පැරීසියේ ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් ද නත්තල් ආසිරිය මහ ඉහලින් සමරන්නට යති.
ඊට සමගාමීව පැරීසියේ ලංකා අප ස්වාමි දුවගේ කිතුනු සංගමය මෙවර ඔවුන්ගේ විසිපස් වැනි ජුබිලිය සමරමින් ඒ සමගම නත්තලේ සාම සැදෑව පවත්වයි. දෙසැම්බර් මස 14 වෙනි සෙනසුරාදා සවස 03 සිට රාත‍්‍රී 10 දක්වා පැරීසියේ සෙන්ට් ඔගොස්ටාන් කතෝලික දෙව් මැදුරේ ශාලාවේදී ඉහත නත්තල් ප‍්‍රසංගය පැවැත් වීමට යයි.
ජාතික උපාධ්‍යාය රෝයි කැලැරන්ස් පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් සමරන මෙම ප‍්‍රසංගයට ලීනස් පියතුමා, රොජර් පියතුමා, කොලෝඩ් නෝනිස් පියතුමා, ප‍්‍රංශ ජාතික ෂේවියෙර් රම්බෝ පියතුමා, සමග වතීකානුවේ අෆෝස්තලික සභාවේ රොබින්සන් විජේසිංහ නාහිමිපාණන්, මොහෝමඩ් නවාස් ඉස්ලාමීය හා හින්දු පූජක වරුන් සමග පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි, ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ විහාරවාසි ජිනානන්ද හිමි වැඩම කරන අතරම ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති නීති විශාරද මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ද සමග තානාපති කාර්යාලයයේ නිලධරයන් ද ඊට සහභාගී වීමට නියමිතය.
ආචාර්ය සෝමපාල විජේසිංහ මහතාගේ රචනයෙන් හැඩ වැඩවූ පැරීසියේ ධම්ම චක්ක දහම් පියසේ දරුවන් ගේ මියුරු ගීතිකා සමග කිතුනු දරු සාම ගීතිකා ප‍්‍රසංගය පන්සලෙන් පල්ලියට මෙන්ම පල්ලියෙන් පන්සලට යන පුරාණ සංකල්පය සජීවිව වර්ණවත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තියෙනවා නම් සැමදාමත් නත්තල් වගේ.(නදී)
නත්තලේ අසිරිය තවම අපිට දැනුනේ නැත.(නදී)
පැරිසියේ කිතුනු සංඝයා වාර්ෂිකව ඉදිරිපත් කරන කැරොල් උත්සවය සහ නත්තල් සැමරුම් ප්‍රසංගයට මගේ උණුසුම් සුභ පැතුම්! (නදී)
ජේසු සමිඳුනි, එකිනෙකාට වෛර නොකරමු, ඊර්ෂ්‍යා නොකරමු. එසේ නම් සැබෑ කිතුනුවන් ලෙස උන්වහන්සේගේ නාමයෙන් නත්තල් පණිවුඩය, එනම් සාමය පතුරවමු (නි)
අපි කතෝලිකයින් හැටියට, අපේ පියතුමා, අපේ පල්ලිය, අපේ බයිබලය, අපේ කතෝලිකයෝ රැකගත යුතුයි. අපි අතර සිටින ජුදාස් ලා හදුනා ගත යුතුයි.(නදී)
අහෝ ජේසුනි ඔබ වහන්සේ පවු කාරයන් උදෙසා රුදිරය පුජා කොටකුරුසය මත නිදන් කාලාසේ පැරිසියේ සිටින්නවුන්ද මුදාගනු මැනවි. සුබ නත්තලක් !(නදී)
පැරිසියේ නම් බොහෝ ලාංකිකයන්ට සැමදාමත් නත්තල් වගේ. (නි)
ආගමික සංහිදියාව සාම කුමාරයා ඉපදුන නත්තල සමග පැරිස් නුවර ලාංකිකයන් එකමුතුව සැමරීම ඉතා අගය කරන අතර එය ශ්‍රී ලංකාව තුල ආගමික නොසන්සුන්තාවයන් ඇති කිරීමට උත්සහ කරන්නන්ටද ප්‍රබල පණිවිඩයක් වේවා.(නදී)