ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනි දා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් මත මෙම නියෝගය නිකුත් කැරිණි.
එම චිත්‍රපටය බ්‍රහස්පතින්දා (6) සිට දිවයිනේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුල් හොරා කරෙන් දැනේ... (ර)
මේ චිත්‍රපටිය ගැන මම දන්නේ නැහැ. මොකද මම එ්ක බලා නැහැ. නමුත් එඩ්වර්ඩ් පෙරේරා මහතා කියන දෙය 100% ම නිවැරදියි. ප්‍රසන්නගේ සහ හඳගමගේ නිර්මාණ හොඳින් බුද්ධියෙන් නරඹන්න. එතකොට හොඳින් අවබෝධවෙයි කාරණාව (නි)
උසාවියේ වැරදි පෙන්වාදීම වරදක්ද? පසුගිය දිනවල ඕනෑතරම් සිදුවීම් උදාහරණ ලෙස තියනවා (නි)
මේ නම් බැලිය යුතුම චිත්‍රපටයක්. ඔයතරම් හංගන රහස අපිත් දැනගනිමු. (ර)
මේවා ප්‍රසිද්ධියේ මහජනතාවට දැනගන්න ඇරීමයි කළයුත්තේ (නි)
සමහරු තොප්පිය දාගෙන තියෙන්නේ නියමෙටම (නි)
අසත්‍ය තොරතුරු අතර සත්‍ය තොරතුරුත් ඇති.? (ර)
කලාකරුවෙකුට නිදහසේ කළා නිර්මාණය ජනසතු කරන්න බැරිද .? (ර)
ප්‍රසන්න විතානගේ මහතාගේ නිර්මාණ වලට හැමදාම ප්‍රශ්න ඇයි මේ..? (ර)
ප්‍රසන්න හැම වෙලේම සමාජයේ අසාධාරනකම් තමන්ගේ කළා කෘති වලින් පෙන්නුම් කරන නිසා ඔහුට හැමදාම කුඩම්මාගේ සැලකිලි... නමුත් සත්‍යය ජය ගන්නවා නිසැකයි. (ර)
මේකනේ ඔගස්ටින් මහත්තයෝ මෙතන ප්‍රශ්නේ, අපේ අයට ඇත්ත, තිත්තයිනේ. ඇත්ත ඇහෙද්දී නයාට අඳුකොළ පේනවා වගෙයි. වැල යන පැත්තට මැස්ස ගහගෙන ඉන්නවා නම්, කාගෙන්වත් කිසිම හිරිහැරයක්, බාධාවක් නැහැ. අනික අපේ අය නව සංකල්ප කියන ඒවටත් පුදුම බියක්නේ තියෙන්නේ. (ර)
මම හිතන්නේ මේක උසාවියෙන් ගත් ඉතාම හොඳ තීරණයක්. (නි)
සමාජයේ යථාර්ථය මහජනතාව ඉදිරියට ගෙනියන්න තියෙන අමාරුව. (නි)
නඩු දැම්මා කියන්නේ ඉල්ලන් කෑමක් (නි)
ඇත්ත කියනකොට කාටකාටත් හිතට අමාරුයි. (නි)
අසාද්, මා කම්පා වන්නේ ඔබගේ ප්රශ්නයේ අන්තර්ගතය ගැන නොව මෙවැනි බොළඳ ප්‍රශ්නයක් මා වැන්නේකුගෙන් අසන්න තරම් ඔබ බොළඳ වීම ගැනයි. එහෙත් ඔබට කෙටියෙන් පිළිතුරක් දෙමි. ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ ඇස් පෑදිය හැකි විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් කිහිපදෙනෙක්ම බිහිකර පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙකුත් බිහිකිරීමෙන් පසුව මා රටින් පිටවූ බවත් මට එවැනි ඉරණමක් ඇතිකළේ ඔබ වැන්නන් විසින් බුහුමන් කර වන්දනාමාන කරන දේශපාලුවන් කිහිපදෙනෙක් නිසා බවත් සඳහන් කරනු කැමැත්තෙමි. (නි)
