ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඤාණිස්සර ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානයේ නිර්මාතෘ රණසිංහ රන්ජන් බණ්ඩාර මහතා ප්‍රධාන මව් ක්‍රියාකාරී මණ්ඩලය පැවැත්වූ සාකච්ඡාවක එකඟතාවය අනුව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරෙමින් පවතින තෙමහල් බුදු මැදුරට යාබදව ඉදිකිරීමට නියමිත මහා චෛත්‍ය රාජයා සඳහා සංවිධානයේ සභාපති මහේෂ් පීරිස් මහතා එහි මුළු වියදම අඩංගු චෙක්පත චන්ද්‍රරතන හිමියනට පිරි නැමීය.
මව්බිම කුරිරු ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට දිවිපරදුවට තබා කැපවී සිටින රණවිරුවන්ගේ සුබසාදනය නංවාලීම පිණිසම 1992ආරම්භ කළ මෙම සංවිධානයට ප්‍රංශවාසී ශ්‍රි ලාංකිකයින්ගෙන් ලද නොමඳ පරිත්‍යාගයෙන් පිහිටුවන ලද අරමුදලේ අවසන් භාගය එම ආධාර කල සියලුම දේශහිතෛෂී ලංකිකයින්ට පිං පතා මෙසේ පරිත්‍යාග කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නම ගෙනියන අපේ බෞද්ධයෝ. සාදු සාදු වාසනාවන් ඔවුන්ට.(නදී)
පරවාහැර චන්දරතන හිමිත්, කෝන්ගස්දෙනියේ ආනන්ද හිමිත්, මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියනුත් ප්‍රංශයේ සිටින බෞද්ධයන් වෙනුවෙන් හා ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලබන පවුල් වල සිසු සිසුවියන්ට අධ්‍යාපන කටයුතු සඳහා කරන ආධාරත් ඉතාමත් පැසසුම් කටයුතුයි. එතුමන් ලා අත ගසා ඇති මේ මහඟු කාර්ය මුළුමනින්ම සාර්ථක වේවා! (නදී)
මේ වැනි දානපති සිල්වත් පින්වතුන් සියලු ශ්‍රී ලංකිකයන්ට හා පරිසියටත් ආදර්ශයක් !!!! සදු සදු සදු (අ)
සිරියාවන්ත සිල්වත් පින්වතුන් පිරිසක් බව ඡායාරුපෙන් පේනවා.(අ)
අපෝ මේ කට්ටිය අපි හොඳට අඳුරනවා. (අ)
සාදු සාදු .හරිම සතුටක් වගේම මහත් ශ්‍රද්ධාවක් ඇති උනා. (නදී)
මේ කට්ටිය පැරිසියේ ඉන්න ශ්‍රී ලාංකීය කෝටිපති පින් වතු වෙන්න ඇති නේද? (නදී) .