IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ප්‍රසන්නගේ උසාවියෙන් ආ තිලක්ෂණි

2016-10-22-ent-68

ඇය ගණිත අංශයෙන් උසස්පෙළ හදාරා තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපාධියක් ලබා කලා ලෝකයට පිවිසි තරුණියකි. වේදිකාවෙන් සිය රංගනයට අත් පොත් තැබූ ඇය මේ වනවිට රිදී තීරයේද ස්වකීය ප්‍රතිභාව ප්‍රදර්ශනය කර ඇත. ඇය තිලක්ෂණී රත්නායකයි.

 

තිලක්ෂණි කොහොමද රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ?

2016-10-22-ent-67ඇත්තටම මම උසස් අධ්‍යාපනය ගණිත අංශයෙන් ඉගෙන ගෙන තොරතුරු තාක්ෂණ උපාධියක් ලබාගත්තු කෙනෙක්. පාසල් වේදිකාවේ මට අවස්ථාවක් ලැබුණා මැක්බත් වේදිකා නාට්‍යයේ ලේඩි මැක්බත් චරිතය නිරූපණය කරන්න. එදා තමා මට ආස හිතුණේ රංගනයට. ඒ වුණාට පාසලේ නාට්‍ය හා රංගකලාව තිබුණේ නෑ. මට ඒ ගැන ලොකු දැනුම්වත්කමක් තිබුණෙත් නෑ. ඉතින් මම මගේ අධ්‍යාපනය කරගෙන ගිය විදිහටම කරගෙන ගියා.

 

ඊට පස්සේ

ඔය අතරේ මගේ යාළුවො දෙන්නෙක් හිටියා ලක්මාල් සහ දමිත් විතාරණ කියලා. එයාලගේ අදහසක් තිබුණා නාට්‍ය ක්ෂේත්‍රයට යමක් කරන්න ඕනි කියලා. workshop එකක් තියලා නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නළු නිළියොයි අලුත් අයවයි සම්බන්ධ කරගෙන වැඩක් කරමු කියලා ඒ අය කතා වුණා. මම ඒ ගොල්ලෝ පටන්ගත්ත work shop එකට සම්බන්ධ වුණා. මට ඕනි වුණේ ලියන්න. ඒත් ඒ work shop එකේ රියැලිටි කියලා තිළිණ පෙරේරා කෙටි නාට්‍යයක් කළා. එයා මට කිව්වා රියැලිටි එකේ ගෑනු චරිත 3ක් තියෙනවා. කැමති නම් එකක් තෝරාගෙන කරන්න කියලා. එතැනදී මම කෞශල්‍යා බස්නායක කියන චරිතය කළේ. ඒ චරිතයට මට 2011 අවුරුද්දේ යෞවන, රාජ්‍ය, ප්‍රතිභා කියන සම්මාන උළෙලවල්වලදී ඇගයීමට ලක්වුණා. මම කිසිම දෙයක් නොදැන තමයි රංගනයට පිවිසුණේ. ඉතින් මට හිතුණා මේක වැඩි දුර හදාරන්න ඕනි කියලා. ඊටපස්සේ මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව ඩිප්ලෝමාව කළා. එකෙන් සමත් වුණාට පස්සේ මම කෞශල්‍ය ප්‍රනාන්දු ගාවට සම්බන්ධ වුණා. ඒ කාලේ සෝමලතා සුබසිංහ මහත්මියත් හිටියා. මගේ රඟපෑම්වල පටන් ගැන්ම එතන. ඊට පස්සේ කෞශල්‍යා අක්කගේ මාස් කියලා නාට්‍යයක රඟපෑවා. දැන් මේ වෙද්දී දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යයේ රඟපානවා.

 

චිත්‍රපටවලට සම්බන්ධ වුණේ කොහොමද?

මම මුලින්ම සම්බන්ධ වුණේ අශෝක හඳගම මහත්මයාගේ ඇගේ ඇස අග චිත්‍රපටයට. ඒකට අශෝක හඳගම මහත්මය මාව තොරා ගත්තේ සෝමලතා සුබසිංහගේ ළමා නාට්‍යවල මගේ රඟපෑම් දැකලා. ඊට පස්සේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂක කෙනෙක් වන දමින්ද මඩවල තමයි ප්‍රසන්න විතානගේ උසාවිය නිහඬයි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට මාව නිර්දේශ කළේ. එතැනදී තමා ප්‍රසන්න විතානගේ මාව උසාවිය නිහඬයි චිත්‍රපටයට තෝර ගත්තේ. ඊට පස්සේ මට විමුක්ති ජයසුන්දරගේ වයිට් ඉන් ද ඩාක් ලයිට් ෆිල්ම් එකේ පොඩි කොටසක් රඟපාන්න ලැබුණා. කෙටි චිත්‍රපටත් හතක රඟපාලා තියෙනවා.

 

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණාද?