තමන්ගේ වෘත්තීය සමාජයේ අනෙකුත් අයට නැති වරප්‍රසාද ලබාගැනීම සුදුසු නැහැ. දොස්තරගේ දරුවාට සුපිරි පාසලේ සිට නඩුකාර උන්නාන්සේගේ නම්බුව දක්වාම රටේ අනෙකුත් වෘත්තිකයන්ට හිමි වියයුතු නැති වරප්‍රසාද සාධාරණද? (නි)
අසත්‍ය තොරතුරු ඇත්නම් ප්‍රදර්ශනය කළාට පස්සේ කෝටි ගණනක් ඉල්ලලා නඩු දාන්නනේ තිබුනේ. (නි)
කිසියම් කලා නිර්මාණයක් කරන්නේ සත්‍ය සිද්ධියක් හෝ සිතට ආ අදහසක් පදනම් කරගෙනයි. හැබැයි කිසිම පුද්ගලයෙකු පදනම් කරගෙන කලා නිර්මාණ කරන්නේ නැහැ. ඔය කියන විදිහට කිසිම කලා නිර්මාණයක් කරන්න බැහැ. ඔය විදිහට පොතක් ලිවිම කරන්නවත්, චිත්‍රයක් අඳින්නවත්, කාටුනයක් අඳින්නවත් නීතියෙන් බැහැනේ. තමන්ගේ චරිතය කිසියම් කලා නිර්මාණයකට ගාවාගන්න හදනවා නම් එය මෝඩකමක්. මේ පුද්ගලයා දැන් විශ්‍රාමිකයි, ඒ නිසා රාජකාරිමය වශයෙනුත් බාධාවක් නැහැ. එදත්, අදත්, හෙටත් කලා කෘති බිහිවේවි. එ්ත් ඒවාට බාධා කරනවා නම් එය මිනිස් අයිතිවාසිකම් අහිමිකිරීමක්. (නි)
ආචාර්ය එඩ්වර්ඩ්, මම ඔබතුමාව දන්නේ නැහැ. නමුත් ඔබතුමා කරපු ලොකුම වැරැද්ද අර දේශපාලුවා බිහිකිරීමයි. එයා වැඩක් කරන හොරෙක් නොවන කෙනෙක්ද? (නි)
මෙය චිත්‍රපටයට දුන්න ප්‍රචාරයක්...... පරිසරයට අහිතකර පෝස්ටර් ,ප්රචාරක දැන්වීම්, අනවශ්‍යය්. ඒ සඳහා වැයවන මුදල රත්නායක මහතාට පින් පතා පොදු සේවයකට යොදන්න. (බ)
ඇත්ත පැණි රස නොවේ. තිත්ත වේ. චිත්‍රපටිය දැකල ප්‍රේක්ෂක ජනතාවට දැනගන්න පුළුවන් ඇත්තට වඩා යමක් එක තහනම් කළාම දැනගන්න පුළුවනි නේද? මහත්වරුනි හමන සුළඟට වැට බැඳ නවතාලිය නොහැක. (බ)
ඒ කාලේ කහට කෝප්පය බිල සෙරෙප්පු දෙකක් නැතිව මුලික පහසුකම්වත් නැති පාසල් වලට යන දරුවන් ලක්ෂ ගණනක් හිටිය.ඒ ගැනත් චිත්‍රපටයක් හදන්න මම අදහස කරගෙන ඉන්නේ. (බ)
ප්‍රසන්න හොඳ සිනමා කරුවෙක් කළේ ඔහුගේ නෛසර්ගික හැකියාව පමණක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව කුප්‍රකට කුමන්ත්‍රණයක් දියත් කර ඇති අදෘශ්‍යමාන බලවේග විසින් ඔහුව ජාත්‍යන්තර මට්ටමේ සිනමා කරුවෙක් ලෙස ඔසවා තැබීමත් සමගයි. බිහිසුණු ත්‍රස්තවාදය ට විරුද්ධව අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන විට ඒ වීරයින් පාදඩයින් ලෙස හඳුවාදීමේ දීන උත්සාහයට ජාත්‍යන්තරයෙන් සම්මාන ලබා දුන් ආකාරය බොහෝ ශ්‍රී ලාංකිකයින්ට අමතකය. කලාව ඇත්තේ විකුණාගෙන කන්න නොව, බලපෑමෙන් තොරව ප්‍රේක්ෂකයෙකුට රසවිඳීමට හැකි නිර්මාණ බිහිකිරීමටය. වල් බූරු නිදහස නීර්මාණාත්මක බවේ පරම හතුරාය. (බ)
