බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් කෘෂිකර්ම හා පරිසර ඇමැති උදය ගම්මන්පිල මහතා අද කොළඹ 07 ශ්‍රාවස්ති මන්දිරයේ දී අද වැඩ බාර ගත්තේය.

ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර මහ ඇමැති ලෙස පත්වූයේ දෙවැනි වරටය.

පසුගියදා පැවැති දකුණු හා බස්නාහිර පළාත් මැතිවරණයේ දී පළාත් දෙකෙන්ම වැඩිම මනාප ගැනීමට ඔහු සමත්විය.

1993 දී මුලින්ම පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වූ රණතුංග මහතා පළාත් ප්‍රවාහන ඇමැති, පළාත් සෞඛ්‍ය ඇමැති ආදී තනතුරු දරමින් අඛණ්ඩව වසර 20ක් පළාත් සභාවේ කටයුතු කළේය.

අද වැඩ භාර ගනිමින් ඔහු පැවසුවේ 1993 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පළාත් සභාවවේ ජය හිමිවූයේ ජනතාවට කළ සේවය නිසා බවයි. ඉදිරියටත් ජනතාවගේ සුබ සිද්ධියට වැඩ කටයුතු කරන බව රණතුංග මහතා කීවේය.