ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය බලවතුන් වූ ගම්පහින් බස්නාහිර හිටපු මහ ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, දෙහිවල - ගල්කිස්ස ධනසිරි අමරතුංග, මහනුවර දිළුම් අමුණුගම, කොළොන්නාව හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා, මහරගම කාන්ති කොඩිකාර ඉවත් කර අලුතින් ආසන සංවිධායකවරුද දිස්ත්‍රික් සංවිධායකවරුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිති.

නව සංවිධායකවරු පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක සහ ජනපති ලේකම් පී.බී.අබේකෝන් මහත්වරුන් ඉදිරියේ දී ජනපති අතින් පත්වීම් ලැබූහ.

ආසන සංවිධායකවරු

කොළඹ දිස්ත‍්‍රික්කය

මහරගම                        -           පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පෙරේරා

දෙහිවල             -           නීතිඥ කීර්ති උඩවත්ත

බටහිර කොළඹ  -           පළාත් සභා මන්ත‍්‍රී හෙක්ටර් බෙත්මගේ

කොළොන්නාව  -           කොටිකාවත්ත මුල්ලේරියා ප‍්‍රා.සභාවේ සභාපති ප‍්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි

අවිස්සාවේල්ල   -           සුමිත් විජයමුණි සොයිසා

 

ගම්පහ දිස්ත‍්‍රික්කය

මිනුවන්ගොඩ     -           රුවන් රණතුංග

මීරිගම(සම)       -           සංජය සිරිවර්ධන

 

කළුතර දිස්ත‍්‍රික්කය

පානදුර              -           මහින්ද සමරසිංහ

අගලවත්ත         -           බස්නාහිර පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ

ක`එතර (සම*    -           බස්නාහිර පළාත් සභා අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්

මාතර දිස්ත‍්‍රික්කය

මාතර                -           දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම පෙම්සිත් රාසපුත‍්‍ර

 

මහනුවර දිස්ත‍්‍රික්කය

හේවාහැට          -           අමාත්‍ය එස්.බී දිසානායක

සෙංකඩගල       -           පළාත් සභා මන්ත‍්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

උඩුනුවර            -           මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර අබේරත්න

මහනුවර            -           මහින්ද අබේකෝන්

අකුරණ             -           මොහොමඞ් සම්සාන්

 

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය

සේරුවිල           -           නලින් ගුණවර්ධන

 

දිස්ත‍්‍රික් සංවිධායකධූර පත්කිරීම්

කොළඹ           -           සුජීවා චන්ද්‍රසිරි

ගම්පහ              -           අංජු ශ‍්‍රී ෂාම් පෙරේරා

කළුතර              -           අසංක එදිරිවීර

ගාල්ල               -           පළාත් සභා මන්ත‍්‍රී චන්න සාලිය මෙන්ඩිස් / තිසර ගුණසිංහ

මාතර                -           පසඳ යාපා අබේවර්ධන / නලින් රණවීර