ටෙලි නාට්‍යවලට කතා කළා. මම එක ටෙලිනාට්‍යක රඟපෑවා. ආනන්ද අබේනායකගේ ග්‍රැහැම්බෙල්වත් හිතුවද කියන නාට්‍යයේ. තව අලුත් එකක් කළා දිලුප ගුණතිලකගේ නෝ වෙයා කියලා. තාම විකාශය වුණේ නෑ. මම ටෙලි නාට්‍ය ලඝු කිරීමක් නෑ. මට චරිතය හොඳට කරන්න පුළුවන් නම් මම ටෙලිනාට්‍ය බාර ගන්නවා.

 

මේ දවස්වල කරගෙන යන වැඩ මොනවද?

දුටු තැන අල්ලනු දර්ශන වාරවලට සහභාගී වෙනවා. සෝමලතා සුබසිංහ නාට්‍ය ආයතනයේ පාසල් දර්ශනවලට සහභාගී වෙනවා. නාට්‍ය ලියන එක කරනවා. මම නාට්‍ය ලියන්න තමා ගොඩක්ම කැමති. 2014 අවුරුද්දේ මමම ලියලා අධ්‍යක්ෂණය කරලා රඟපෑවා කෙටිනාට්‍යයක තටු එනකල් කියලා. ඒ වගේම මම නාට්‍යවල ඇඳුම් නිර්මාණය කිරීමත් කරනවා.

 

ඔබ හඬ කැවීම් සඳහාත් දායක වුණා නේද?

ඔව් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක දිගු ගුවන් විදුලි නාට්‍යකට සම්බන්ධ වෙලා හිටියා කාලයක්. ඒත් වෙලාව මදිකම නිසා එකෙන් ඉවත් වුණා. ඊට පස්සේ හඬ කැවීමට යොමු වෙන්න ලැබුණේ නෑ.

රඟපෑම, ලිවීම ඇදුම් නිර්මාණය හඬ කැවීම් මේ සියල්ලගෙන්ම මොනවටද වඩා කැමති.

රංගනයෙනුයි, ලිවීමෙනුයි ෙදකෙන් එකක් තෝරාගන්න බැරැව මම ඉන්නේ. දෙකටම ගොඩක් කැමතියි.

 

වේදිකාවටද සිනමාවටද වැඩියෙන් කැමති?

වේදිකාවට. ඇත්තටම ඒකට හේතුවක් තියෙනවා. වේදිකාවේදී රංගන ශිල්පිනියකට කම්මැලිව ඉන්න බෑ. වේදිකාව උඩ හැමවෙලේම එන අභියෝගවලට එකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනි. මට හිතෙන්නේ වේදිකාව උඩ මම කවදාවත් පරණ වෙන්නේ නෑ.

 

දැනට රුකියාව රඟපෑමද?

මේ වෙනකොට නම් කර කර හිටපු ඔක්කොගෙන්ම අයින් වෙලා රගපෑම තමා කරන්නේ. ඒත් මම වෘත්තිමය විදිහට රඟපෑම කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. වෙන වෘත්තියක නියැලෙමින් රංගනයේ යෙදෙන්න තමයි මම කැමති. ඒ වගේම මට තව රඟපෑම ගැනයි ලිවීම ගැනයි ගොඩක් ඉගෙන ගන්න තියෙනවා.

 

රඟපෑමේදී ඔබ චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද?

මුලික වශයෙන්ම මම බලන්නේ මම ඒ චරිතයට කැමතිද කියලා. ඊට පස්සේ මට කරන්න දෙයක් තියෙනවද කියලා. එහෙම තියෙනවානම් මගේ වපසරිය ඇතුළේ මට කරන්න පුළුවන් උපරිමයම මම කරනවා. උසාවිය නිහඬයි චිත්‍රපටයේ මම රඟපෑවේ මට අවුරුදු 24දි. ඒ චරිතය මට විශාල අභියෝගයක් වුණා.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මුලදී නම් අම්මයි තාත්තයි තේරුම් ගත්තේ නෑ. පස්සේ මම ඒ ගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ ගොල්ලොත් දැනගත්තා මට කිසියම් දක්ෂතාවයක් තියෙනවා කියලා. දැන් ඒ අය මට උපරිම සහයෝගය දෙනවා. ඇත්තටම ගෙදරින් ඒ සහයෝගය නැත්නම් මට මෙච්චර දුරක් එන්නත් බෑ.

 

ආදරේ ගැන අත්දැකීම් කොහොමද?

පෞද්ගලිකව මට ආදරේ නැතුව ඉන්න බෑ. මම පවුලේ තනි දරුවා නිසා මට තනියම ඉන්න එක හරිම අමාරුයි. මේ වෙද්දී මට ආදරේ තියෙනවා කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

මට ඕනි ලිවීම පැත්තෙන් ඉදිරියට යන්න. මම රඟපාන්නෙත් මට ලිවීම පැත්තෙන් ඉස්සරහට යන්න ඒක උදව්වක් වෙයි කියලා හිතලා.

 

තනූ

 



අදහස් (0)

ප්‍රසන්නගේ උසාවියෙන් ආ තිලක්ෂණි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site