එඩ්වර්ඩ් සමඟ මම එකඟයි (නි)
එඩ්වර්ඩ් පෙරේරා - ජර්මනිය, නිකරුනේ නිර්දෝෂී කලාකරුවන්ට නින්දා අපහාස කරනවාට මම විරුද්ධයි (නි)
මාධ්‍ය විසින් සියල්ල හෙළිකළා නොවේද. උසාවියට මිනිසුන් ගල් ගැසුවේ මන්ද? (නි)
යුරෝපය ලංකාවට විරුද්ධව ක්‍රියා කරනවා කියා කියා එඩ්වඩලා ජර්මනියට වෙලා මොකද කරන්නේ.? (ර)
එඩ්වඩ් පෙරේරා, පාට කණ්ණාඩි දාගෙන, ජාතිවාදය කරපින්නාගෙන, දේශපාලනය හීනමානය හිසමත දරාගෙන, පුජනීය කලාකරුවාගේ නිදහස් චින්තනයේ නිර්මාණ හෑල්ලු නොකරන්න. යුද්ධය හා රණවිරුවා දේශපාලන වෙළඳ භාණ්ඩයක් කරන්න එපා (නි)
ප්‍රසන්න විතානගේ කලාකරුවාගේ විශිෂ්ට නිර්මාණයක් පැරිස් වලදී ප්‍රදර්ශනයකදී එක්තරා පිරිසක් බරපතල විරෝධයක් පැවා. නමුත් එය එතනම පළවුණා. මේකටත් එහෙම වෙයිද? (නි)
අපි බලමු මොකක්ද අන්තිමට සිද්ධවෙන්නේ කියලා (නි)
එඩ්වඩ් පෙරේරා මහත්මයා, ඔබ සඳහන් කළ විස්තර පිළිබඳව දන්නේ අතළොස්සක් පමණයි කියා දන්නෙත් අතළොස්සකි. කලාව තුළ ජනප්රියත්වයයි සම්මාන ලැබීමයි අතර විශාල වෙනස්කමක් තිබෙනවානේ. කලාකරුවාට සම්මාන වලට වඩා වටින්නේ ජනතාව තුළ ජීවත්වීමයි. ප්‍රසන්නගේ කලා කුසලතාවක් තිබුනත්, ඔබ කී පරිදි ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව අදෘශ්‍යමාන බලවේගයකට ඔහු නතුවී ඇතිබව ඔහුගේ චිත්‍රපටයට ලැබී ඇති තත්වය තුළින් හෙළිවේ. (නි)
එඩ්වර්ඩ් පෙරේරා විසින් මිනිසුන්ට අමතකව ගිය දෙයක් මතක්කර දුන් එක ගැන එතුමාට මගේ ආචාරය! (නි)
ජාත්‍යන්තර සම්මාන දිනාගන්න ඕනෑකමට සමහරු බුදු සමයට හා බොදු හැදියාවට පහර ගහනවා. (නි)
එඩ්වඩ් පෙරේරා එක්ක මම එකඟ වෙනවා. (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ, කොහෙද යන්නේ මල්ලේ පොල් කියලා කතාවක් හදන්නකෝ. (නි)
වෙන දේවල් බැලුවහම, තීන්දු ගැන ගැටලු ඇතිවෙන අවස්ථා එමටයි. නමුත් මේ චිත්‍රපටියට දාලා තියන නම සුදුසු නැහැ කියලයි හිතෙන්නේ (නි)
මම සිංහල සිනමාවෙ දැනෙන කෘතියක් මෙ කාලයට ඇහුනෙ නැතිතරම්. මේක මාකටින් එකක් වෙන්නත් පුලුවන්. මම අන්තිමට බැලුවෙ මචන් ෆිල්ම් එක. (ර)
ප්රචාරණයටත් හොඳයි වගේ (නි)
ප්‍රසන්න තව තව රටේ දුෂණ ඔබේ නිර්මාණ තුලින් ජනතාව දැනුවත් කරන්න .ඇත්ත බුද්ධිමතුන්ට පැණි රසයි. ඔබට ජය නියතයි ..!!! (බ)
