්තෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වත්මන් වේග පන්දු පුහුනුකරු චම්පක රාමනායක මහතා සහභාගි වුයේය.
අභාවප්‍රාප්ත මොහාන් විජේසිංහ මහතා පැරීසියේ එක්සත් ජාතික පක්ෂය නඟා සිටුවීමට මෙහෙය වෙනුවෙන් මේ තරඟාවලිය නම් කර ඇත.
ඔහු පක්ෂයට ආදරය කළ සිංහල, දෙමළ සියලූ දෙනා අතර ජනප්‍රිය ශ්‍රී ලාංකිකයෙකි. සිංහල,දෙමල,මුස්ලිම් සහජීවනය අපූරුවට විදහා දැක්වූ ඉහත ක්‍රිකට් තරගාවලියට සියලූම ජාතීන්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලාංකික කන්ඩායම් 18ක් සහභාගි විය. එක් කණ්ඩායමකට හය දෙනා බැගින් පන්දු ඕවර හතරකින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමේහිලා අඡිත් පෙරේරා හා ප්‍රභාත් පුන්නජී පුරෝගාමී වුවෝය. සහභාගි වූ සියලූම කණ්ඩායම් පරදවා කසුන් කස්තුරිගේ සුපර් හිට්ස් තරුණ ක්‍රිකට් කණ්ඩායම 2013 මොහාන් විජේසිංහ අනුස්මරණ ශූරතාවය ජය ගැනීමට සමත් විය.
පැරීසියේ එක්සත් ජාතික පක්ෂ සංවිධානය විසින් ආරම්භ කැරුණු එහි මරණාධාර ඒකකයට ආධාර පිණිස පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රතිලාභ සංවිධානයේ සමාඡික හා එම පවුල්වල ඥාතීන්ගේ මරණයකදී මුදලින් උපකාර කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා පැවැත්වු ඉහත ක්‍රිකට් තරගා වලියට නන් අයුරින් සහයෝගය දුන් සියලූ දෙනාටම තම සංවිධානයේ ස්තුතිය පුදකර සිටින බව එහි සභාපති අජන්ත කල්දේරා මහතා එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදී ඔයා හරි (නි)
මොන අඩුපාඩු තිබුනත් වැඩේ හොදින් වුණා (නි)
ක්‍රිකට් ගහන්නේ කොහොමද කරුවලේ ඕක බලන්න මමත් ගියා . සංවිධාන කටයුතු ........ නිල් ............... ???????????????
අගුනුකොළපැලැස්සේ කිරි දරුවෝ ඒ කිවුවේ මොන්ටසොරි ළමයි ටින් කඩනකොට ඔයිට වැඩිය ලස්සනයි ... දුකයි අනේ ඉතින් මොකද කරන්නේ ? (අ)
බිරිදට දරුවට ආදරේ නොකලට බෝතලෙටත් ආදරේ කෙරුවා.(නදී)
සෝමේ අයියේ ඔයා හරියටම හරි. මෙයාලා ලංකාවෙත් නානවා, ප්‍රංශයේ පැරිස් නගරයේ ඇදගෙන නානවා පවු. ශ්‍රී ලංකා නිධහස් පක්ෂය සංවිධානය කල ආත්මා සමග ස . නි . ද . ප සංගීත සදැල්ල කට කපලා හවුස් පුල්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකාවෙ කළත්, පැරිස් වල කළත් එළකිරි. ඔයාල කැට්ටිය ලැජ්ජ වෙන්න නැතුව නොදන්නා දෙයක් ඇත්නම් දන්නා කාගෙන් හරි අහන්න. ඕකට තමයි කියන්නේ බැරි දේ නොකරන් අබරෝ කියලා.(නදී)
තවත් සිංහලුන් අතරේ බෙදීම් ඇතිවන වැඩක්. පක්ෂ වලට බෙදිලා, සංවිධාන වලට බෙදිලා, පන්සල් වලට බෙදිලා සිංහල එකමුතුවක් කවදා ඇති වේද? (නදී)
මොනවා වෙතත් විදේශ රටවලදි ශ්‍රී ලාන්කිකයන් භේද නොවී එකමුතුව වැඩ කිරීම අගය කලයුතුයි. (අ)
සංවිධායක මඩුල්ලට සහ ක්‍රීඩකයන්ට මගෙන් සුභ පැතුම්! (නි)
ඔන්න ඔන්න අපිව අන්දන්න හදනවා...බගතලේ තියෙන්නේ ලංකාවෙනෙ.(නදී)