යුරෝපයේ ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් එකම වේදිකාවක ගී ගැයූ යුරෝපා ගී තරු සැඳෑවක් පැරීසියේදි පැවැත්විණි. පැරීසියේ එවර් සයින් වාදකයන්ගේ සංගීතයෙන් රසවත් වූ මෙම සැඳෑව පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සංවිධානත්වයෙන් පැවැත්විණි.
පැරීසියේ සංවිධාන නිලධාරීන් හා ක්‍රියාකාරීන් සහභාගි වූ මෙම සැඳෑවට පැරීසියේ ග්‍රාමසේවක ලෙස හුරතල් නමින් අමතන සමාජ සේවක පුෂ්පසිරි ද අල්විස්, සිංහල සංස්කෘතික සංවිධානයේ සභාපති රංජිත් කුලතුංග ඇතුළු එහි ප්‍රධාන නිලධාරීන් වූ ප්‍රධාන සංවිධායක දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සම සංවිධායක ප්‍රංශ ලංකා සුභ සාධක සංවිධානයේ සම ලේකම් සම්පත් වර්ණකුලසූරිය, භාණ්ඩාගාරික කළුපහණ, ජයරත්න යටවර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සභාපති ඩේමියන් පීරිස්, එහි ගරු ලේකම් හා භාන්ඩාගාරික වසන්ත ලොකු පතිරගේ, නෙරන්ජන් , යුරෝපා එක්සත් ජාතික පක්ෂ පැරිස් ශාඛාවේ සභාපති රොහාන් දයාදර, ප්‍රංශ ලංකා සංවිධානයේ චමින්ද රාමනායක හා ලොයිඩ් පෙරේරා , සූර්ය උදාව සුභ සාධක සංවිධානයේ ප්‍රධාන සංවිධායිකා සුසිලා මාන්නප්පෙරුම , සිංහල සංවිධානයේ හිටපු සභාපති එජාප ශාඛාවේ උපදේශක අඡිත් රණසිංහ , මීගමු සංවිධානයේ හිටපු සභාපති රංජිත් ප්‍රනාන්දු, එම සංවිධානයේ වර්තමාන සභාපති ජයලත්, පැරීසියේ කිතුනු සංවිධානයේ හිටපු සම ලේකම් ජෝ ප්‍රනාන්දු , ඇතුළු නිලධාරීහු සමග පැරීසියේ වෙනත් බොහෝ සංවිධාන ක්‍රිකාරීහු ද සහභාගීවූහ.
පක්ෂ , වර්ණ , ජාති , ආගම් හා භාෂා බේදවලින් තොරව සියලූම දෙනා ඒක රාශිවූ යුරෝපා ගී සැඳෑව පැරීසියේ එකමුතුවට වටිනා ආදර්ශයක් වීයැයි එජාප පැරිස් ශාඛාවේ සභාපති අජන්තා කල්දේරා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරීසියේ ශාඛා සමිති වගේමයි ශ්‍රී ලංකාවෙත් ..දේශපාලන ,පක්ෂ ,වර්ණ භේදයකින් තොරව නායකයින් සමගියෙන්.ඒක ලොකු දෙයක් , රණ්ඩුවට බර සාමාජකයින් පමණයි... (දී)
මේවා ඇවිල්ල පැරිසියේ සිටින ජාතිවාදීන් ගේ කුමන්ත්‍රණ. අපි මේක තරයේ හෙළ දකිනවා. (අ)
ඉසුරු කෙනෙක් කල දෙයක් අගේ කිරීම බොහොම වටිනවා ..ඔය දන්නේ නෙතිව ඇති මේ සංගීත රාත්‍රියේ අජිත් රසිකයෙක් පමනි. එක්සත් ජාතික පක්ෂයේ සමීතියෙන් මෙය සංවිධානය කලත් මේ සදහා උපරිමයෙන් ශ්‍රමය ශක්තිය මෙන්ම කාලයද වය කලේ සාලිය කොටිගලගේ නාලක දේවේන්ද්‍රන්; ප්‍රභාත් පුන්නජි; රෙක්ස් හෙට්ටිආරච්චි ආනන්ද ධර්මසේන අජන්ත කල්දේර යන කට්ටියයි (දී)