ගණන් ගන්න එපා... (ර)
එඩ්වර්ඩ් පෙරේරා, ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. ඔබ මොනවාද මේ කියන්නේ? ඔබටම හරියන කීපදෙනෙකුත් මෙහි ඉන්නවා. (නි)
ආචාර්ය පෙරේරාගේ කතාව හරියටම හරි. ප්‍රසන්නගේ නිර්මාණ කුසලතාව ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් එයා චිත්‍රපටි හදන්නේ මාකට් එකට. මෙතැනදී තවත් දෙයක් කියන්න ඕනෑ. මේ මහේස්ත්රාත්තුමාට කලබල වෙන්න දෙයක් නැහැ එයා හරි නම්. (නි)
පැරිස් වල ප්‍රසන්නගේ නිර්මාණයක් පෙන්නනකොට පැරිස් කාඩ්බෝඩ් වීරයෙක් උඩුබිරුවා අපිට මතකයි. ඕකත් ඉතින් එහෙමයි (නි)
එඩ්වර්ඩ් පෙරේරා මහතා හරි (නි)
තමන් වැරද්දක් කරලා නැත්නම් මොකද මහේස්ත්‍රාත් තුමා කලබල වෙන්නේ? (ර)
නියමයි එඩ්වඩ් මහතාණෙනි (නි)
බාධක මැඩගෙන ඉදිරියට යාමයි වැදගත් (නි)
ඵල ඇති රුකටනේ ගල් වදින්නේ (නි)
රාජපක්ෂලා කෝටිප්රකෝටි ගණනින් ගසා කද්දී, රටේ අසරණ දුප්පත් දරුවන්ට කන්න අඳින්න දෙන්න නැතුව මොනතරම් අම්මලා දරුවන් සමඟ ගඟට මුහුදට පැනලා මැරුණද? ඒ ගැනත් චිත්‍රපටයක් හදන්න මම අදහස් කරගෙන ඉන්නේ (නි)
ප්‍රසන්න කියලා තියනවද ඔය පුද්ගලයා ගැන තමයි මේ කියන්නේ කියලා. එහෙනම් වැරදියි. ඇයි අපරාදේ තොප්පි දාගන්නේ. දැන් කවුරුත් ඔය චිත්‍රපටිය බලන්න උනන්දු වේවි. මොකද එ්කේ ඉන්නේ කවුද කියලා නමින්ම දන්නවනේ. (නි)
මාර්ක් සකර්බග් ගැන හොලිවුඩයේ චිත්‍රපටියක් නිපදවුණා. මාර්ක් සකර්බග්ට ෆිල්ම් එක ගැන කියන්න තිබුණේ ඔයටිකම තමා. එයාගෙ කෝණයෙන් බැලුවහම එවැනි කරුණු සාමාන්‍ය ජනතාව දැනගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඕනෑ කෙනෙකුට එහෙමයි මම හිතන්නෙ. එ්ත් පෙත්සම් ගහලා නවත්තන්න පුලුවන්නම් මිනිසුන්ටම තාමා බලපෑම. මේක උදාහරණයක් විතරයි. (නි)
නීතියක් නැති රටකත්, වනචාරීන් ඉන්න රටකත් අතර ඇති වෙනස කුමක්ද? මේ චිත්‍රපටයේ පෙන්වන්නේ තවත් එවැනි නීතිය නිහඬ වූ අවස්ථාවක්. මිනිස්සු මෙවැනි දේ බලා හරි රටේ තත්වය ගැන දැනුවත් වුණොත් සමහරවිට වනචාරීබවෙන් මිදෙන්න අපිට පුළුවන් වෙයි. (නි)
තොරතුරු දැනගැනීමේ පනත සම්මත වූ යුගයක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අවසර ඉල්ලා ප්‍රේක්ෂකයන්ට නඩු නිමිත්තක් උද්ත්ගතවී ඇත. (ර)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ, මොකද ඔබට ජීවත්වුණා ඇති කියලා හිතුනද?