පැරීසියේ සිංහල භාෂාව ඉගැන්වීම සදහා ස්ථාපිත පාසැල් හී වර්ථමාන පරිනාමයට වටිනා ඉතිහාසයක් ඇත්තේය. අලංකාර ජනක , ශෝඛ ජනක, ඛේද ජනක, විශ්ම ජනක, සතුටු ජනක, විසුළු ජනක කථා පුවත් වලින් එම ඉතිහාසය පෝෂණයවී ඊට සමගාමීව පන්සල්, පල්ලි, හා වෙනත් ස්ථාන කේන්ද්‍ර කොට ශ්‍රී ලාංකික දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම සදහා පාසැල් හා දහම් පාසල් පැරීසියේ බිහිවිය.
මෙහි ආරම්භක පුරෝගාමියෝ වුයේ ප‍්‍රංශයේ ශ්‍රී ලාංකා අධ්‍යාපනික හා සංස්කෘතියක කේන්ද්‍රයයි.
ඒ අනුව දශකයේදී ප‍්‍රංශය නියෝජනය කළ හිටපු තානාපති මහාචාර්ය හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත එක් වු පැරීසියේ ශ්‍රීලාංකික සිංහල දෙමාපියෝ පිරිසක් මෙම සංවිධානය පණ නළ දුන්හ.
ඉතුරුවූ පිරිසක් ඕසෝන් අධික වායු ගෝලයෙන් අදටත් ඔක්සිජන් සපයමින් කේන්ද්‍රය රැකගනිති.
සිංහල භාෂාව හා සිංහල සංස්කෘතිය මුලික කරගත් පාඨමාලාවක් මගින් ශ්‍රී ලාංකික දරුවන්ගේ මනස වර්ධනය කරමින් දැනට පවත්වා ගෙන යන කුඩා පාසලේ නත්තල් සැඳෑවක් පසුගිය සති අන්තයේ පැවැත් වුයේය.
සිංහල පාසලක නත්තල සැමරූ එකම පාසල එය වුයේය. එයද සුවිශේෂි අවස්ථාවකි. කැරොල් ගී, සිඟිති ගී, අතරට එක්වූ ගව ලෙනේ ක‍්‍රිස්තු උපත, දේශීය නර්තන, වලින් සැඳෑවට ආලෝකය ගෙන දුන්නේය. මාපියෝ, ආදරය, සාමය, එකමුතුකම මුසුකළ මියුරු ගී හඬ සැඳෑව ආදරයෙන් පිරි සතුටු කඳුලු ගැලූ සැඳෑවක් බවට පත් කළහ.
පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ ශිෂ්‍යයෙක්වූ දැනට පැරීසියේ චායා වයිබ්‍රේෂන් වාදක කන්ඩායමේ ඕගන් වාදක රඛිත සේනාරත්න, ගායක සරත් කුමාර, නැටුම් ආචාර්ණී දමිත‍්‍රි පීරිස්, ඡායාරූප ශිල්පී කල්ප චතුරංග යන පැරීසියේ දක්ෂම කලා එකතුවේ සාමාජිකයෝ එදින සැඳෑව නත්තල් කලා ප‍්‍රසංගයක් බවට පත් කළහ.
ගුණදාස කපුගේ ගයන අම්මාගේ (රම්බණ්ඩා සෙනවිරත්න පද නිර්මාණය) ගීතය හා පියාණන්ගේ ගුණ ගීය එදින ප‍්‍රසංගයේ සියල්ලෝ සතුටු කදුළු පිරි දැසින් තම මෑණීයන් හා පියාණන් නැමැදුහ.කේන්ද්‍රයේ සංවිධායක රණවිර බන්ඩාර මහතාගේ පිලිගැනීමේ කථාව හා එහි ලේකම් අනෝමා කුමාරිහාමි මහත්මියගේ ස්තුති කථාව එදින ප‍්‍රසංගයට එක්වුයේය.
පාසලේ ප‍්‍රධාන ආචාර්ණී ජසින්තා බන්ඩාර මහත්මිය ප‍්‍රධාන ගුරුවරුන් හා පාසැලේ දෙමාපියන් එකතුවී සකස් කළ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයන්ද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය,ශ්‍රමය,ධනය, අසීමිතව,කැපකොට ඔබ මේ කරන ජාතික මෙහෙවර ආත්ම ගනනක පුරුද්දක් විය හැක. ඉපදුන දේශය මව හා මවූබස අපේ ආත්මයයි. රණවිබණ්ඩාර සභාපතිතුමනි, ජසින්තා ප්‍රධාන ගුරුතුමිය ඇතුළු ගුරු භවතුනී, ඔබගේ මේ ජාතික මෙහෙවර සදා අමරණියවනු ඇත (දී)
දරුවන් රටක මල්, එම මල් වල සුවඳ නිසිලෙස සුළඟට මුසුකොට රටකට පලදායි මිනිසෙකු ජාතියට දායාද කිරීම මවු, පිය, ගුරු, දෙගුරු, වැඩිහිටි, පුජක, දේශය පාලනය කරන ඇත්තන්ගේ වගකීමකි, යුතුකමකි. අපේ හෙළ බස, අපේ දරුවන්ට නොමිලේ දන් දෙන ඔබතුමා, ඔබතුමිය, ඇතුළු පිරිස ජාතියේ භාෂා පහන් සිලුවයි.(නදී)
නිහඩ සේවයක් අගය කළ යුතු වැඩක්. අපේ ප්‍රණාමය.(නදී)
රණවීර බණ්ඩාර මහතා සහ ජසින්තා නෝනා කරන මෙම සේවාව අගය කල යුතුය. මමත් කාලයක් මෙම පාසලේ කටයුතු කල නිසා මටත් සතුටුයි. පැරිස් සිංහල පාසැල බොහෝ කල් දිනේවා. (නදී)
පැරිසියේ සමාජ සේවකයෝ කියන්නේ කයිවාරු කාරයන්ට නෙමේයි. මේ වගේ ආදර්ශමත් රටට, ජාතියට, භාෂාවත්, දරුවන්ට ආදරය කරන මේ වගේ නිහතමාණිව කටයුතු කරන අයටයි.(නදී)
අගයමි මගේ දරුවෝ ගිනියන්න බැරි වුනත්.(නදී)
මේවා පිට රට සිටිනා අපට විනෝද වීමට හොඳ දේවල් ; හොඳට එදා විනෝද වුනා ; සංවිධායකයන්ට ස්තුතියි (අ)
ප්රධාන ගුරුවරිය ඇතුළු ගුරු මණ්ඩලය දෙමාපියන් කරන කැපවීම අපි අගය කරන්නෙමු . ඔබලාට දිරිය ලැබේවා !(දිල්)
රණවීර බණ්ඩාර සමාජ සේවයේ යෙදී සිටින්නේ 80 දශකයේ සිටයි. වැඩක් නැත්නම් ඔහු වැඩක් ඉල්ලගෙන හරි කරනවා. ඔබ සැමගේ උත්සාහයට අපගේ ප්‍රණාමය.(නදී)