පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙවර ඔක්තෝබර් 27 වැනි ඉරු දින පැවැත්වීමට නියමිතය.
කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය බලන්ගොඩ සෝභිත හිමි, පුවක්ගහහේනේ වජිරඤාණ හිමි, මාපලගම බුද්ධසිරි නායක හිමි, කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ ශාස්ත‍්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමි ඇතුළු ප‍්‍රංශයේ වාසය කරන භික්ෂූන් වහන්සේලා සමග ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමියන් පිංකම් මාලාවට සහාභාගි වීමට නියමිතය.
විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලා ඕස් බෞද්ධ පිංවතුන්ගේ ප‍්‍රමුඛත්වයෙන් මෙම වර්ෂයේ කඨින පිංකම සිදු කැරෙයි. පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසු දරුවන්ගේ කඨින පෙරහැරක් ද ඒ අතරට එක්වේ. වියට්නාම්, කාම්බෝජ, ලා ඕස, බංගලදේශ, ශ්‍රී ලාංකික බෞද්ධ සිල්වතුන්ගේ සහාභාගිත්වයෙන් කඨින චීවරය පුජා කරනු ලබයි. ඉන් පසු කඨින ආනිසංස ධර්මදේශනා, ඇතුළු බුද්ධ පූජා සිදු කිරීමට නියමිත අතර; අවසානයේ මහා දන්සැලැක් ද පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
සේරම් මහතාගේ කියමන මම සනාත කරමි . අපි පන්සලේදී මුණ ගෙසෙමු . ඔබ සියලු දෙනාට මොක් සුව පතමි (ස)
අපේ ගරුතර ආනන්ද ස්වාමීන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! සියලු කටයුතු සඵල වේවා! (නි)
කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ට මගේ ප්‍රණාමය, ඔබගේ නිහඩ සේවයට. මා දන්නා තරමට ඔබ පැරිසියේ කරනා සේවය බොහෝ නිහඩ එකක්. එහෙත් එය අප්‍රමාණයි. ඔබට තෙරුවන් සරණයි (නි)
කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගෙන් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයින්ට ඉටුවන්නේ ඉමහත් සේවයක්. එය ආගමික වශයෙන් පමණක් නොව, සමාජයීය හා සංස්කෘතිකවද කෙරෙන උදාර මෙහෙයක්. මෙවන් කටයුතු වලට අවශ්‍ය ධෛර්ය හා ශක්තියත් නිරෝගී සුවයත් අපි උන්වහන්සේට ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කමට ගරු මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන්ගේද සහභාගිත්වය ඉත සිතින් අපේක්ෂා කරමු. (නි)
සාසු,සාදු,සාදු!!! මේ කාලයේ ඉතා දුර්ලභ මිනිස් ආත්මයක් ලැබූ ඔබ සියලු දෙනාට මෙම පින්කම් දැක හෝ සහභාගි වී අනන්ත වූ පින් රස කරගන්න මෙය අවස්ථාවක් කරගන්න.හැකි සෑමදෙනාම මෙම පින්කම් වලට සහභාගි කරවා ගන්න.ආනිසංස කියාදෙන්න.කළ්‍යාණ මිත්‍රයෙක් වෙන්න. (නි)