ශ්‍රී ලංකාවේ අතොරක් නොමැතිව පැතිරී යන වකුගඩු රෝගයට පිලියම් සොයන වර්තමානයේ එය වලක්වා ගැනීමේ ඉදිරි සෞඛ්‍ය සුරක්ෂිත සැලසුම් වලට සහාය වීම පිනිස ප‍්‍රංශයේ ප‍්‍රංශ ලංකා සුභ සාධක සංවිධානය විසින් පැරීසියේ දක්ෂතා ඇගයීමේ තරගා වලියක් ජුනි 09 වෙනි ඉරිදා සවස 02ට පැවැත්වීමට කටයුතු යොදාා ඇත්තේය.
පැරීසියේ පවත්වන මෙම විශිෂ්ඨ සැඳෑවට ශ්‍රී ලංකාවේ ජනප‍්‍රියම පුවත් පත වන ඉරිදා ලංකාදීපයේ ප‍්‍රධාන කතෘ ආරියනන්ද දොඹගහවත්තලශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ආරියරත්න කලූආරච්චි මහත්වරු ප‍්‍රමුඛ සම්භාවනීය පිරිසක් සහභාගි වීමට එහි ගොස් සිටිති. එදින සැඳෑව සදහා ලංකාදීප පුවත් පත, නේෂන් ට‍්‍රස්ට් බැංකුව, පැරීසියේ සියෙල් ලංකා සංචාරක ආයතනය, ප‍්‍රංශයේ ට‍්‍රයිකෝ ආයතනය සම්භාවනීය අනුග‍්‍රහායකයෝය. යුරෝපයේ ජය ශ්‍රී සමග චායා වෛයිබ්‍රේෂන් සංගීත කණ්ඩායම් සංගීතයෙන් සහාය වෙනු ඇතග මෙම සුන්දර සැඳෑව පැරීසියේ කළාප අංක 15ට අයත් ප‍්‍රංශයේ උසම ගොඩනැගිල්ල පිහිටි මොන්ෆරනාස් නගරයේ අංක 36 රූ ඩෙ ඩෙෆාර්ට් හී බ‍්‍රසිල් ට්‍රොෆිකල් ශාලාවේදි සවස 02 සිට මහ ඉහලින් පැවැත්වීමට සියලූම කටයුතු සුදානම් කර තිබේ. මෙම ස්වර්ණමය අවස්ථාව රස විදීමට ප‍්‍රංශයේ ප‍්‍රංශ ලංකා සුභ සාධක සංවිධානය පැරීසියේ වැසියන්ට ගෞරවයෙන් ඇරයුම් කරයි. ඒ සමගම මෙම දක්ෂතා ඇගයීමේ උත්සවයට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකාවේ ප‍්‍රවීන නළු කමල් අද්දරආරච්චි මහතාගේ පැමිණීම නොවැලැක්විය හැකි හේතු සාධක මත ඔහුගේ සහාභාගිත්වය නොමැති වුවද ප‍්‍රවීණයෝ ඇතුලත් පැරීසියේ තරු සමග සැඳෑවක් පවත්වන බව ප‍්‍රංශ ලංකා සුභ සාධක සංවිධානය ලංකාදීප එසැනට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ලංකාවෙන් ඇවිල්ලා ඉන්න සම්භාවනීය පිරිස වෙන්න ඕනා. අරමුණ නම් කොහෙත්ම පැහැදිලි මදි. කි දෙනෙක් දැන් මෙහෙ නවතිනවද?(නදී)
මෙහි අරමුණ ලෙස දක්වා තිබෙන්නේ මෙලෝ රහක් නැති අදහසක්නේ. එක්කෝ ලැබෙන මුදල් වලින් වකුගඩු රෝගීන් සුවපත්කල යුතුයි නැත්නම් රෝග කාරක හේතු වළක්වන පැහැදිලි වැඩපිළිවෙලකට ඒවා වැයකළ යුතුයි.(නදී)
චේතනාව හොද නම් හොදට කෙරෙයි. නමුත් බොහොම අසරණ තත්වයක් තමයි පේන්නේ.(නදී)
ඉතාලියේ ඉන්න අපිටත් මේ වගේ වකුගඩු රෝගීන්ට උදවු කරන්න පුළුවන්. සම්බන්ධතා ලිපිනයක් තිබුණා නම් තමයි හොද (නි)
මොන තරම් විවේචන තිබුනත් ඉදිරියට ගෙනියන්න. සුබ පැතුම් ! (නි)
ආර්ථික අහේනි ලෝකේ හැමතැනම තියනවනේ ඔය කියක් හරි හම්බ කොරගත් දෙන් .(නදී)
පීටරට ජීවත්වෙන අපේ ලංකාවේ අය මොනාහරි කියල සංගම් ඇතිකරලා සල්ලි එකතු කරලා බීලා කාල නටනවා ෆොටෝ දානවා පත්තරේට උදව් කරන සිංහලයෝ ඉන්නවද පීටරට ?(නදී)
කොහෙද යන්නේ මල්ලේ පොල් , වගේ කතාවක්. පැරිස් වලත් සමිති සමාගම් බිහි වෙනවා හතු පිපෙන ගානෙට.(නදී)
ලලිත්, ඔබ හරි (නි)
සන්තෝසයි.. නියමයි නේ (දී)