බේදවලින් තොරව සියලූම දෙනා ඒක රාශි වූන එකනම් ඇත්තටම හොද ආදර්ශයක්.. හරිම සතූටූයි. (දී)
ඇත්තටම ඉසුරු ඔයා ඉන්නේ පැරිස් වලද (දී)
ඇත්තටම එක එක අපිට ගොඩක් වටිනවා (දී)
එලොව ගියත් දේසපාලනය අත හැරීමට නොහැකි ජාතියක් ඉන්දියානුවන් එසේ නොවේ ඉන්දියානුවන් හැටියට එකමුතු වී රට දයට මුදල් උපයන හැටි අපි දකිමු (දී)
හරිම වටිනවා.. ලස්සනයි..එකමුතුකම ලස්සනට පෙනෙනවා ..එක්කෙනෙකුගේ නම කීම අසදාරණයි,..සාමුහික ලෝකේ ඉන්න අපේ අයට ආදර්ශයක් ..ආඩම්බරයි .... (දී)
යුරෝපා ගී සැදැව සාර්ථකයි.(දිල්)
එදා විනාස වූ සිංහල සංස්කෘතික සංවිධානය ගොඩ නැගුවේ සභාපති අජිත් රණසිංහ මහතා තමයි. අපිට මතකයි එදා ප්‍රංශයේ සංවිධාන 30ක් එකතු කරලා එකමුතුවක් ගොඩනැගුවෙත් ඔබයි. අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අනුශාෂක වෙලා එතනත් එකමුතුවක් ගොඩ නගනවා ශ්‍රී ලාංකීය අපිට හරි සතුටුයි. පැරිසියේ ඉන්න දක්ෂම සංවිදායක තුමා ඔබමයි. ජයවේවා !!!!! (අ)
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ජාතියේ පියා මහා මාන්‍ය ඩී.එස්. සේනානායක නම් වූ මහකළු සිංහලයාගේ වචනයේ පරිසමාප්ත අර්ථය අර්ථවත් කරමින් සියලු මුතු පරයයි එකමුතුව ක්‍රියාවෙන් ඔප්පු කරමින් ගරු සභාපති අජන්ත කල්දේරා මහතා ඇතුළු පිරිස පැරිසිය දෙවනත් කලවගයි... (අ)
අජිත් රණසිංහ මැතිතුමනි, එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ නුදුරු අනාගතේ ඔබතුමා ඇමති වරයෙක් තමයි. ජයවේවා !!!!!!!! (අ)
ඇත්තටම ප්‍රසංගය අවසන්වී අදට මාසයක් උනත් නැටුම්වලට සහභාගී උන දරුවන්ට දීමට එකතුකළ මුදල් ත්‍යාග සභාපතිගේ දරුවන්ට මෙන්ම අනික් දරුවන්ටද වීදිකවෙදීම ලබාදුන්නේ නම් ප්‍රසංගය අංග සම්පුර්ණ බව බහුතරයකගේ අදහසය. මාසයක් ගතවී ඇතත් අනික් දරුවන්ට එය මේ වනතුරු නොලැබුන බව සියල්ලෝම දනිති. (අ)
නියම වැඩක් (දී)
පැරීසිය එකමුතු කළ යුරෝපා ගී සැඳෑව අපි බලන්න ගියා, ගොඩක් සෙනග හිටියා, උත්සවය සාර්ථකයි. (නදී)
ලේක්කයාගේ උත්සහය ඉතාමත් අගේ කොට සලකනවා .(දී)
පැරීසිය එකමුතු කළ යුරෝපා ගී සැඳෑව එක්සත් ජාතික පක්ෂය කරපු වැඩක් නේද ? ඇති සාර්ථකයි. ජයවේවා ! (නදී)
එක්සත් ජාතික පක්ෂෙට ජයවේවා ,ජයවේවා ,ජයවේවා ,ජයවේවා,ජයවේවා ,ජයවේවා ,ජයවේවා !!!! (නදී)
උත්සවය නියමයි ජයවේවා,ජයවේවා ,ජයවේවා !!! (නදී)